Defence Services College

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    ආරක්ෂක අමාත්‍යාංශය විසින් රණවිරු දූ පුතුන් වෙනුවෙන් ලබාදුන් ආරක්ෂක සේවා විද්‍යාලය

    ආරක්ෂක සේවා විද්‍යාලය ශ්‍රී ලංකාවේ යුධ, ගුවන් , නාවික හා පොලීසියේ සේවය කරන්නන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් 2007 වර්ෂයේ පිහිටුවනු ලැබූ ජාතික මටිටමෙ පාසලකි. 1860 වර්ෂයේ කොළඹ කොම්පඤ්ඤවීදියේ රයිෆල් රෙජිමේන්තුවේ මූලස්ථානය ලෙස ආරම්භ කරන ලද ගොඩනැගිල්ල පිළිසකර කර මෙම විද්‍යාලය ආරම්භ කර තිබේ.

    20111214_DSC1.jpg


    20111214_DSC2.jpg


    20111214_DSC3.jpg


    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ දැනට ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් සේවයේ නියුතු වූවන්ගේ දරුවන් ජනප්‍රිය පාසැල්වලට ඇතුලත් කිරීමේදී ඇතිවන දුෂ්කරතාවයන් හා අපහසුතාවයන් මග හැරවීමේ අරමුණින් මෙම පාසැල ආරම්භ කර ඇති අතර සාමකාමි පරිසරයක් තුල ඉතා උසස් හා සමාන අධ්‍යාපන අයිතීන් සෑම අයෙකුටම ලබාදීම සදහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලටද මෙම පාසැල මහත් රුකුලක් වේ.

    20111214_DSC4.jpg


    20111214_DSC5.jpg


    20111214_DSC6.jpg


    ඉහත අරමුණු ඉටු කර ගැනීමේ අරමුණින් යුතුව 2007 ජනවාරි මස 17 දින ශ්‍රී ලංකා හමුදාවේ සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර ජනධිපති තුමා විසින් පලමුවෙන්ම කුඩා දරුවන් 4 දෙනෙකු පාසලට ඇතුලත් කිරිම සිදුකරන ලදි.

    20111214_DSC9.jpg


    20111214_DSC10.jpg


    මෙම පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ බාහිර ක්‍රියාකාරකම් හා විවිධ විෂය සමගාමී කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව 2009 වසරේ දෙසැම්බර් මාසයේදී විද්‍යාලයේ නව පිහිනුම් තටාකය හා පොදු පහසුකම් ඒකකයක් ජනාධිපතිතුමා විසින් ආරම්භ කරන ලදී.

    20111214_DSC11.jpg


    20111214_DSC12.jpg


    අධ්‍යාපන අමාත්‍යාංශය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය හා එක්වී මෙම පාසැලේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සපයනු ලබයි. පාසැල් සිසුන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් හා ඔවුන් සතු සහජ දක්ෂතාවයන් හා කුසලතා දියුණු කර ගැනිමේ අරමුණින් යුතුව බාලදක්ෂ, චෙස්, කෘෂිකාර්මික වැඩසටහන් අධ්‍යාපන සංචාර, හා ප්‍රදර්ශන ආදී විෂය බාහිර ක්‍රියාකාරකම්ද පාසැල තුල ආරම්භ කර ඇත.

    20111214_DSC17.jpg


    20111214_DSC18.jpg


    20111214_DSC19.jpg


    20111214_DSC20.jpg


    20111214_DSC21.jpg


    20111214_DSC22.jpg


    රුසියන් තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව පාසැලේ ළමුන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා අවශ්‍ය පුස්තකාලයක් සාදා නිමවා ඇති අතර එය නුදුරු අනාගතයේදී විවෘත කිරීමට නියමිතය.

    20111214_DSC26.jpg


    20111214_DSC27.jpg


    20111214_DSC28.jpg


    මේ වන විට විද්‍යාලයේ රුපියල් මිලියන 396 ක වියදමින් නව ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතින අතර එහි වැඩ කටයුතු වලින් 75% පමණ නිමවා ඇත. මෙම ගොඩනැගිල්ල පංති කාමර 61 ක් විද්‍යාගාර 8 ක්, පරිඝණක විද්‍යාගාර දෙකක්, කාර්යාල කාමර 4 ක්, මල්ටි මීඩියා ඒකකයක්, ගුරු විවේකාගාර 2 ක්, ගබඩා කාමර 4 ක් හා අනෙකුත් මූලික පහසුකම්වලින් යුක්තය.

    20111214_DSC30.jpg


    20111214_DSC31.jpg


    මෙම පාසැලේ අධ්‍යාපනය ලබන යුද්ධයේදී මියගිය හා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ දරුවනට, මේ වන විට විශ්‍රාම ගොස් සිටින රණවිරුවන්ගේ දූ දරුවනට හා වඩා දුර බැහැර සිට පාසැලට එන රණවිරුවන්ගේ දරුවනට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් ලබාදීම සදහා මේ වන විට බලධාරින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින අතර වාහන නවතා තැබීම සදහා අවශ්‍ය වාහන අංගනයක්ද පාසැල තුල ඉදිවෙමින් පවතී.

    20111214_DSC32.jpg


    20111214_DSC33.jpg

    මෙම විදුහලේ ඉදිරි අපේක්ෂාවන්

    1. ආරක්ෂක සේවා විදුහල් සංකල්පය වඩාත් ක්‍රමවත් හා ස්ථාවර කරනු වස් කැබිනට් පත්‍රිකාවක් මගින් ව්‍යවස්ථා ගත කිරීම. දැනට අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කර ඇත.

    2. උක්ත කැබිනට් පත්‍රිකාවට අනුව, ආරක්ෂක සේවා විදුහල, ආරක්ෂක සේවා විදුහල් පද්ධතියක් වශයෙන් පළාත් මට්ටමින් ශාකා ස්ථාපනය කර, විදුහලක් පද්ධතියේ පරිපාලනය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතටද, අධ්‍යාපනයට අදාල සියලුම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය යටතටද පවරාලමින් ආරක්ෂක සේවා විදුහල් සංකල්පය විශේෂ ජාතික අධ්‍යාපන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම.

    3. කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ නේවාසික හා අනෙකුත් පහසුකම් වැඩි දියුණු කරමින් ප්‍රාදේශීය ශාකාවන්හි 5 වසර ශිෂ්‍යත්ව සහ අපොස (සා/පෙ) විභාගයන් උසස් ලෙස සමත්වන සිසු දරු දැරියන්, මෙම විද්‍යාලයට ඇතුලත් කර ගැනීම.

    4. දියුණු රටවල හදුනාගත් විශ්ව විද්‍යාල සමග අනුබද්ධ වෙමින් ආරක්ෂක සේවා විද්‍යාලීය අපොස(උ/පෙ) උසස් ලෙස සමත් වන දරුවන් හට එම විශ්ව විද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම.



    උපුටා ගැනීම :ඩිෆෙන්ස්.එල්කේ
     
    Last edited: