Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

latekid

Member
Aug 16, 2009
1,590
27
0
බුදුන් වහන්සෙ ගෙ දේසනා වලට අනුව මේ ලොකයෙ මුලින්ම ජ්වීන් බිහි උන ආකාරය ව්ස්තර කරන්ඩ පුලුවන්නම් , ඒ වගේම එයට අදාල සුත්‍රය සදහන් කරනවනම් ගොඩක්ම පින්.

අග්ඥ සුත්‍රය මම දන්නා විදිහට.
 
Last edited:
මටත් පොඩි ගැටලුවක් තියෙනව. කෙනෙක් ජීවිතයෙදි කොතරම් පින් දහම් කලත් ජීවිතයෙ අන්තිම මොහොතෙදි, හිතට තමන් කරපු පවක් හරි අකුසල කර්මයක් හරි හිතට ආවොත් ඒක හෙතුවෙන් එයා අපා ගත විය හැකි බව අසා තිබෙනව. එය ඇත්තක්ද?
එසේ වියහැක.
උදාහරණයක් ලෙස බොහො පිංදහම් සිදුකලද, අවසන් අවස්ථාවේදී පවන්සලමින් සිටි සේවිකාව අතින් අවන්පත වැදීම නිසා කෝපයට පත් ධර්මාශෝක රජු ඒ සමගම මියයැම නිසා මරණයෙන් පසු පිඹුරෙකුවී උපන් බව සදහන්වේ. කොපමණ පිංදහම් කලත් අවසානයේ පහලවූ ද්වේෂ සහගත සිතින් මියයැම නිසා මෙලෙස පිඹුරෙකුවී උප්පත්තියක් ලැබීමට සිදුවිය. (පසුව ඔහුගේ පුණ්‍ය බලෙන් එම ආත්මයෙන් මිදී දෙවුලොව ඉපදුනබව සදහන්වේ )

කොපමන පින් කල කෙනෙකුට උනත් අවසාන මොහොතෙදි කරන අකුසලයක් සිතට එන්නෙත් ඔහුගෙ කර්ම විපාකයක් හැටියටද?
කර්ම විපාකයක් හැටියටමත් කියල කියන්නත් අමාරුයි. මොකද ඒ අවස්ථාවේ සිදුවන සිදුවීම අනුවත් අවසාන යේ පහලවෙන චුතිසිතේ ස්භාවය අනුව ඒක වෙනස්වෙන්න පුලුවන්.
මරණාසන්න අවස්ථාවේදී පහලවෙන කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අනුව ඔහුගේ ඊලග භවය තීරණයවෙනවා.මෙම නිමිති වලින් කුමක් හෝ පහලවීමෙන් මැරෙන කෙනාගෙ සිත එයට නැමී එය අරමුණු කරගෙනම එම අරමුණු වූ කර්මයට අනුරූප වන පරිදි යම් කිසි ස්ථානයක ප්‍රතිසන්ධි සිත ඇතිවීමෙන් වෙනත් භවයක උපත ලබනව.

කර්මය විපාකදීමද සිවු ආකාරය. එනම් ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම යනුවෙනි. ගරුක කර්ම යනු, කුසලාකුසල කර්මයන්ගේ බලවත්ව කර්මයයි. එහි විපාක අනෙක් කර්මයකින් යටපත් කළ නොහැකි ය. අෂ්ඨසමාපත්ති සහිත ධ්‍යාන කුසල් ලැබූ අය බඹලොව උපදී. ආනන්තර්ය පාපකර්ම කළ අය නියත වශයෙන්ම අපාගත වේ.

ආසන්න කර්මය නම් මරණාසන්න කාලයේ සිතට ඇතිවන අරමුණු ය. කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් එම අරමුණ අනුව පසු උපත සිදුවේ. අසදෘෂ දානදුන් කෝසල මල්ලිකා සතියක් අපාගතවූයේ මරණාසන්නයේ ඇති වූ පාප චුති චිත්තය නිසා ය.

ආචින්න කර්මය යනු, තමා කළ කුසල අකුසල කර්ම බොහෝ කාලයක් සේවනය කරන ලද, පුරුදු කරන ලද නිතර නිතර සිහිපත් කරන ලද කර්මයන්ය. තමන් කරන කුසල හෝ අකුසල කර්මයට නිතර එල්බ සිටී නම් ඒ අනුව විපාක ලැබේ. චුන්ද සූකරික ඌරන් මැරීම ඔහුගේ ජීවිතය පුරා පැවති දෙයකි. එම පාපි සිතිවිල්ල විනා වෙනත් කිසිම කුසල් සිතිවිල්ලක් ඔහුට නැත. එම අකුසල චිත්ත අනුව ඔහු අපාගත විය.

කටත්තා කර්මය යනු, පෙර තුන් ආකාරයෙන්ම සුඛහෝ දුක්ඛ විපාක නොලැබෙන විට පෙර ජාතිවල කළ අපරාපරිය වේදනීය කර්මවල විපාකදීමය.

-----

මම මේක දැක්කෙ බුදුසරණ අන්තර්ජාල කලාපයේ.. :oo:

මේ පිලිවෙල හරිද?? :confused:

ගරුක ආසන්න ආචින්න කටත්තා ද? නැත්තම්... ගරුක ආචින්න ආසන්න කටත්තා ද?? :confused:

නදුන් යාළුවා මට හිතෙන විදිහට නම් ඔයාට ඔය ගැටළුව ඇතිවෙලා තියෙන්නේ ඉහත "ආසන්න කර්මය" පැහැදිලි කර ඇති ආකාරය හරි ආකාරව පැහැදිලි නොවීම නිසයි.

[FONT=&quot]ආසන්න කර්ම[/FONT]

ආසන්න කර්මය නම් මරණාසන්න කාලයේ සිතට ඇතිවන අරමුණු ය. කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් එම අරමුණ අනුව පසු උපත සිදුවේ.
මරණයට ආසන්න අවස්ථාවේදී කරන ලද, ‍ මරණයට ආසන්න අවස්ථාවේදී සිහි කරන ලද (පූර්වයෙහි දී කරන ලද මරණාසන්න අවස්ථාවේදී සිහිපත්වු) කර්ම ආසන්න කර්ම ලෙස හඳුන්වනව.

(කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් එම අරමුණ අනුව පසු උපත සිදුවේ.)
අවසාන අවස්ථාවේදී පහලවන කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් සිත එයට නැමී එය අරමුණු කරගෙනම එම අරමුණු වූ කර්මයට අනුරූපව ප්‍රතිසන්ධි සිත පහලවීම සිදුවේ. (ඒ අනුව මතු බවය තීරණයවේ.)

[FONT=&quot]ආචීර්ණ කර්ම[/FONT]

ආචින්න කර්මය යනු, තමා කළ කුසල අකුසල කර්ම බොහෝ කාලයක් සේවනය කරන ලද, පුරුදු කරන ලද නිතර නිතර සිහිපත් කරන ලද කර්මයන්ය. තමන් කරන කුසල හෝ අකුසල කර්මයට නිතර එල්බ සිටී නම් ඒ අනුව විපාක ලැබේ.
නිරන්තරයෙන් කරන ලද්දාවූ (දිනපතා කරන ලද කර්ම, සතියකට වරක් බැගින් කරන ලද කර්ම, මාසයකට වරක්, වර්ෂයකට වරක් බැගින් කරනලද කර්ම වැනි දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා කරන ලද කර්මයන්), මෙන්ම දිර්ඝ කාලයක පටන් සිහි කරමින් සිටි කර්ම ආචිර්ණ කර්ම ලෙස හඳුන්වනව.

විපාකදීමේ ආකාරය අනුව ආසන්න කර්මය ආචීර්ණ කර්මයට වඩා ඉදිරියට එන්නේ මරණාසන්නයේ පහලවු චුති සිත ගත් අරමුණට අනුරූපව ප්‍රතිසන්ධි සිත පහලවීම නිසයි.

ආසන්න කර්මය ලෙස, තම ජීවිතය පුරා කරන අකුසල කර්ම කරන ලද පුද්ගලයකුට අකුසල කර්මයක්ද, කුසල කර්ම කරන ලද පුද්ගලයකුට කුසල කර්මයක්ද සිහිවිය හැක. (මක්නිසාදයත් කෙනෙකුට කවදාවත් තම සිත රවට්ටා ගත නොහැක. ජීවිතය පුරා අකුසල කර්ම කරනලද පුද්ගලයකුට අවසාන මොහොතේ තම උවමනාවෙන් කුසල් සිතක් ඇතිකරගත හැකිවේයැයි සිතිය නොහැක.)

  • Like
Reactions: nadun07
Originally Posted by dewage55
බුදුන් වහන්සෙ ගෙ දේසනා වලට අනුව මේ ලොකයෙ මුලින්ම ජ්වීන් බිහි උන ආකාරය ව්ස්තර කරන්ඩ පුලුවන්නම් , ඒ වගේම එයට අදාල සුත්‍රය සදහන් කරනවනම් ගොඩක්ම පින්.
අග්ඥ සුත්‍රය මම දන්නා විදිහට.
:yes::yes::)
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
තොත්තබබා;7706846 said:
නදුන් යාළුවා මට හිතෙන විදිහට නම් ඔයාට ඔය ගැටළුව ඇතිවෙලා තියෙන්නේ ඉහත "ආසන්න කර්මය" පැහැදිලි කර ඇති ආකාරය හරි ආකාරව පැහැදිලි නොවීම නිසයි.

ආසන්න කර්ම
මරණයට ආසන්න අවස්ථාවේදී කරන ලද, ‍ මරණයට ආසන්න අවස්ථාවේදී සිහි කරන ලද (පූර්වයෙහි දී කරන ලද මරණාසන්න අවස්ථාවේදී සිහිපත්වු) කර්ම ආසන්න කර්ම ලෙස හඳුන්වනව.

(කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් එම අරමුණ අනුව පසු උපත සිදුවේ.)
අවසාන අවස්ථාවේදී පහලවන කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් සිත එයට නැමී එය අරමුණු කරගෙනම එම අරමුණු වූ කර්මයට අනුරූපව ප්‍රතිසන්ධි සිත පහලවීම සිදුවේ. (ඒ අනුව මතු බවය තීරණයවේ.)

ආචීර්ණ කර්ම
නිරන්තරයෙන් කරන ලද්දාවූ (දිනපතා කරන ලද කර්ම, සතියකට වරක් බැගින් කරන ලද කර්ම, මාසයකට වරක්, වර්ෂයකට වරක් බැගින් කරනලද කර්ම වැනි දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා කරන ලද කර්මයන්), මෙන්ම දිර්ඝ කාලයක පටන් සිහි කරමින් සිටි කර්ම ආචිර්ණ කර්ම ලෙස හඳුන්වනව.

විපාකදීමේ ආකාරය අනුව ආසන්න කර්මය ආචීර්ණ කර්මයට වඩා ඉදිරියට එන්නේ මරණාසන්නයේ පහලවු චුති සිත ගත් අරමුණට අනුරූපව ප්‍රතිසන්ධි සිත පහලවීම නිසයි.

ආසන්න කර්මය ලෙස, තම ජීවිතය පුරා කරන අකුසල කර්ම කරන ලද පුද්ගලයකුට අකුසල කර්මයක්ද, කුසල කර්ම කරන ලද පුද්ගලයකුට කුසල කර්මයක්ද සිහිවිය හැක. (මක්නිසාදයත් කෙනෙකුට කවදාවත් තම සිත රවට්ටා ගත නොහැක. ජීවිතය පුරා අකුසල කර්ම කරනලද පුද්ගලයකුට අවසාන මොහොතේ තම උවමනාවෙන් කුසල් සිතක් ඇතිකරගත හැකිවේයැයි සිතිය නොහැක.)

බොහොම පින් තොත්තබබා පැහැදිලි කිරීමට, අන්තිම ටිකෙන් ඔක්කොම වගේ පැහැදිලි උනා :D
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් ඇතිවුන ප්‍රශ්නයක් තමයි නදුන් අහල තිබුනේ... නදුන්ටයි තොත්ත බබාටයි දෙන්නටම ස්තූතියි.... :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තොත්තබබා;7706957 said:

    අග්ගඥ සුත්‍රය පැහැදිලිව සිංහලෙන් පලවෙලා තියෙන තැනක් එහෙම හොයලා දුන්නොත් පින්... :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    බුදුන් වහන්සෙ ගෙ දේසනා වලට අනුව මේ ලොකයෙ මුලින්ම ජ්වීන් බිහි උන ආකාරය ව්ස්තර කරන්ඩ පුලුවන්නම් , ඒ වගේම එයට අදාල සුත්‍රය සදහන් කරනවනම් ගොඩක්ම පින්.

    "අපට නොපෙනෙන ලෝකය 2" පොතේ ඔය ගැන විස්තර තිබුනා :)
     
    අග්ගඥ සුත්‍රය පැහැදිලිව සිංහලෙන් පලවෙලා තියෙන තැනක් එහෙම හොයලා දුන්නොත් පින්... :)
    අග්ගඥ සුත්‍රය පිළිබද බුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පොතින් තේරුම් ගැනීම අපහසුනම්,
    කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වසන්සේගේ "ලෝකය හැදෙන හැටි" පොත කියවා බලන්න. මේහි අග්ගඥ සුත්‍රය පිළිබද සරළ බසින් විස්තරයක් තියනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තොත්තබබා;7708047 said:

    බොහොම ස්තූතියි... මම ඒක බලන්නම්... :):):)
     
    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    තොත්තබබා;7708047 said:
    අග්ගඥ සුත්‍රය පිළිබදබුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පොතින් තේරුම් ගැනීම අපහසුනම්,
    කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වසන්සේගේ "ලෝකය හැදෙන හැටි" පොත කියවා බලන්න. මේහි අග්ගඥ සුත්‍රය පිළිබද සරළ බසින් විස්තරයක් තියනවා.

    මමනම් පව්ද්ගලිකව කිරිබත්ගොඩ ඥානානන්ද හම්දුරුවන්ගේ පොත් සහ ධර්ම දේශනා ahanna .ඔහුගේ බාවන ක්‍රම කිසිම තේරුමක් නැති යාතිකාවක්.ඔහුගේ පොත් සරල වැඩි කරන්න ගිහින් නියම තේරුම ලිවෙලත් නැහැ.හොඳම දේ පිළිගත්තා පොතකින් කියවල බැලීම.කිරම විමලජෝති හාමුදුරුවන්ගේ/නිවන්දම ධර්මකිත්ති hamuduruwange (නම හරියටම මතක න) දිග නිකාය translation එකක් තියනව.එක හොඳයි.

    නැත්නම් නැදිමාල බෞද්ද සංස්කෘතික මද්යස්ථානයට ගිහින් අහල ඉල්ලන්න.අනිවාර්යෙන්ම හොඳ පොත් ගොඩක් බලාගන්න පුළුවන් වෙයි.
     
    Last edited:

    dammamuditha

    Member
    Sep 8, 2008
    206
    26
    0
    දුක්ඛ සත්‍යයේ එන දුක ගැන කතාකරන කොට, ඉපදීම, මරනය, ජරාව,ව්‍යාදිය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, උවමනා දේ නොලැනබීම..... යනාදී වශයෙන් අසා තිබෙනවා. මෙහිදී ඉපදීම, මරනය ආදියෙන් හඳුන්වන්නේ ජීවියෙකුගේ උත්පත්තිය, මරනයද නැතහොත් වෙනත් දෙයක්ද ගැන පැහදිලි විස්තරයක් කාටහරි කරන්න පුලුවන්ද? ආයතනවල ඉපදීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න තේරුම් කරදෙන්න පුලුවන් නම් ගොඩක් පින්
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සචි සහ මෙයට දායක වු සියලු දෙනාට පින්.

    මගෙ ගැටලුවට ඉහත උදෘතය අදාලයි කියල හිතෙනවා.

    1. කෙනෙක් මැරුනම ඔහු ගෙ කර්ම එකතුව මොන ක්ර?ම්යෙන් ද ඉලන්ඟ බවයට ගමන් කරන්නෙ. එම මාද්යය ශක්තියක් ද? එය වෙනත් ආකාරයෙ භව්තික විද්යාවෙ සන්කල්පයකින් පැහැදිලි කල හැකි ද
    2. අපිට වෙනත් කෙනෙකුට පින් අනු මොදන් කරන්න පුළුවන් නම් එම මාද්යන් එකිනෙකා සමඟ සන්නිවෙදනය කරනවා නෙද?
    3. මෙම මාද්යය නැති විම ද නිවන කියන්නෙ?
    මගෙ සිංහල අකුරු කෙටිමෙ අඩු පාඩු ඇති.

    පුලුවන් කෙනෙක් ඉන්නවානම් මෙ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න පුලුවන් නම් ගොඩාක් පින්
     
    sethbopath

    Member
    Jun 29, 2010
    17
    2
    0
    Obata puluwannam hithanna, ada padam karapu de mona widiyatada exam eka welawe mathak wune kiyala me gena yam adahasam hithata ganna puluwan wevi. Obata obage mawa wage kenek dakina wita mawa mathak wenne ayi? Oba mawa kiyala handugena tibu ruupaya mathak una nisa neda? Apa anantha sasara pura pahala kala sithuwili me winnanaya thula thanpathwa thiyana nisa neda pera bhawayan dakinna puluwan? "Chethana han Bhikkawe Kamman wadami" Chethanawa karma bawata pathwe. Meya siyalu buduwarunge deshanawai.
     
    • Like
    Reactions: Zodiac

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    වැදගත් ත්‍රේඩ් එකක්! දිගටම කර ගෙන යන්න සචී
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රශ්න කීපයක් තියෙනවා තාම පිලිතුරු ලැබිලා නෑ වගේ.. අපේ කට්ටිය දැක්කේ නැද්ද .??
     
    Status
    Not open for further replies.