රිෂාඞ්ගේ අමාත්‍යංශයට පැන්නේ බොදු බල සේනා කියා හඳුනා ගන්න බෑ – පොලීසිය
June 28, 2014 at 1:03 am | lanka C news
කර්මාන්ත හා වාරිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ලවී ඇති බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පොලිසිය පවසයි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය මෙම ප්‍රකාශය කළේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අමාත්‍යංශය තුළට ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනා විභාගයට ගත් අවස්ථාවේදීය.
අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණ නියෝගයකට අනුව මාධ්‍ය ආයතන හයකින් ලබා ගත් වීඩියෝ පට පරික්ෂාවට ලක් කල බව කියා සිටියහ.
එහෙත් සිද්ධියට සම්බන්ධ සැකකාර භික්ෂූන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකිවී ඇති බව පොලිසිය කියා සිටියේය.
පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසය.
මෙම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය පැමිණිල්ල ලබන මස 31 වන දා නැවත කැඳවීමට නියම කර තිබේ.
එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි පොලිසියට නියම වී ඇත.
මීට පෙර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය දැනුම් දී සිටියේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ අදාළ අමාත්‍යංශයට ඇතුළු වූ අවස්ථාවේ එහි සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය වී තිබූ බවයි.
- BBC
