අප්‍රේල් 01 මෙරට ජාතික දිනය කරනු! | Declare April 01 our national day
ලෝකය පුරා ම අප්‍රේල් 01දා මෝඩයන්ගේ දිනය ලෙස සැලකුන ද ලංකාවේ මිනිසුන්ට නම් මෙම දිනය ඊට වඩා ජාතික වැදගත්කමකින් යුක්ත ය.
අප්‍රේල් 08දා ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වේ. මේ මැතිවරණයේදී ලංකාවේ මිනිසුන් ඡන්දය දෙන්නේ ළමයා ඉස්කෝලෙකට දමා ගැනීම සඳහා ලියුමක් ගැනීම, රැකියාවක් සොයා ගැනීම, පාර කොංක්‍රීට් කර ගැනීම වැනි කාරණා සඳහා ය.
දැන් හැට දෙවසරක් තිස්සේ ලාංකිකයෝ මන්ත්‍රීවරු පත් කරති. ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්පාදනයට මිස බෝක්කු, පාලම් හැදීමට නොවන බව ලාංකිකයෝ නොදනිති. ඔවුන් විසින් පාර්ලිමේන්තුවට යවනු ලබන බෝක්කු පොරවල් ද ඒ බව දන්නේ නැත. උන්ගෙන් ඇතැමෙක් සිතන්නේ රටේ නීතිය විය යුත්තේ තමන් ය කියායි.
මන්ත්‍රීන් ඇතුළු රජය නඩත්තු කිරීම සඳහා මේ රටේ ජනතාව ගැලේ බැන්ද ගොනුන් ලෙස වැඩ කර දහ දුක් විඳ බදු ගෙවති. එහෙත් බදු ගෙවන බව නොදනිති. ඔවුන් සිතන්නේ ලාම්පු තෙල් බෝතලය අරාබියෙන් එනකොටත් මේ ගාන ම යයි කියා ය. පිටි කිලෝ එක ඇමරිකාවෙන් එනකෙටත් මේ ගානම ය කියා ය. මීට වඩා ගාන වැඩි නොකර සිටීම ගැන ආණ්ඩුවට පිං දෙමින් ඔවුන් පාං ගිලින්නේ ආණ්ඩුවට බදු ගෙවමිනි.
ලාංකිකයෝ මෝඩයන් වුව ද භාණ්ඩ පරිහරණය කරන හැටි දනිති. ඔවුන් පරිහරණය කිරීමට වැඩියෙන් ම කැමති භාණ්ඩය ජංගම දුරකථනයයි. මුලින් ජංගම දුරකථනයක් මිළ දී ගෙන පසුව කතා කරන්නට යාළුවන් හදා ගනිති. කෙටි පණිවිඩ හෙවත් එස් එම් එස් යවති. රුපියලේ එස් එම් එස් එකක් යැවූ විට අමතර ශත 32ක් බිලෙන් කැපෙන්නේ ඇයිදැයි නොදනිති.
තමන් ගෙවන බදුවලින් තමන්‍ට රජයෙන් සේවාවන් ලැබිය යුතු බව ලාංකිකයෝ නොදනිති. එහෙයින් ඔවුන් තමන්ට රැකියාවක්, ළමයාට පාසලක් වැනි තමන්ගේ අයිතිවාසිකම් දකින්නේ දේශපාලකයන් තමන්ට හිතවත්කමට දෙන වරප්‍රසාද කියා ය.
සමහර මැති ඇමතීන් සෑහෙන්න වැඩ කර ඇති බව කියා ඔවුහු පුදුම වෙති. ඇත්තෙන් ම මේ මැති ඇමතීන් පත් කර උන්ට උපරිම සැප දුන්නේ වැඩ කිරීමට මිස උන්ට ඕනෑ ඕනෑ ගෑනුන් සමග ලැගීමට නොවේ. ඔවුන් මේ විස්කම් කරන්නේ අද උපන් බිළිඳාගේ සිට මරණ මංචකයේ සිටින මහල්ලා දක්වා මුළු රටේම ජනයා රු. ලක්ෂ ගණනින් ණය කර අනාගතය උගසට තබා ගන්නා මුදලින් තමන්ගේ පොකට්ටුවට දමා ගන්නා ගානට අමතරව ඉතිරියෙන් බව ලාංකිකයන් දන්නෙ නැත.
ජීවත් වෙන්නට සරිලන වැටුපක් නැති මුත් නිකම් ඉන්නට පුළුවන් නිසා ලංකාවේ මිනිස්සු රජයේ සේවයට ලොබ බඳිති. පඩි මදි නිසා නිවාඩු දමා කුඹුරු, හේන් හා තේ, රබර් ආදිය දුක සේ වගා කරති. සැබෑ ගොවීන් ඇතුළු වෙනත් නිර්ධනයන් මොවුන් ළඟ කඹුරති. තමන්ගෙන් ම ගෙන තමන්ට ම දෙන පොහොර සහනාධාර ආදිය ගැන තුටුව කූට දේශපාලකයන් ඉදිරියේ නිවට නියාලු වෙති.
නාගරික ලුම්පන් නිර්ධන මෝඩයන්ට මේ කිසිත් නැත. එහෙයින් උන් ඡන්ද කාලයට බත් පතක්, අරක්කු වඩියක් ලබා ගැනීමට, කුඩු ටිකක්, අරක්කු ටිකක් විකුණා ගැනීමේ නිදහස හා කුලියට මිනී මැරීමේ කොන්ත්‍රාත් ආදිය වෙනුවෙන් දේශපාලකයන් පසුපස යති.
රටේ ව්‍යාපාරික ප්‍රජාව හෙවත් ධනේශ්වර පංතිය කියන එකෙන් වැඩි දෙනෙක් කරන්නේ කොහෙන් හෝ මොනවා හෝ මළදානයක් ආනයනය කර විකුණා ගැනීමයි. උන් දන්නා නිෂ්පාදනයක් නැත. විකුණන්න පුළුවන් නම් අම්මා වුණත් විකුණන මුන්ට මෙලෝ සංස්කෘතියක් නැත.
රටේ බුද්ධිමතුන් කියන එවුන් තරම් කපටින් පිරිසක් තවත් නැත. මුන් පාලකයින්ගේ ඕනෑ වසුරු පිඬක් පෝෂ්‍යදායක ආහාරයකැයි වරණනා කරමින් කා දත් ද හාරා කති. කලාකාරයන් ගැන කියන්නට ගියොත් බල්ලනුත් වසුරු කන එක පවා නවත්තනු ඇති බැවින් මෙතනින් නවත්තමි.
එකී මෙකී නොකී සියලු කාරණා මත පදනම්ව වහා අප්‍රේල් 01 දින මේ රටේ ජාතික දිනය කරනු!
-අප්‍රේල් 01 ජාතික ව්‍යාපාරයේ නිවේදනයකි.