DC (2026) With Sinhala Subtitles | ලේ තැවරුණු ආදරේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    මහ රෑ අඳුරත් එක්කම, රජයේ ආයුධ ගබඩාවකට කඩා වදින ආයුධ සන්නද්ධ කණ්ඩායමක්… ඔවුන් සාමාන්‍ය දේවල් නෙවේ, පොලිසියෙන් අයින් කරපු දරුණු ගිනිඅවි තොගයක් හොරා ගන්නවා. මේ මෙහෙයුම මෙහෙයවන්නේ දාස්. දාස් එක්ක ඔහුගේ සගයන් වෙන කිටී, කරුප්පු, සෙබස්තියන් සහ අරසු එකතු වෙලා මේ ගිනිඅවි ටික විකුණලා ලොකු මුදලක් හොයාගන්න සැලසුම් කරනවා. නමුත් නොහිතපු විදිහට මේ සිදුවීම අස්සේ පොලිස් නිලධාරියෙක් මරණයට පත් වෙනවා. එතනින් පස්සේ මුළු පොලිස් බලමුළුවම මේ කණ්ඩායම පස්සේ පන්නන්න පටන් ගන්නවා. මේ හැංගිමුත්තන් සෙල්ලම අස්සේ දාස්ට අහම්බෙන් බාර් එකක සින්දු කියන පාර්වතී මුණගැහෙනවා. ඇගේ අවාසනාවන්ත මරණයෙන් පස්සේ දාස් ඇතුළු කණ්ඩායම තවත් ලොකු අමාරුවක වැටෙනවා. මේ අතරේ තමා දාස්ට චන්ද්‍රා මුණගැහෙන්නේ. චන්ද්‍රා කියන්නේ ගණිකා මඩමක හිරවෙලා, තමන්ගේම කියලා නිදහස් ජීවිතයක් හොයන ගෑනු ළමයෙක්. පොලිසියෙන් බේරිලා පලායන ගමන් දාස් කොහොමද චන්ද්‍රා එක්ක එකතු වෙලා මේ ප්‍රශ්න වලින් ගැලවෙන්නේ කියලා මුල් විනාඩි හතළිහ ඇතුළේ ඉඳන් අපිට තේරුම් ගන්න පුළුවන්.

    https://cinemx.lk/dc-2026-sinhala-subtitles/