දයාන් ජයතිලක බුදුපිළිමය ඇඳ පල්ලට විසිකරලා
- නිදහස් දා ජාතික ගීය නෑ, ජාතික කොඩිය නෑ
ප්රංශයේ නව ශ්රී ලංකා තානාපතිවරයා ලෙස පත්වී ඇති දයාන් ජයතිලක විසින් නව තනතුර බාරගත් පළමු දිනයේම තානාපති කාර්යාලයේ ගෞරවයට පාත්ර වන ස්ථානයක වැඩම කරවා සිටි බුදු පිළිම වහන්සේ තම නිල නිවාසයේ ඇඳක් යටට විසිකර දමා ඇතැයි ප්රංශයේ ශ්රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එසේම පසුගිය පස්වැනිදා ප්රංශයේ පැවති ශ්රී ලංකා නිදහස් උත්සවයේ ශ්රී ලංකාව නියොජනය ඉහලම රාජතාන්ත්රියා වූ දයාන් ජයතිලක විසින් බෞද්ධ ආගමික වතාවත් වලට තමාට වෙන් කල හැක්කේ විනාඪි පහක් පමණක් යයිද දන්වා ඇත. බෞද්ධ ස්වාමීන් වහන්සේලා එය ප්රශ්ණ කිරීමේදී ‘‘ඒක මගේ ස්ටයිල් එක’’ යනුවෙන් පවසා ඇති ඔහු කතෝලික ආගමික වතාවත් වලට විනාඩි තිහකට අධික කාලයක් ලබා දී ඇත. ප්රංශයේ පැවති එම උත්සවයේදී ශ්රී ලාංකික අභිමානය කියාපාන ජාතික ගීය ගැයීම හෝ ජාතික කොඩිය එසවීම, තිස්වසරක් පැවති යුද්ධයේදී මියගිය රණවිරුවන් සැමරීම හෝ කර නැති බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන්ද ශ්රී ලාංකිකයන් ප්රශ්ණ කිරීමේදී ‘‘මේ මගේ හැටි. ඕගොල්ලො ඕගොල්ලන්ගේ වැඩක් බලාගන්න’’ යනුවෙන් පවසා ඇත.



