Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Date wima
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න හේතු (Irregular periods)

මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල කාන්තාවන් අත්දකින ඔසප් වීම සාමාන්‍යයෙන් චක්රයක ආකාරයෙන් සිදු වෙන්නේ. මෙම චක්‍රයේ කාල සීමාව දින 21 සිට දින 45 අතර වෙනස් විය හැකි වුවත් බොහෝ කාන්තාවන්ට දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනව. දින 21කට වඩා අඩු කාලයකින් හෝ දින 45කට වඩා ප්‍රමාද වී ඔසප් වීම අසාමාන්‍ය තත්වයක්.

ඔසප්වීම හඳුනා ගන්නේ මාසිකව යෝනි මාර්ගයෙන් සිදු වන රුධිර වහනය මගින්. රුධිර වහනය ආරම්භ වූ දිනය චක්‍රයේ පලමු දිනය ලෙස සලකනව. මෙය පාලනය වෙන්නේ ශරීරයේ හෝමෝන මට්ටම් වෙනස් වීම මගින්. හෝමෝන වල ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙන්නේ මොළයේ ඇති හයිපොතැලමස කියන ප්‍රදේශය. එමගින් නිපදවන GnRH කියන හෝමෝනය මගින් පිටියුටරි ග්රන්ථියෙන් හෝමෝන නිපදවීම පාලනය කරනව. මෙම හෝමෝන මට්ටම් චක්‍රාකාරයෙන් වෙනස් වෙන නිසා ඊට අනුරූප ව ඩිම්බ කෝෂවල වෙනස් කම් සිදු වෙනව.

ඔසප් චක්‍රයේ මුල් දින 14 තුල ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීම සිදු වෙන්නේ. මේ කාලය තුල ඩිම්බ කෝෂ වලින් ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවනව. එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තිය මත පිළිසිඳ ගත් කලලයක් තැන්පත් වීමට සුදුසු පරිසරයක් ඇති කරනව. 14වන දිනය වන විට ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිට වීම සිදු වෙනව. ඉන් අනතුරුව ඩිම්බ කෝෂයේ ඩිම්බය පිටවූ ස්ථානයෙන් දිගටම තව දින 10ක් පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිපදවීම සිදු කරනව. පසුව මෙම සෛල හැකිළී යන අතර රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වෙනව. මේ නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තිය බිඳවැටී රුධිර වහනය ආරම්භ වෙනව.

ඉහත හෝමෝන චක්‍රය විවිධ හේතු නිසා බිඳ වැටෙන්න පුළුවන්. අධික ලෙස ව්‍යායාම වල යෙදීම, මානසික ආතතිය වැනි හේතු නිසා මොළයේ හයිපොතැලමස ප්‍රදේශයෙන් හෝමෝන නිපදවීම අක්‍රමවත් වී ඔසප්වීම අක්‍රමවත් වෙන්න හේතු වෙනව. ශරීරයේ බර අධික ලෙස වැඩි වුව හොත් මේද ස්තරය මගින් නිපදවන රසායන නිසාත් මෙම හෝමෝන ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙන්න පුළුවන්. ඒ වගේම ඩිම්බ කෝෂ හෝමෝන වලට ප්‍රතික්‍රියා නො දක්වන රෝග තත්වයන් (Polycystic ovarian syndrome වැනි තත්ව) නිසාත් ඔසප් වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. ඩිම්බ කෝෂ වයසට කලින් අකර්මණ්‍ය වීමත් සමහර විට අක්‍රමවත් ඔසප් වීමට හේතුවක් වෙන්න පුළුවන්.

ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්න පුළුවන්. ඔබ දරු ඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් මෙය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. නමුත් දරු ඵල බලාපොරොත්තු නොවන තරුණ කාන්තාවකගේ ඔසප්වීම අක්‍රමවත් නම් ඒ ගැන එතරම් කලබල විය යුතු නැහැ. කෙසේ වෙතත් ඔසප් වීම මාස තුනකට වඩා ප්‍රමාද වෙන්නේ නම් එය කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්ව ඇති කිරීමට හේතු විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

ප්‍රතිකාර ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුව අනුව වෙනස් වෙනව. වෛද්‍ය වරයෙක් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව අවශ්‍ය නම් ඔබට ප්‍රතිකාර නියම කරාවි. බොහෝ විට මේ සඳහා දෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු ඖෂධයක්. එම ඖෂධ ගෙන නතර කල පසු රුධිර වහනයක් සිදුවනව. නමුත් හෝමෝන ප්‍රතිකාර මගින් නැවත ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වළක්වන්න බැහැ. එම නිසා මෙයට මුල් වූ හේතුව පරීක්ෂා කර බලා ප්‍රතිකාර කිරීම සමහර විට අවශ්‍ය වෙනව.

[QUOTE="MAHAADENAmutta, post: 21545908, member: 559740"] ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න හේතු (Irregular periods) මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල කාන්තාවන් අත්දකින ඔසප් වීම සාමාන්‍යයෙන් චක්රයක ආකාරයෙන් සිදු වෙන්නේ. මෙම චක්‍රයේ කාල සීමාව දින 21 සිට දින 45 අතර වෙනස් විය හැකි වුවත් බොහෝ කාන්තාවන්ට දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනව. දින 21කට වඩා අඩු කාලයකින් හෝ දින 45කට වඩා ප්‍රමාද වී ඔසප් වීම අසාමාන්‍ය තත්වයක්. ඔසප්වීම හඳුනා ගන්නේ මාසිකව යෝනි මාර්ගයෙන් සිදු වන රුධිර වහනය මගින්. රුධිර වහනය ආරම්භ වූ දිනය චක්‍රයේ පලමු දිනය ලෙස සලකනව. මෙය පාලනය වෙන්නේ ශරීරයේ හෝමෝන මට්ටම් වෙනස් වීම මගින්. හෝමෝන වල ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙන්නේ මොළයේ ඇති හයිපොතැලමස කියන ප්‍රදේශය. එමගින් නිපදවන GnRH කියන හෝමෝනය මගින් පිටියුටරි ග්රන්ථියෙන් හෝමෝන නිපදවීම පාලනය කරනව. මෙම හෝමෝන මට්ටම් චක්‍රාකාරයෙන් වෙනස් වෙන නිසා ඊට අනුරූප ව ඩිම්බ කෝෂවල වෙනස් කම් සිදු වෙනව. ඔසප් චක්‍රයේ මුල් දින 14 තුල ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීම සිදු වෙන්නේ. මේ කාලය තුල ඩිම්බ කෝෂ වලින් ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවනව. එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තිය මත පිළිසිඳ ගත් කලලයක් තැන්පත් වීමට සුදුසු පරිසරයක් ඇති කරනව. 14වන දිනය වන විට ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිට වීම සිදු වෙනව. ඉන් අනතුරුව ඩිම්බ කෝෂයේ ඩිම්බය පිටවූ ස්ථානයෙන් දිගටම තව දින 10ක් පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිපදවීම සිදු කරනව. පසුව මෙම සෛල හැකිළී යන අතර රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වෙනව. මේ නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තිය බිඳවැටී රුධිර වහනය ආරම්භ වෙනව. ඉහත හෝමෝන චක්‍රය විවිධ හේතු නිසා බිඳ වැටෙන්න පුළුවන්. අධික ලෙස ව්‍යායාම වල යෙදීම, මානසික ආතතිය වැනි හේතු නිසා මොළයේ හයිපොතැලමස ප්‍රදේශයෙන් හෝමෝන නිපදවීම අක්‍රමවත් වී ඔසප්වීම අක්‍රමවත් වෙන්න හේතු වෙනව. ශරීරයේ බර අධික ලෙස වැඩි වුව හොත් මේද ස්තරය මගින් නිපදවන රසායන නිසාත් මෙම හෝමෝන ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙන්න පුළුවන්. ඒ වගේම ඩිම්බ කෝෂ හෝමෝන වලට ප්‍රතික්‍රියා නො දක්වන රෝග තත්වයන් (Polycystic ovarian syndrome වැනි තත්ව) නිසාත් ඔසප් වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. ඩිම්බ කෝෂ වයසට කලින් අකර්මණ්‍ය වීමත් සමහර විට අක්‍රමවත් ඔසප් වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්න පුළුවන්. ඔබ දරු ඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් මෙය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. නමුත් දරු ඵල බලාපොරොත්තු නොවන තරුණ කාන්තාවකගේ ඔසප්වීම අක්‍රමවත් නම් ඒ ගැන එතරම් කලබල විය යුතු නැහැ. කෙසේ වෙතත් ඔසප් වීම මාස තුනකට වඩා ප්‍රමාද වෙන්නේ නම් එය කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්ව ඇති කිරීමට හේතු විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ප්‍රතිකාර ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුව අනුව වෙනස් වෙනව. වෛද්‍ය වරයෙක් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව අවශ්‍ය නම් ඔබට ප්‍රතිකාර නියම කරාවි. බොහෝ විට මේ සඳහා දෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු ඖෂධයක්. එම ඖෂධ ගෙන නතර කල පසු රුධිර වහනයක් සිදුවනව. නමුත් හෝමෝන ප්‍රතිකාර මගින් නැවත ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වළක්වන්න බැහැ. එම නිසා මෙයට මුල් වූ හේතුව පරීක්ෂා කර බලා ප්‍රතිකාර කිරීම සමහර විට අවශ්‍ය වෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom