[FONT="](බෞද්ධ විශ්ව න්‍යායවේදය)[/FONT]
[FONT="]විශ්වයේ[/FONT][FONT="]සැබෑ ව්‍යුහයට චිත්ත ස්වභාවයන් දායක වන්නේ කෙසේ ද[/FONT][FONT="]? [/FONT][FONT="]මෙම පැනයට පිළිතුරු[/FONT][FONT="]සපයනුයේ බුද්ධ දේශනා පමණි. බුදුන් වහන්සේ දේශනා කරන පරිදි චිත්ත ස්වභාවයන්[/FONT][FONT="]අනුව මහා ලෝක ධාතුව (පහසුව තකා [/FONT][FONT="]'[/FONT][FONT="]විශ්වය[/FONT][FONT="]' [/FONT][FONT="]නමින් හඳින්වමු) ස්තර [/FONT][FONT="]31 [/FONT][FONT="]කර බෙදේ.[/FONT][FONT="]මෙහිදී [/FONT][FONT="]'[/FONT][FONT="]ස්තර[/FONT][FONT="]' [/FONT][FONT="]යන වදන භාවිතා කෙරුණද එහි මූලික අදහස වන්නේ [/FONT][FONT="]'[/FONT][FONT="]කොටස්[/FONT][FONT="]' [/FONT][FONT="]යන්නයි.[/FONT][FONT="]මෙම කොටස් [/FONT][FONT="]31[/FONT][FONT="] ඉතා ක්‍රමානුකූලව නම් කෙරී ඇත. එම වර්ගීකරණයේ පදනම වන්නේ[/FONT][FONT="]මානසික තත්ත්වයන් නැතහොත් මානසික පැවැත්මයි.[/FONT][FONT="]
[/FONT][FONT="]තවදුරටත් පැහැදිලි වීම[/FONT][FONT="]සඳහා මෙවන් උදාහරණයක් ගනිමු. අප වාසය කරන පෘථිවිය මත විවිධ සත්තව කාණ්ඩ[/FONT][FONT="]ජීවත් වෙයි. මෙම සතුන් අතරින් මිනිසා සහ අනෙක් සතුන් සියලුදෙනා අතර[/FONT][FONT="]ප්‍රධාන වෙනස්කමක් ඇත. එනම් මිනිසාට යම් කරුණක් පිළිබඳව තම බුද්ධියෙන්[/FONT][FONT="]කල්පනා කර බලා එය යහපත්/අයහපත් යනුවෙන් දැනහඳුනාගෙන ඒ අනුව කටයුතු කළහැකි[/FONT][FONT="]වීමත් අනෙක් කිසිදු සත්ත්වයෙකුට එසේ කළ නොහැකි වීමත් ය. බුදු දහමේ මානසික[/FONT][FONT="]දියුණුව යනුවෙන් හැඳුන්වෙන්නේ මෙයයි. ඒ අනුව එකටම වාසය කළත් එකිනෙකා[/FONT][FONT="]අතරෙහිම ජීවත් වුවත් මිනිසා සහ අනෙක් සත්ත්ව වර්ගයා අයත් වන්නේ වෙනස්[/FONT][FONT="]මානසික ස්තර දෙකකටයි. මේ දෙක හැරුණු විට තවත් ස්තර [/FONT][FONT="]29[/FONT][FONT="]ක් පවතී. මා මෙම[/FONT][FONT="]උදාහරණය ඉදිරිපත් කළේ අනෙක් ස්තරයන්ට වඩා මෙම දෙක අපට වඩාත් සමීප නිසා[/FONT][FONT="]බුදු දහමේ එන [/FONT][FONT="]'[/FONT][FONT="]මානසික ස්තර[/FONT][FONT="]' [/FONT][FONT="]සංකල්පය හඳුනාගැනීමට පහසුම ක්‍රමය එය බැවිනි.[/FONT][FONT="]
[/FONT][FONT="]චක්‍රවාද විශ්ව න්‍යායවේදයෙහි පදනම එයයි.[/FONT][FONT="]
[/FONT][FONT="]දැන්[/FONT][FONT="]අප මෙම ස්තර [/FONT][FONT="]31 [/FONT][FONT="]වෙන වෙනම ගෙන සාකච්ඡා කරමු. මෙම ස්තර වර්ගීකරණය කෙරී ඇත්තේ[/FONT][FONT="]ඉහළම ස්තරයේ සිට පහළම එක දක්වායි. පළමුව මෙහි එන වචන දෙකක අර්ථ නිරූපණය[/FONT][FONT="]කිරීම සුදුසු වේ යැයි සිතමි. ඒවා නම් [/FONT][FONT="]'[/FONT][FONT="]දේව[/FONT][FONT="]' [/FONT][FONT="]හා [/FONT][FONT="]'[/FONT][FONT="]බ්‍රහ්ම[/FONT][FONT="]' [/FONT][FONT="]යන ඒවායි. බුදු[/FONT][FONT="]දහමේ එන දේව සංකල්පය[/FONT][FONT="], [/FONT][FONT="]බටහිර දේව සංකල්පයට වත්[/FONT][FONT="], [/FONT][FONT="]බ්‍රහ්ම සංකල්පය[/FONT][FONT="], [/FONT][FONT="]හින්දු[/FONT][FONT="]ඉගැන්වීම වල එන බ්‍රහ්ම සංකල්පයට වත් සමාන නොවන බව සිහි තබාගත යුතුය.[/FONT][FONT="]බුදුරජාණන්වහන්සේ දෙවියන්[/FONT][FONT="], [/FONT][FONT="]බ්‍රහ්මයන් යනුවෙන් හැඳින්වූයේ මිනිසාගේ මානසික[/FONT][FONT="]මට්ටමට වඩා ඉහළින් පසුවන ඕනෑම පුද්ගල කොට්ඨාශයකි. උන්වහන්සේ එම වචන භාවිතා[/FONT][FONT="]කළේ ක්‍රි.පූ [/FONT][FONT="]6[/FONT][FONT="] වන සියවසේ බ්‍රාහ්මණ සමාජය තුළ මෙම වචන ප්‍රබල ලෙස සමාජගතව[/FONT][FONT="]තිබූ නිසා මිස එහි අද පවතින තේරුමට අනුරූපව නොවේ.[/FONT][FONT="]
[/FONT][FONT="]මිනිස් වර්ගයාට[/FONT][FONT="]ඉහළින් ජීවන ස්තර [/FONT][FONT="]26[/FONT][FONT="]ක් පවතී. අවශ්‍ය නම් ඒ ඕනෑම ස්තරයක වසන පුද්ගලයෙකුට[/FONT][FONT="]දෙවියෙකු ය කියා කිව හැක. නමුත් ඔහුට ඇති මැවුම්කාර බලයක් වත්[/FONT][FONT="], [/FONT][FONT="]අධිපති[/FONT][FONT="]බලයක් වත් නැත. ඇත්තේ වඩා දියුණු මනසක් පමණි. එය හරියට අනෙක් සත්ත්වයන්ට[/FONT][FONT="]වඩා මිනිසාගේ මනස උසස් යැයි කීම වැනි ය. නමුත් දේව[/FONT][FONT="], [/FONT][FONT="]බ්‍රහ්ම යන වචන[/FONT][FONT="]වර්තමානයේ සමාජගතව පවතින්නේ මහා බලයක් ඇති අද්භූත පුද්ගල කොට්ඨාශයක්[/FONT][FONT="]වශයෙනි. (මගේ මතයට අනුව[/FONT][FONT="], [/FONT][FONT="]දේව[/FONT][FONT="], [/FONT][FONT="]බ්‍රහ්ම වැනි වචන වෙනුවට ඊට වඩා ජනතාවට සමීප[/FONT][FONT="]වචනයක් භාවිතා කළේ නම් මෙම මිථ්‍යාදෘෂ්ටිය සමාජයෙන් පහව යනු ඇත).[/FONT][FONT="]
[/FONT][FONT="]සැ.යු.[/FONT][FONT="]මනුෂ්‍ය ලෝකයේ සහ තිරිසන් ලෝකයේ හැර අන් සියලුම ස්තර වල ජීවීන්ගේ ආයු කාල[/FONT][FONT="] -[/FONT][FONT="]විශේෂ තත්ත්ව වලදී හැර- සාමාන්‍යයෙන් නියත ය. එනම් එම කාලයට පෙර ඔවුන්[/FONT][FONT="]මිය යන්නේ එම කාලය ඉක්මවා ඔවුන් ජීවත් වන්නේ නැත.[/FONT][FONT="]
[/FONT] [FONT="]අරූපාවචර බ්‍රහ්ම ලෝක [/FONT][FONT="]4 : 4 Immaterial Brahma Realms[/FONT][FONT="]
[/FONT][FONT="]සමථ[/FONT][FONT="]විදර්ශනා වැඩීම හරහා මනුෂ්‍යයෙකුට විශාල අධ්‍යාත්මික දියුණුවක් ලැබිය හැක.[/FONT][FONT="]නිර්වාන මාර්ගයට පිවිසීමට පෙරාතුව ලබන තාවකාලික මානසික දියුණු අවස්ථා[/FONT][FONT="]හැඳින්වෙන්නේ ධ්‍යාන වශයෙනි. මුලින්ම අත්කරගත හැක්කේ රූප ධ්‍යාන [/FONT][FONT="]4[/FONT][FONT="]ක් වන[/FONT][FONT="]අතර ඉන් ඔබ්බට ගිය විට අරූප ධ්‍යාන අත්කරගත හැක. අරූප ධ්‍යාන ද [/FONT][FONT="]4[/FONT][FONT="]කි. යමෙකු[/FONT][FONT="]ඉන් එක් ධ්‍යානයක් ලබා මියයන මොහොත වනතුරුත් ඉන් නොපිරිහී සිටීමට සමත් වේ[/FONT][FONT="]නම් ඔහු මෙලොවින් වෙන්ව ගොස් නැවත උපත ලබන්නේ ඔහු ලැබූ අරූප ධ්‍යානයට[/FONT][FONT="]අනුරූප අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ය. ඉන් වඩාත්ම ප්‍රාථමික ලෝකය[/FONT][FONT="]ආකාසානඤ්චායතනය වන අතර උසස්ම වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යි.[/FONT][FONT="]
[/FONT][FONT="]අරූප[/FONT][FONT="]ධ්‍යානයේ ලක්ෂණය නම් රූපය කෙරෙහි ආශාව[/FONT][FONT="], [/FONT][FONT="]හෝ රූපය පිලිබඳ හැඟීම බොහෝ දුරට[/FONT][FONT="]දුරු කර තිබීමයි. මේ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට භෞතික පෙනුමක් නැත[/FONT][FONT="]; [/FONT][FONT="]පවතින ස්ථානයක් නැත[/FONT][FONT="]; [/FONT][FONT="]අඩුම තරමින් එහි වෙසෙන්නන්ට රූපයක් නැත. ඇත්තේ[/FONT][FONT="]ඉතාමත්ම සියුම් හැඟීම් මාත්‍රයක් පමණි. මෙම බ්‍රහ්ම ලෝක වල ආයුෂ ඉතා දීර්ඝ[/FONT][FONT="]ය. බුදුවරුන් ඉපිද ඉපදී පිරිනිවන්පා ගිය ද මොවුන් ඒ බව දන්නේ නැත. මේ[/FONT][FONT="]හේතුව නිසා අනාගතයේ බුද්ධත්වය ලැබීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු -[/FONT][FONT="]බෝධිසත්ත්වයෙකු - මනුෂ්‍ය ලෝකයේදී අරූප ධ්‍යානයක් ලැබුව ද ඔවුන් අරූපාවචර[/FONT][FONT="]බ්‍රහ්ම ලෝක වල උපදින්නේ නැත. එය බෝධිසත්ත්ව වරුන්ට පම්ණක් විශේෂ[/FONT][FONT="]ලක්ෂණයකි. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරයි:[/FONT][FONT="]
(31) [/FONT][FONT="]නෙවසඤ්ඤානාසඤ්ඤායතන -- [/FONT][FONT="]Plane of Neither Perception-nor-non-Perception[/FONT][FONT="] : [/FONT][FONT="]සිදුහත් බෝසතාණන් වහන්සේගේ දෙවන ගුරුවරයා වූ උද්දකරාම පුත්ත එළඹ සිටියේ[/FONT][FONT="]මෙම ධ්‍යානයටයි. ඔහු සිතා සිටියේ නිවන යනු එය කියා ය. නමුත් බුදුන්වහන්සේ[/FONT][FONT="]බුදුවී දම් දෙසීමට පැමිණෙන විට ඔහු එම ධ්‍යානයෙන්ම කලුරිය කර තිබූ නිසා[/FONT][FONT="]අනන්තවත් වූ කාලපරිච්ඡේදයකට ඔහු මෙම බ්‍රහ්ම ලෝකයට ගියේය.[/FONT][FONT="]මෙම ලෝකයේ ආයු කාලය කල්ප [/FONT][FONT="]84000[/FONT][FONT="]ක් තරම් අති දීර්ඝ වේ.[/FONT][FONT="]
(30) [/FONT][FONT="]ආකිඤ්චඤ්ඤායතන -- [/FONT][FONT="]Plane of Nothingness[/FONT][FONT="] : [/FONT][FONT="]සිදුහත් බෝසතාණන් වහන්සේගේ පළමු ගුරුවරයා වූ ආලාර කාලාම එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු නිවන ලෙස සිතා සිටියේ එයයි.[/FONT][FONT="]
(29) [/FONT][FONT="]විඤ්ඤාණඤ්චායතන -- [/FONT][FONT="]Plane of Infinite Consciousness[/FONT][FONT="]
(28) [/FONT][FONT="]ආකාසානඤ්චායතන -- [/FONT][FONT="]Plane of Infinite Space
[/FONT]

