Darvaza ගෑස් ආවාටය

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අපාය කියල එකක් තිබුණත් නැතත් අපායෙ යන්න කවුද කැමති? පණපිටින් අපායේ යන්න සුදුසු අයත් ඉන්න මේ මිහිපිටම සැබෑවටම "අපායේ දොරටුව" ත් විවරවෙලා තියෙනවා. වාර්තා වන අන්දමට නම් භූ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම අපායේ දොරටුව විවර කර තිබෙන්නේ අහම්බයකින්. 1971 වර්ශයේදී සෝවියට් දේශයට අයත් ව තිබූ ටක්මිනිස්‍ටාන් (Turkmenistan) හි කැරකුම් (Karakum) කාන්තර ප්‍රදේශය තුළ කැණීම් කටයුතුවල නිරතව සිටියදී ක්‍රියාත්මක කර තිබූ කැණීම් යන්ත්‍රය අහම්බයකින් පොළෝ කුහරයේ තිබූ සොබහවික ගෑස් නිධියක් කැණීමකට ලක් කර තිබෙනවා. ප්‍රතිඵලය වුණේ විෂ සහිත මීතේන් වායුව පිට කරනා විශාල ආවාටයක් නිර්මාණය වීමයි. සිදුවෙමින් පවතින පාරිසරික ව්‍යසනය වැළක්වීම සඳහා ඔවුන් විසින් ආවාටයට ගිනි තබා තිබෙනවා. එදා ඇවිළුනු ඒ ගිනි දැල් අදත් නොනවත්වාම දැල්වෙමින් පවතින නිසාම ගිනිගන්නා අද්භූත ආවාටය "අපායේ දොරටුව" ක ස්වරූපයෙන්ම මෙයාකාරයෙන් දර්ශනය වනවා. ලොව සංචාරක ආකර්ශනයක් ලැබෙන දුර්ලභ ස්ථානයක් ලෙසින් Darvaza ගෑස් ආවාටය පත්වුණා.

    67255094-10218607266795042-7671784761525796864-n.jpg


    67375790-10218607268275079-7804250430631837696-n.jpg


    67233938-10218607267555061-7380670679907041280-n.jpg


    67494888-10218607267275054-3401919973117919232-n.jpg


    67731034-10218607267835068-5197430544404578304-n.jpg


    https://www.facebook.com/groups/804276106323782/permalink/2390304111054299/
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    mata hithaaganda bari mun ai meka power source ekak widihata pawichchi karanne naththe kitalaa, nuclear walata wada me patta safe ne :)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    tfs

    You must spread some Reputation around before giving it to kavindu84 again.