ඉතාමත් වටිනා නිර්මානයක්.
ඔබේ කුසලතාවය දිනෙන් දින ඔප් නැංවෙන අයුර හා ඔබ පරිශීලනය කරනා හා නිර්මානයන් සඳහා පාදක කරගන්නා සැඟවුනු අහු මුලු අපි කාගෙ කාගෙත් ඇස් අරවන්න එහෙමත් නැත්නම් මදකට නැවතී හිතා බලන්න පුලුවන් ශක්ති මට්ටමක තිබීම ගැන පලමුවෙන් මා බෙහෙවින් ඔබ ගැන ආඩම්බර වෙනවා.
බහුතරයක් තරුණ තරුණියන් මේ එලකිරිය පුරාම පිටු 100 ගනන් හරහා වැලන්ටයින් දවසට කරන දේවල් ගැන පිස්සුවෙන් මෙන් කතිකාවන් අරඹා තියෙද්දී ඔබ ඉන් එහා ගොස් නුවණින් හරි දේ වෙන්කර හඳුනා ගැනීම ගැනයි මගේ මේ සහෝදර ආචාරය...
ඔබ ලියල බලන්න වැලන්ටයින් ගැන සටහනක් හෝ එදාට මම තරු පහේ හෝටලයකට යනවා මගේ ආදරවන්තියත් එක්කලා කියලා..මොහොතින් ඔයාගේ සටහනට බුරුතු පිටින් ප්‍රතිචාර ගලා එයි ගඟක් දෙගොඩ ගලා ගියා වගේ..
ඔන්න ඕක තමයි ඇත්ත.....එතනයි අපි නිවැරැදි කල යුත්තේ.. එතනටයි අපේ දැනුමෙන් අපි කතා කල යුත්තේ, ඔවුන්ට උදව් කල යුත්තේ හා අනාගතයට ඔවුන්ව සුදානම් කල යුත්තේ...
මාලිගාවද, පැල්පතද නෙවෙයි වැදගත් ඒවා ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ සිතුවිලිවල හා ක්‍රියා කාරකම්වල යහපත් බවයි වැදගත් කියලා වරක් ජර්මන් නාට්‍ය රචකයෙකු හා දාර්ශනිකයෙකු වූ ඛර්ටෝල්ට් ඛ්රෙෂ්ට් කියල තියෙනවා...
දිගටම ලියන්න... මල්ලියට ජය....