Depression/විශාදය

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    විශාදය නැත්තම් ඔයාලා දන්නා විදිහට depression කියන්නේ අපි හැමෝටම අපේ ජිවිත ගමනේදී මුණගැහන්න පුළුවන් මානසික රෝගී තත්වයක්. අපේ සමාජයේ සිදුවුණ බොහොමයක් සියදිවි නසා ගැනීම් වලට හේතුව වුනේ මේ විශාදය කියන රෝගී තත්ත්වයි. මන්ද යත් මේ රෝගයේ භයානකම අවස්තාව සිය දිවි නසා ගැනීමයි. සියදිවි නසා ගත්ත කෙනෙකුට අර්ථ කතන දෙන්න කලින් අපි මේ ගැන පොඩ්ඩක් දැනුවත් වෙමුද ? අඩුම ගානේ අපිට පුළුවන් වෙයි එහෙම වෙන්න තියන විනාසයක් වලක්වන්න වචනයකින් හරි කාට හරි උදව්වක් දෙන්න.

    මොකද්ද මේ Depression/විශාදය කියන්නේ ?

    දිගුකාලයක් තිස්සේ මනසේ ඇතිවන කනගාටුදායක තත්වයක් හේතු කොටගෙන අපගේ මොලයේ සිදුවන් රසායනික වෙනස්වීමකි. මෙය ඔබ සිතන, දැනෙන සහ හැසිරෙන ආකාරයට බලපාන මනෝ ව්‍යාධියකි. එය දින කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා ඕනෑම තැනක පැවතිය හැකි දුක හෝ බලාපොරොත්තු රහිත හැඟීම් ඇති කරයි. ඔබගේ දවසේ සුළු පසුබෑමක් හෝ බලාපොරොත්තු සුන්වීමක් ගැන කලබල වීමට වඩා මෙය වෙනස් ය.

    Depression/විශාදය වල ලක්ෂණ මොනවද?

    1. දුක සහ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ නිරන්තර හැඟීම්
    2. වෙනදා ඔබ ආසාවෙන් සිදුකල බොහෝ ක්‍රියාකාරකම් කිරීමට උනන්දුවක් නොදැක්වීම
    3. අධික ලෙස කෝපයට පත්වීම
    4. අධික බර අඩු වීම හෝ බර වැඩිවීම සමඟ ආහාර රුචිය අඩු වීම හෝ වැඩි වීම
    5. ඕනෑවට වඩා නිදාගැනීම
    6. නොසන්සුන්කම
    7. තෙහෙට්ටුව
    8. වරදකාරිත්වය හෝ වැදගැම්මකට නැති බව පිළිබඳ අධික හෝ නුසුදුසු හැඟීම්
    9. තීරණ ගැනීමට අපහසු වීම, සිතීම සහ අවධානය යොමු කිරීම
    10. මරණය හෝ සියදිවි නසා ගැනීම පිළිබඳ බහුවිධ සිතුවිලි
    11. සියදිවි නසාගැනීමේ උත්සාහයක්

    දිගුකාලයක් තිස්සේ වේදනාවක් හිර කරගෙන ඉදලා ඒක කියාගන්න කෙනෙක්වත් නැති වැඩි පිරිසක් මේ රෝගී තත්වයට පත්විය හැක. රෝගයේ මුල් අවස්ථාවේදී මනස සැහැල්ලු කරන විවිධ ක්‍රියාකාරකම් මගින් යම් සහනයක් ලබා ගත හැකි වුවත් හැකි ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත් වෛද්‍ය ප්‍රතිකාර සමග සිදු කෙරෙන උපදේශන ප්‍රතිකාර මගින් මෙම ගැටලුවෙන් ඉතා ඉක්මනින් සහනයක් ලබා ගැනිමට ඔබට හැකිවේවි. විශේෂයෙන්ම ඉහත දක්වන ලද ලක්ෂණ සියල්ලම එක පුද්ගලයෙකුට ඇති නොවිය හැකි අතර ඉන් කිහිපයක් ඇතිවිය හැක.

    මෙම තත්වයේ අවසානය සියදිවි නසා ගැනීමට උත්සහ ගැනීමයි. එම අවස්ථාවට පැමිණි පසු අවට පිරිසට එය විකාරයක් පිස්සුවක් වගේ දැනුනත්, රෝගී තත්වයේ පසුවන පුද්ගලයාට එය දරාගත නොහැකි වේදනාවකි. සිතුවිලි පාලනයෙන් බැහැරව ජිවත් වන ඔහු හෝ ඇය එම වේදනාවෙන් මිදීමට උත්සහ ගන්නේ කුමන හෝ ක්‍රමවේදයකින් ජීවිතය හානි කරගැනීමට උත්සහ ගැනීමෙනි.

    ලෝකයේ බොහොමයක් ප්‍රසිද්ධ චරිත පවා කලෙක මෙම් තත්වයෙන් පිඩා විද ප්‍රතිකාර මගින් සුව වී ඉතා සතුටින් ඔවුන්ගේ ජිවිත ගත කරති. මෙම රෝගයෙන් පිඩා විදින යමෙක් වේනම් ඔවුන්ට වචනයකින් හරි උදව් කරන්න. ඔවුන්ගේ තත්වය තේරුම් ගැනීමට උත්සහ කරන්න. වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරන්න. සතුටින් ජිවත් වෙමු. අනිත් අයටත් සතුටින් ජිවත් වෙන්න උදවු කරමු.....

    රචනය : නිරංජලා කොළඹගේ
    (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සහ උපදේශක)
    ( කරුණාකර ඔබට මෙය copy හෝ share කිරීමට අවශ්‍යනම් කතෘ අයිතිය සහිතව දක්වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.)
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,323
    14,414
    113
    Me kaale work from home scenario ekath ekka godak aya same cycle eke inne.
    Oluwata wenasak nathi nisa sahena enawa psychological issues.
    Awul yaa gena enawa wage danenawa nam kisima awulak ganne nathuwa udaw illanna ewata qualified ayagen.
    Seek help and you won't regret it !