Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    kellek innawalu. a kella date welaa sathi 2 kata vithara passe apahu poddak date wenawalu. wenada ehema nalu. wenada maasekata passe thamai date wenne. mehema wena eka saamaanya deyakda ? nathnam mukak hari ledakda? kawadaawath sathi 2kin date welaa nalu mita kalin. danna aya mekata hethuwa kiyanna ??
     
    • Like
    Reactions: I_Simon

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    kellek innawalu. a kella date welaa sathi 2 kata vithara passe apahu poddak date wenawalu. wenada ehema nalu. wenada maasekata passe thamai date wenne. mehema wena eka saamaanya deyakda ? nathnam mukak hari ledakda? kawadaawath sathi 2kin date welaa nalu mita kalin. danna aya mekata hethuwa kiyanna ??

    කෙල්ලට වයස කීයද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    සමරහ අයට ඩෙට් වෙන එක පිලිවෙලක් නෑ සමහර අයට බැන්දට පස්සේ හරියනවා සමහර අයගේ ස්ත්‍ර අවයව අභයන්තර පිහිටිමේ ගැටළු නිසා හෝමෝන වෙනස්කම් නිසා මේ දේ වෙනවා තවත් අයට මිතුරි පෙති භාවිතයෙන් මෙය නිවැරදා කරගන්න පුළුවන් කොයි එකටත් උබ VOG කෙනෙක් ලගට ඇන්න පලයන් උබේ ගර්ල් ෆෙන්ඩ්ව උපදෙස් ගන්න!:lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න හේතු (Irregular periods)
    මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල කාන්තාවන් අත්දකින ඔසප් වීම සාමාන්‍යයෙන් චක්‍රයක ආකාරයෙන් සිදු වෙන්නේ. මෙම චක්‍රයේ කාල සීමාව දින 21 සිට දින 45 අතර වෙනස් විය හැකි වුවත් බොහෝ කාන්තාවන්ට දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනව. දින 21කට වඩා අඩු කාලයකින් හෝ දින 45කට වඩා ප්‍රමාද වී ඔසප් වීම අසාමාන්‍ය තත්වයක්.

    ඔසප්වීම හඳුනා ගන්නේ මාසිකව යෝනි මාර්ගයෙන් සිදු වන රුධිර වහනය මගින්. රුධිර වහනය ආරම්භ වූ දිනය චක්‍රයේ පලමු දිනය ලෙස සලකනව. මෙය පාලනය වෙන්නේ ශරීරයේ හෝමෝන මට්ටම් වෙනස් වීම මගින්. හෝමෝන වල ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙන්නේ මොළයේ ඇති හයිපොතැලමස කියන ප්‍රදේශය. එමගින් නිපදවන GnRH කියන හෝමෝනය මගින් පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝන නිපදවීම පාලනය කරනව. මෙම හෝමෝන මට්ටම් චක්‍රාකාරයෙන් වෙනස් වෙන නිසා ඊට අනුරූප ව ඩිම්බ කෝෂවල වෙනස් කම් සිදු වෙනව.

    ඔසප් චක්‍රයේ මුල් දින 14 තුල ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීම සිදු වෙන්නේ. මේ කාලය තුල ඩිම්බ කෝෂ වලින් ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවනව. එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තිය මත පිළිසිඳ ගත් කලලයක් තැන්පත් වීමට සුදුසු පරිසරයක් ඇති කරනව. 14වන දිනය වන විට ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිට වීම සිදු වෙනව. ඉන් අනතුරුව ඩිම්බ කෝෂයේ ඩිම්බය පිටවූ ස්ථානයෙන් දිගටම තව දින 10ක් පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිපදවීම සිදු කරනව. පසුව මෙම සෛල හැකිළී යන අතර රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වෙනව. මේ නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තිය බිඳවැටී රුධිර වහනය ආරම්භ වෙනව.

    ඉහත හෝමෝන චක්‍රය විවිධ හේතු නිසා බිඳ වැටෙන්න පුළුවන්. අධික ලෙස ව්‍යායාම වල යෙදීම, මානසික ආතතිය වැනි හේතු නිසා මොළයේ හයිපොතැලමස ප්‍රදේශයෙන් හෝමෝන නිපදවීම අක්‍රමවත් වී ඔසප්වීම අක්‍රමවත් වෙන්න හේතු වෙනව. ශරීරයේ බර අධික ලෙස වැඩි වුව හොත් මේද ස්තරය මගින් නිපදවන රසායන නිසාත් මෙම හෝමෝන ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙන්න පුළුවන්. ඒ වගේම ඩිම්බ කෝෂ හෝමෝන වලට ප්‍රතික්‍රියා නො දක්වන රෝග තත්වයන් (Polycystic ovarian syndrome වැනි තත්ව) නිසාත් ඔසප් වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. ඩිම්බ කෝෂ වයසට කලින් අකර්මණ්‍ය වීමත් සමහර විට අක්‍රමවත් ඔසප් වීමට හේතුවක් වෙන්න පුළුවන්.

    ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්න පුළුවන්. ඔබ දරු ඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් මෙය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. නමුත් දරු ඵල බලාපොරොත්තු නොවන තරුණ කාන්තාවකගේ ඔසප්වීම අක්‍රමවත් නම් ඒ ගැන එතරම් කලබල විය යුතු නැහැ. කෙසේ වෙතත් ඔසප් වීම මාස තුනකට වඩා ප්‍රමාද වෙන්නේ නම් එය කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්ව ඇති කිරීමට හේතු විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

    ප්‍රතිකාර ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුව අනුව වෙනස් වෙනව. වෛද්‍ය වරයෙක් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව අවශ්‍ය නම් ඔබට ප්‍රතිකාර නියම කරාවි. බොහෝ විට මේ සඳහා දෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු ඖෂධයක්. එම ඖෂධ ගෙන නතර කල පසු රුධිර වහනයක් සිදුවනව. නමුත් හෝමෝන ප්‍රතිකාර මගින් නැවත ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වළක්වන්න බැහැ. එම නිසා මෙයට මුල් වූ හේතුව පරීක්ෂා කර බලා ප්‍රතිකාර කිරීම සමහර විට අවශ්‍ය වෙනව.