මැදමහනුවර

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොළඹ ඉඳන් මහනුවර හරහා මැදමහනුවරට දුර කි. මී. 175 යි. මහනුවර සිට කි. මී. 32 යි. මහනුවරින් පසු මහියංගන පාරේ සුන්දර කඳු බෑවුම් හරහා තමයි, මේ පාර දිව යන්නේ. ටික කාලෙකට පෙර මේ පාර කාපට් කර වැඩිදියුණු කළ නිසා, දැන් යන්න හරිම ලේසි යි. නකල්ස් කඳුබෑවුම්වලින් වට වූ මේ පෙදෙස ඉතා සොඳුරු වටපිටාවක් මවනවා. උඩරට රාජධානි සමයේ සිංහල රජවරුන්ගේ ආරක්ෂක කලාපයක් ලෙස මේ ප්‍රදේශය සැලකුණා. ඒ පෘතුගීසි, ලන්දේසි, සහ ඉංග්‍රීසි සතුරු හමුදාවලට පැමිණීමට දුෂ්කර ගිරිදුර්ගවලින් අවට පිරී පවතින නිසයි. මැදමහනුවර අවට පිහිටි දැකබලා ගත යුතු තැන් කිහිපයක් ගැන ඔබ දැනුවත් කරන්න යි මේ උත්සාහය.
    මැදදුම්බර පිහිටි මැදමහනුවර

    5vbec74KPyFGtHGM_1.jpeg

    මැදමහනුවර අවට ස්මාරක පිහිටීම- lakdasun.orgමහනුවර දිස්ත්‍රික්කයේ, මැදදුම්බර ප්‍රා. ලේ. කොට්ටාසයට තමයි මැදමහනුවර අයිතිවෙන්නේ. කලකට ඉහත මේ පැත්තට කිව්වේ ඌරුගල කියලයි. බෝමුරෙ, මැටිදෙනිය, මොරගහමුල, දොරලියැද්ද, රඹුක්පොත, මංගොඩ කියන ගම්මානවලින් මැදමහනුවර සමන්විත යි. ඉංග්‍රීසි ජාතික ජේ. එම්. එස්‌. හැමිල්ටන්ගේ වාර්තාවක මැද මහනුවර ගැන මෙවැනි තොරතුරක්‌ එයි. "දේශපාලන බෙදීම් අනුව ප්‍රධාන තැනක්‌ මෙන්ම ඓතිහාසික වැදගත්කමක්‌ ව තිබූ මැදසියපත්තුව නාමයෙන් මැදමහනුවර බිඳී ගොස්‌ ඇත. මැදමහනුවර එක්‌ අතකින් මහනුවරටත්, අනිත් අතින් අලුත් නුවරටත් "මහියංගනය" අතර පිහිටා තිබෙන ආරක්‍ෂක ස්‌ථානයකි.”
    මැදමහනුවර රජමහා විහාරය

    dBhbaNPmfXQ9ahl5_2.JPG

    රජමහා විහාරයේ නූතන විහාර මන්දිරය- කුසුම්සිරි විජයවර්ධනමහනුවර සිට එන විට අපට මුලින්ම හමුවන්නේ මැදමහනුවර නගරයට ආසන්න ව පිහිටි රජමහා විහාරය යි. මහා මාර්ගය අද්දර ම පිහිටි විහාරයක්. උඩරට රාජධානි සමයේ දී ආරම්භ වූ විහාරයක් වශයෙන් එය සැලකෙනවා. විහාරයට නුදුරින් ගලා යන්නේ දුම්බර කඳුවැටිවල සිට ගලනා ගල්මල් ඔය යි. අද අපට මෙම බිමේ දකින්න ලැබෙන්නේ නූතන යුගයට අයත් විහාර ගොඩනැඟිල්ලක්. එහි තිබූ පැරණි විහාරය විනාශ වී ගිය පසු ව තමයි අලුත් විහාරය ගොඩනංවා තිබෙන්නේ. පැරණි විහාරයේ තිබූ කැටයම් දැව කුලුනු, සහ පැරණි කරඬු ආදියත් අපට දැකගැනීමට පුළුවන්. උඩරට රාජධානි සමයේ විමලධර්මසූරියගෙන් පසු ව රජ වූ සෙනරත් දුර්වල රජෙක්. ඔහුගේ රජ කාලයේ (1604-1634) පෘතුගීසින් උඩරට ආක්‍රමණය කරන විට දළදා වහන්සේ ආරක්ෂාව සඳහා මේ විහාරයේ ටික කලක් තැන්පත් කර පුද පූජා පවත්වා තිබෙන බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ නිසා මැදමහනුවර පූජනීයත්වයෙන් සලකනවා. පසු ව ඉංග්‍රීසි පාලන සමයේ සිදු වූ උඩරට ආක්‍රමණයක දී ද දළදා වහන්සේ කෙටි කාලයකට මැදහනුවරට වැඩම කර තිබෙනවා. ඵෙතිහාසික මැදමහනුවර කොඩිය හා මැදදුම්බර කොඩියත් මේ විහාරයේ සුරක්ෂිත ව තැන්පත් කර තිබෙනවා.
    මැදමහනුවර ආරක්ෂිත මාළිගය

    OzKc3m3ltCRv3EIL_3.JPG

    මාළිගය පිහිටි ස්ථානය- කුසුම්සිරි විජයවර්ධනවිහාරයට නුදුරින් එළවළු වගාබිම් අතර පිහිටි පැරණි නටබුන් සහිත පස්ගොඩැල්ල, පුරාණ මාළිගය තිබූ ස්ථානය බවට හඳුනාගෙන තිබෙනවා. එය හඳුන්වන්නේ නුවර වත්ත නමින්. මෙම භුමිය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. අඩි 150ක් පළලින් සහ අඩි 100ක් පමණ දිගකින් යුක්ත මෙම භූමිය මළු තුනක් වශයෙන් සකසා තිබෙනවා. එදා රජු ආරක්ෂාව අවශ්‍ය කාලයට මෙහි පැමිණ නවාතැන් ගත් බව යි පැවසෙන්නේ. පැරණි ප්‍රාකාරවල කොටස්, ගල් පුවරු කිහිපයක් හැර වෙනත් නටබුන් මෙහි දැකගැනීමට නැහැ. මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීම් කිරීමකින් අප නොදන්නා කරුණු මතුකර ගැනීමටත් ඉඩ ලැබිය හැකියි. දැනට මෙම පුරාවිද්‍යා ස්මාරකය වටා කටුකම්බි වැටක් ගසා ආරක්ෂා කර තිබෙනවා.
    cxaTZwNZfh7w59Sf_4.JPG

    මාළිගා බිමේ නටබුන්- කුසුම්සිරි විජයවර්ධනමෙහි මුලින්ම මාළිගාවක් ඉදිකළේ පළමුවැනි විමලධර්මසූරිය නමින් රජ වූ කොනප්පු බණ්ඩාර බව පැවසෙනවා. මැදමහනුවර රාජකීය මාළිගාවක් තනා, ඊට "කෝංගහයට මාළිගාව"ය යි නම් තැබී බව යි සඳහන් වන්නේ. දෙවැනි රාජසිංහ, සෙනරත්, සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් ද මෙහි ඓතිහාසික කථා පුවතට සම්බන්ධ චරිත වෙනවා. මොවුන් විසින් කරවන ලදැ යි කියවෙන වෙහෙර විහාර, රජමාළිගා හා ආරක්‍ෂක බල කොටු, සහ උමං මාර්ගයන් ආදිය ද කැඩී බිඳී ජරාවට ගොසින්. දැනට ඉතිරි ව තිබෙන නටබුන් ස්වල්පය රූස්‌ස ගස්‌ කොළන් හා වන සතුන්ගෙන් ආරක්‍ෂා වෙමින් තිබෙනු දැකගත හැකියි.
    පෘතුගීසි පාලනය ලක්‌දිව පැවති සමයේ ඊට විරුද්ධ ව සටන් මෙහෙයවීමට විමලධර්මසූරිය රජතුමා සේනා සංවිධානය කළේත් මේ මැදමහනුවර ඓතිහාසික බලකොටුව තුළ සිට බව ජනප්‍රවාද පවසනවා.
    නමුත් කලක් තිස්සේ මේ අවට විවිධ වගාවන්වලට යොදාගැනීම නිසා පුරාවස්තු විනාශ වී ගොස් ඇති බව පේනවා.
    මැදමහනුවර කන්ද

    e65Uv9xNAFSDqc0H_5.JPG

    කන්ද හුන්නස්ගිරියට දිස්වන අයුරු- කුසුම්සිරි විජයවර්ධනමැදමහනුවර නගරය පසුකර ඉදිරියට යන විට හුන්නස්ගිරිය නගරයට අපි පිවිසෙනවා. මහියංගන පාරේ උස ම ස්ථානය තමයි හුන්නස්ගිරිය කියන්නේ. මැදමහනුවර කන්ද දැන් හඳුන්වන්නේ හුන්නස්ගිරිය කන්ද නමින්. හුන්නස්ගිරි නගරයට එපිටින් ඉහළ නඟින මේ කන්ද නැඟීම නම් තරමක් දුෂ්කර ව්‍යායාමයක්. කන්ද මුදුනේ ආරක්ෂක බලකොටුවක්, මැද ඉදිකර තිබූ මාළිගාවක නටබුන් ශේෂ දකින්න ලැබෙනවා. ප්‍රාකාරවල කොටස්, ගල්කුලුනු කොටස් ආදිට එහි තැනින් තැන තිබෙනවා. මෙම බලකොටුව ඉදිකෙරුවේ සෙනරත් රජු විසින් බව පැවසෙනවා. දැනට වනගත ව ඇති එම බලකොටුවේ නටබුන් අඩි 4372ක්‌ පමණ උසැති එම කන්ද තරණය කරන ඔබට දැක ගත හැකියි.
    ph8JPZGTzxewTHV3_6.JPG

    මැදමහනුවර ගම්මාන- කුසුම්සිරි විජයවර්ධනමැදමහනුවර කන්දට පිවිසීමට රහස්‌ උමඟක්‌ පුරාණයේ මැදමහනුවර බෝමුරේ නම් ග්‍රාමයේ සිට තිබු බවට ජනප්‍රවාදයක් තිබෙනවා. ලක්‌දිව අන්තිම රජු සුද්දන් විසින් අත්අඩංගුවට ගත් ස්‌ථානය වූ මැදමහනුවර බෝමුරේ ගමේ දියඇල්ලක් යටින් රහස්‌ උමඟේ ප්‍රධාන දොරටුව පිහිටා තිබුණු බවත්, ශ්‍රී වික්‍රම රජු බිසෝවරු සමග එහි ගියේ උමඟ ඔස්සේ කඳු මුදුනේ මාළිගයට ඒමට බවටත් ජනප්‍රවාදවල සඳහන්. එහෙත් ඔහුට එයට අවස්ථාව ලැබී නැහැ. අද වන විට ඉවුරු කඩාවැටී උමඟ විනාශ වී ඇතැ යි පැවසෙනවා.
    අවසන් රජු අල්ලා ගත් බෝමුරේ

    bAtB4Rn9vgLPUWur_7.jpg

    රජු අල්ලා ගත් තැන පිහිටි ස්මාරකය- charithmania.blogspot.comමහනුවර සිට මහියංගණය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කි. මී. 31ක් ගමන් කළ විට මොරගහමුල හන්දියට අප පිවිසෙනවා. මොරගහමුල සිට කිතුල්ගහරාව හරහා ගමන් කළ විට බෝමුරේ බෝධිඅංගනාරාම විහාරස්ථානය හමුවෙනවා. එතැන් සිට වෙල්යායෙන් ඉහළට ගමන් කළ විට බෝමුරේ උඩුපිටිය ගම්මානය දැකගැනීමට ලැබෙනවා. ඒ 1815 පෙබරවාරි 18 වැනි ඉරිදා දිනයේ හවස් කාලයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගත් තැන යි. උඩුපිටිය ගම්මානයේ නිවසක සැඟ ව සිටින විට යි රජු අල්ලාගත්තේ. ඉන්පසු, රජු සැඟව සිටි උඩුපිටිය ආරච්චිගේ නිවෙස ගිනි තබා විනාශ කළ බව ජනප්‍රවාදයක සඳහන් වෙනවා. 1900 පමණ වන විට නිවෙස තිබූ ස්ථානයේ සියඹලා ගස් කිහිපයක් හැර වෙනත් දෙයක් තිබී නැහැ. 1906 සිට 1910 දක්වා මහනුවර මහ දිසාපති ලෙස ක්‍රියා කර ඇති ජෝන් පෙන්රි ලුවී නම් ඉංග්‍රීසි ජාතිකයාගේ මැදිහත් වීමෙන් 1908 දී උඩුපිටියේ ආරච්චිගේ නිවෙස තිබූ ස්ථානයේ ශිලාමය ස්ථම්භයක් පිහිටුවීමට පියවර ගත්තා.
    xTvkprnB1dSfC8gF_8.jpg

    ස්මාරකයේ සඳහන් වැකියක් - charithmania.blogspot.comදේශීය කැටයම් ශිල්පීන්, ශිලාමය ස්ථම්භය තනා ඇත්තේ බෝමුරේ හා ගල්ලැහැවත්ත මැදින් ගලා බස්නා ඔයේ ඉහළ කොටසේ ස්ථානයක දී යි. ස්ථම්භය රජතුමා අල්ලාගත් ස්ථානයට රැගෙනවිත් තිබෙන්නේ ඇතෙක් ලවා ඇද්දවීමෙන්.
    එම ශිලා ස්ථම්භය අතීත රහස් පසවන නිහඬ ස්මාරකයක් ලෙස අදත් තිබෙනවා. දෑත් බැඳ රජතුමා හා බිසෝවරු පහළට ඇදගෙන විත් ඇත්තේ බෝමුරේ වෙල්යායක් මැදින් බවත් පැවසෙනවා. එම වෙල්යායේ අද දිනයේ ද වී වගාව දක්නට ලැබෙනවා. රජු අල්ලාගැනීමට ගිය සිංහල නිලධාරින් ම රජුට හා බිසෝවරුන්ට වධ දුන් බව යි සඳහන් වන්නේ. බෝමුරේ වෙලේ පහළ ස්ථානයේ සිට තෙල්දෙණිය දක්වා රජතුමා දෝලාවෙන් රැගෙන ගිය මාර්ගය පිළිබඳ මේ මොහොත වනතෙක් කිසිවෙක් නිශ්චිත තොරතුරක් එළිකර නැහැ. එහෙත් ඩොයිලිගේ දිනපොතේ සටහනකින් රජතුමා රැගෙන ගිය මාර්ගය පිළිබඳ වැදගත් තොරතුරක් හෙළිකර ගත හැකි වී තිබෙනවා. ඇළ දොළ සහිත උඩුපිටිය ඉතා සුන්දර ගම්මානයක්. හෙල්මලු ආකාරයට කළ, වී ගොවිතැන එහි කැපී පෙනෙනවා.
    වැවේතැන්නේ සොඳුරු පාරාදීසය

    TFC4ScHmZOXW9gH2_9.jpeg

    වැවේතැන්න ගූගල් සිතියමේ - lakdasun.orgමැදමහනුවර නගරය පසුකර මඳ දුරක් හුන්නස්ගිරිය පැත්තට එන විට හමුවන හුළං වංගුවෙන් (උස අඩි 1989) හැරී රජගල පාරේ පැමිණ රජගලින් හැරී ගමන් කිරීමෙන් කඳු මුදුනක පිහිටි තැනිතලාවක සුන්දර ජලාශයක් සහ නැරඹුම් ස්ථානයක් වෙතට ළඟාවීමට පුළුවන්. හුළං වංගුවේ සිට මේ ස්ථානයට කි. මී. 9ක් දුරයි. මෝටර් රථයකට නම් යාමට අපහසු යි. රජගල පාරේ ගොස් හැරී බෝමුරේට යාමටත් පුළුවන්. සොබාදම් රසිකයන්ගේ සිත්ගත් මේ ස්ථානය හඳුන්වන්නේ වැවේතැන්න කියලයි. එය අඩි 3884ක් (මීටර 1177)ක් උසින් පිහිටා තිබෙනවා. කඳුකරයේ පිහිටි තැනිතලාව අපට හෝටන් තැන්නේ මතකයන් කැඳවීමට සමත් ස්ථානයක්. මෙහි පිහිටි කුඩා ජලාශය ඒ සුන්දරත්වය තවත් ඉහළ නංවනවා.
    වනගත වටපිටාවක සිට අංශක 180ක කෝණයකින් අවට කඳුකරයේ සුන්දර දර්ශනයක් මෙහි දී බලා ගැනීමට ලැබෙනවා. පහළ කඳුකරයේ පිහිටි වික්ටෝරියා ජලාශයේ රමණීය දර්ශනය ඒ අතර කැපී පෙනෙනවා. කඳු අතර සැඟවුණු පාරාදීසයක් වශයෙන් පරිසර සංචාරකයන් මේ ස්ථානය හඳුන්වනවා.


    Source : Roar