DEGALDORUWA - දෙගල්දොරුව

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දෙගල්දොරුව



    4814579864_72e7cec95a_z.jpg


    6366419005_179dbd2b2a_z.jpg


    740413212_eb286c2148_z.jpg


    දෙගල්දොරුව සිංහල රාජාවලියේ අවසාන රජු ලෙස සැළකෙන කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද විහාරයකි. නුවර යුගයට අයත් දෙගල්දොරුව විහාරයේ බිතු සිතුවම් වලට ලක්දිව කලා ඉතිහාසයේ විශේෂ තැනක් හිමිවේ. මෙහි සිතුවම් වඩාත් වැදගත් වන්නේ දෙවරගම්පල සිල්වන් තැන නැමති යතිවරයෙකු විසින් කරවන ලද සිතුවම් ද දැක ගැනීමට තිබීමයි. උන් වහන්සේට මෙම කලා කර්මාන්තය නිම කිරීම සඳහා නීලගම පටබැන්දා, නීලගම පාන බණ්ඩා, කොස්වත්තේ නයිදේ සහ දේවේන්ද්‍ර මූලාචාරීන් නැමති කලා කරුවන්ගේ ද සහාය ලැබුණු බව පොත පතේ සඳහන් වේ.මෙහි විහාර ගෙය ගල් ලෙනකි. ඊට පිටින් ඇත්තේ ගල් කණු 20 ක් යොදා සාදන ලද බරාඳයකි. බරාඳයේ සීීලිම ලෑලිවලින් නිම කර රෙදිවල අඳින ලද සිතුවම් අලවා අලංකාර කර තිබේ. සීලිමෙහි බහුලවම දක්නට ලැබෙන්නේ නෙළුම් පෙති මෝස්තර සහ ජ්‍යාමිතික රටා ඇසුරින් නිර්මාණය කරන ලද මෝස්තරයන්ය. විහාර ගෙයි ඇති චිත‍්‍ර අතර වෙස්සන්තර ජාතකය, ක්ෂාන්තිවාදී ජාතකය, සුතසෝම ජාතකය, මාර පරාජය, ආලවක දමනය, සූවිසි විවරණය, තව්තිසා දෙව්ලොව, සොළොස්මස්ථානය, ආදියයි. මෙයින් වඩාත් වැදගත් සිතුවමක් ලෙස සළකන්නේ නීලගම පාත බණ්ඩා විසින් අඳින ලදැයි සැළකෙන අවස්ථා 27 ක් නිරූපිතව ඇති වෙස්සන්තර ජාතකයයි. වෙස්සන්තර ජාතක චිත‍්‍රාවලියේ ඇති විශේෂ ලක්ෂණය නම් නුවර පෙරහැරේ ගති ලක්ෂණ මෙම සිතුවමේ අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා මැනවින් යොදා ගෙන තිබීමය. මෙහි චිත‍්‍ර නැරඹීම තුළින් එකල ජීවත් වූ විවිධ තරාතිරමේ ගැහැණුන්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ සහ පොදු සමාජ සිරිත් ගැනද කිසියම් අවබෝධයක් ලබාගත හැකිය.

    5113515022_371f414f57_z.jpg


    මධ්‍ය කාලීන යුගයේ සිතුවම් අතර දෙගල්දොරුව, මැදවල, බඹරගල යන විහාරස්ථානවල සිතුවම් සේම පිළිකුත්තුව, වැලිහිඳ, යාපහුව, තෙල්වත්ත, සූරියගොඩ, යන විහාරවල සිතුවම්ද වැදගත් වේ.මෙම විහාරවල සිතුවම් අදින සමහර සිත්තරුන් බෞද්ධාගමික පරිසරයට නුසුදුසු යැයි බහුතරයක් සළකන නිරුවත් ඡායාරූපයන් පවා තම සිතුවම් වලට යොදා ගෙන තිබෙනු දැකිය හැකිය. බොහෝ අවස්ථාවලදී කටු ඉඹුලේ පුවත දැක්වීමට නිරුවත යොදා ගෙන ඇත. යාපහුව රජමහා විහාරයේ ඇති චිත‍්‍රයක සළුවලින් වැසූ මහාමායා දේවියගේ කුසින් සිදුහත් කුමරුගේ පාදයක් පිටතට එන අන්දම නිරූපණය කළ ශිල්පියා පිළිකුත්තුව රජමහා විහාරයේ සිතුවම් වල වෙස්සන්තර රජුට අන්දවා ඇත්තේ යුරෝපීය ඇඳුම්ය. එහිම බිසව බෝසත් සහ හැට්ටයක් ඇඳගෙන සිටින අන්දම නිරූපණය කර තිබේ.මෙවැනි කලා නිර්මාණ දෙස බැලීමේදී කලා කුසලතාවය පමණක් නොව තමා ජීවත්වන සමාජයට අනුවර්තනය වීමට තරම් විවෘත මනසක් සහ එඩිතර භාවයක් ඇතිව පොදු මහජනයා වෙත ස්වකීය වින්දනය සම්පෙ‍්‍ර්ෂණය කිරීම අවංක කාර්ය භාරයක් යැයි සිතූ කලා කරුවන්ගේ නිර්මාණ ලෙස සැළකීම ඔවුනට කරන ගෞරවයකි.

    6366412045_66aec2ca73_z.jpg


    692944602_eb7ea91108_z.jpg


    693169942_83cedeb16d_z.jpg


    5729985347_f23b6ce8b4_z.jpg


    693359568_45789f9afc_z.jpg


    693170018_23df7cff5f_z.jpg


    693359500_0e4d3815b8_z.jpg


    5459609506_eff0a2f525_z.jpg


    5459609404_ce72fa50ae_z.jpg


    5459519256_057491e2c9_z.jpg


    5459609496_a271c21d11_z.jpg


    5459609438_6e884b645e_z.jpg


    5459609466_dc603219b9_z.jpg


    4950548669_3c748543e1_z.jpg


    2721778316_516d76a4e5_z.jpg

    ලිපිය උපුටා ගත්තේ දැනුමෙනි.
    පිංතූර ෆ්ලිකර් එකෙන් ගත්තේ.
     
    Last edited: