Despacito Katina කටින පෙරහැර version

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
කටින පින්කන් නෙවේ වඳුරු බයිලා මේවා.

කටින පිනමේදී කරන්නේ වස් වසපු අරණ්‍ය වාසි භාවනා යෝගී භිෂුන්වහසෙලගේ ඕන එපාකම් පිරිමහන පුජාව ඕක. ඊළඟ සදහම් චාරිකාවේ වඩින්න කලින්. ඒවගේ උතුම් පුණ්‍ය කර්මයක් කටින පිංකම.

දැන් එක Rio de Janeiro Carnival එක වෙන්න යන්නේ.

අරණ්‍ය වාසි භාවනායෝගී භික්ෂුන් වහන්සේලා දැන් හොයන්නත් නෑ. එක වෙනම කතාවක්.

dan hamuduruwanta ali nathuwama ba perahara karanna.
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හා ,බලප්න්කො ඉස්සරහට කෙල්ලො බිකිනි ඇඳන් ගජගා වන්නම නටන්නෙ නැද්ද කියලා ඉස්සරහට

    අවුලක් නෑ යුද්දෙ ඉවරයිනෙ, සාශනේ රැකෙනවනෙ, හම්බයෝ නැති වෙනවනෙ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    හැටිනේ බන්. ඉතිහාසේ තියෙන්නේ අන්යාගමිකයන් ඇවිල්ලා බුදු දහම විනාස කිරීම. දැන් තියෙන්නේ බුද්ධාගමේ එවුන්මයි කරන්නේ.

    මේකෙම සමහරු කියන විදිහට නුවර පෙරහැරේ නැට්ටුවෝ අයින් කරලා අර චන්දිමාල්ගේ birthday එකේ නටපු ජාතියේ බඩු ටිකක් නටව නටව ගියාට අවුලක් නෑ. ඇයි නිවන කියන්නේ වෙන එකක් ලු ඒකට බාදාවක් නෑ ලු.

    ඕන සින්දුවක් ගහගෙන නට නට යන්න තියන්නේ අවුලක් නෑ... "Fill-T ගේ මල්ලි" සද්දෙට දාගෙන කිය කිය බඩු ටිකක් හෙළුවෙන් අලියා වටේට දාගෙන නට නට යන්න තියෙන්නේ...

    මනා ඉන්ද්‍රීය සංවරයකින් යුතුව මනා ශ්‍රද්ධාවකින් යුතුව බුදු රජාණන් වහ්සේගේ, ධර්මයේ, සංඝ රත්නයේ ගුණ සිහි කරලා උතුම් ශ්‍රද්ධාවෙන් කරන පුජාවක් පින්කමක් නෙවේ.

    අනිත්‍ය වෙනස් වීම මෝඩකම බයාදු කම වහල් ක්‍රම ඔක්කොම කලවම් වෙච්ච යුගයක් බං මේක . මුන් වගේ ගොන් සෙට් එකක ඉඳන් මුන් වගේ අදහස් නැති එකම සතුටක් බං..
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    අනිත්‍ය වෙනස් වීම මෝඩකම බයාදු කම වහල් ක්‍රම ඔක්කොම කලවම් වෙච්ච යුගයක් බං මේක . මුන් වගේ ගොන් සෙට් එකක ඉඳන් මුන් වගේ අදහස් නැති එකම සතුටක් බං..

    සංස්කෘතිය කියන්නේ dynamic දෙයක්, කාලයත් එක්ක වෙනස් වෙනවා. මම මේ කරලා තියෙන දේට කැමති නෑ, මොකද මම මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්නේ හිත සන්සුන් වෙන, ගෞරවයක් ඇති වෙන සංගීතයක්. මගේ හිතේ එහෙම දෙයක් ඇති වෙන්නෙ (ඇති වෙන්න හිත පුරුදු වෙලා තියෙන්නේ) මේ හොරණෑ සද්දෙට නෙමෙයි.

    හැබැයි අපි ඒකට කම්පා වෙලත් වැඩක් නෑ. මිනිස්සු කැමති එකට නම් කාලයත් එක්ක අනිත් අයත් ඒකට කැමති වෙයි. ඔය හොරණෑ සද්දෙ වුනත් කවද කටින පිංකමට/බුද්ධාගම සම්බන්ද සිද්දි වලට එකතු වුනාද කියල අපි දන්නේ නෑ නේ. මම නේපාල/බංගලි පන්සල් වල කටින වලට ගිහින් තියෙනවා පෞද්ගලිකව. උන් ආතල් එකේ සින්දු කිය කිය නට නට, ලස්සන දිලිසෙන ඇඳුම් ඇඳගෙන කටිනෙ කරන්නේ. එහෙම කරාට උන්ගේ හිතේ ශ්‍රද්ධාව කියන එක අපේ ගානටම තියෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    කටින පින්කන් නෙවේ වඳුරු බයිලා මේවා.

    කටින පිනමේදී කරන්නේ වස් වසපු අරණ්‍ය වාසි භාවනා යෝගී භිෂුන්වහසෙලගේ ඕන එපාකම් පිරිමහන පුජාව ඕක. ඊළඟ සදහම් චාරිකාවේ වඩින්න කලින්. ඒවගේ උතුම් පුණ්‍ය කර්මයක් කටින පිංකම.

    දැන් එක Rio de Janeiro Carnival එක වෙන්න යන්නේ.

    අරණ්‍ය වාසි භාවනායෝගී භික්ෂුන් වහන්සේලා දැන් හොයන්නත් නෑ. එක වෙනම කතාවක්.

    :yes::yes::yes::yes::dull::dull:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    සංස්කෘතිය කියන්නේ dynamic දෙයක්, කාලයත් එක්ක වෙනස් වෙනවා. මම මේ කරලා තියෙන දේට කැමති නෑ, මොකද මම මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්නේ හිත සන්සුන් වෙන, ගෞරවයක් ඇති වෙන සංගීතයක්. මගේ හිතේ එහෙම දෙයක් ඇති වෙන්නෙ (ඇති වෙන්න හිත පුරුදු වෙලා තියෙන්නේ) මේ හොරණෑ සද්දෙට නෙමෙයි.

    හැබැයි අපි ඒකට කම්පා වෙලත් වැඩක් නෑ. මිනිස්සු කැමති එකට නම් කාලයත් එක්ක අනිත් අයත් ඒකට කැමති වෙයි. ඔය හොරණෑ සද්දෙ වුනත් කවද කටින පිංකමට/බුද්ධාගම සම්බන්ද සිද්දි වලට එකතු වුනාද කියල අපි දන්නේ නෑ නේ. මම නේපාල/බංගලි පන්සල් වල කටින වලට ගිහින් තියෙනවා පෞද්ගලිකව. උන් ආතල් එකේ සින්දු කිය කිය නට නට, ලස්සන දිලිසෙන ඇඳුම් ඇඳගෙන කටිනෙ කරන්නේ. එහෙම කරාට උන්ගේ හිතේ ශ්‍රද්ධාව කියන එක අපේ ගානටම තියෙනවා.

    සංස්කෘතිය නෙමෙයි බං බුද්ධාගම කියන්නෙත් අනිත්‍යයට අයිති දෙයක් dynamic. උඹ කියන දේ හරි. ඕක ගනං නොගෙන ඉන්න පුළුවන් අපිත් හිත දියුණු කරල තියෙනවා නම්. එහෙම නැනේ බං. අපි තාමත් ඉස්සර දේවල් වලට බැඳිලා.