බුදුන් වහන්සෙ ගෙ දේසනා වලට අනුව මේ ලොකයෙ මුලින්ම ජ්වීන් බිහි උන ආකාරය ව්ස්තර කරන්ඩ පුලුවන්නම් , ඒ වගේම එයට අදාල සුත්‍රය සදහන් කරනවනම් ගොඩක්ම පින්.
අග්ගඥ සුත්‍රය මම දන්නා විදිහට.
Last edited:
බුදුන් වහන්සෙ ගෙ දේසනා වලට අනුව මේ ලොකයෙ මුලින්ම ජ්වීන් බිහි උන ආකාරය ව්ස්තර කරන්ඩ පුලුවන්නම් , ඒ වගේම එයට අදාල සුත්‍රය සදහන් කරනවනම් ගොඩක්ම පින්.
එසේ වියහැක.මටත් පොඩි ගැටලුවක් තියෙනව. කෙනෙක් ජීවිතයෙදි කොතරම් පින් දහම් කලත් ජීවිතයෙ අන්තිම මොහොතෙදි, හිතට තමන් කරපු පවක් හරි අකුසල කර්මයක් හරි හිතට ආවොත් ඒක හෙතුවෙන් එයා අපා ගත විය හැකි බව අසා තිබෙනව. එය ඇත්තක්ද?
කර්ම විපාකයක් හැටියටමත් කියල කියන්නත් අමාරුයි. මොකද ඒ අවස්ථාවේ සිදුවන සිදුවීම අනුවත් අවසාන යේ පහලවෙන චුතිසිතේ ස්භාවය අනුව ඒක වෙනස්වෙන්න පුලුවන්.කොපමන පින් කල කෙනෙකුට උනත් අවසාන මොහොතෙදි කරන අකුසලයක් සිතට එන්නෙත් ඔහුගෙ කර්ම විපාකයක් හැටියටද?
කර්මය විපාකදීමද සිවු ආකාරය. එනම් ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම යනුවෙනි. ගරුක කර්ම යනු, කුසලාකුසල කර්මයන්ගේ බලවත්ව කර්මයයි. එහි විපාක අනෙක් කර්මයකින් යටපත් කළ නොහැකි ය. අෂ්ඨසමාපත්ති සහිත ධ්‍යාන කුසල් ලැබූ අය බඹලොව උපදී. ආනන්තර්ය පාපකර්ම කළ අය නියත වශයෙන්ම අපාගත වේ.
ආසන්න කර්මය නම් මරණාසන්න කාලයේ සිතට ඇතිවන අරමුණු ය. කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් එම අරමුණ අනුව පසු උපත සිදුවේ. අසදෘෂ දානදුන් කෝසල මල්ලිකා සතියක් අපාගතවූයේ මරණාසන්නයේ ඇති වූ පාප චුති චිත්තය නිසා ය.
ආචින්න කර්මය යනු, තමා කළ කුසල අකුසල කර්ම බොහෝ කාලයක් සේවනය කරන ලද, පුරුදු කරන ලද නිතර නිතර සිහිපත් කරන ලද කර්මයන්ය. තමන් කරන කුසල හෝ අකුසල කර්මයට නිතර එල්බ සිටී නම් ඒ අනුව විපාක ලැබේ. චුන්ද සූකරික ඌරන් මැරීම ඔහුගේ ජීවිතය පුරා පැවති දෙයකි. එම පාපි සිතිවිල්ල විනා වෙනත් කිසිම කුසල් සිතිවිල්ලක් ඔහුට නැත. එම අකුසල චිත්ත අනුව ඔහු අපාගත විය.
කටත්තා කර්මය යනු, පෙර තුන් ආකාරයෙන්ම සුඛහෝ දුක්ඛ විපාක නොලැබෙන විට පෙර ජාතිවල කළ අපරාපරිය වේදනීය කර්මවල විපාකදීමය.
-----
මම මේක දැක්කෙ බුදුසරණ අන්තර්ජාල කලාපයේ..![]()
මේ පිලිවෙල හරිද??
ගරුක ආසන්න ආචින්න කටත්තා ද? නැත්තම්... ගරුක ආචින්න ආසන්න කටත්තා ද??![]()
මරණයට ආසන්න අවස්ථාවේදී කරන ලද, මරණයට ආසන්න අවස්ථාවේදී සිහි කරන ලද (පූර්වයෙහි දී කරන ලද මරණාසන්න අවස්ථාවේදී සිහිපත්වු) කර්ම ආසන්න කර්ම ලෙස හඳුන්වනව.ආසන්න කර්මය නම් මරණාසන්න කාලයේ සිතට ඇතිවන අරමුණු ය. කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් එම අරමුණ අනුව පසු උපත සිදුවේ.
නිරන්තරයෙන් කරන ලද්දාවූ (දිනපතා කරන ලද කර්ම, සතියකට වරක් බැගින් කරන ලද කර්ම, මාසයකට වරක්, වර්ෂයකට වරක් බැගින් කරනලද කර්ම වැනි දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා කරන ලද කර්මයන්), මෙන්ම දිර්ඝ කාලයක පටන් සිහි කරමින් සිටි කර්ම ආචිර්ණ කර්ම ලෙස හඳුන්වනව.ආචින්න කර්මය යනු, තමා කළ කුසල අකුසල කර්ම බොහෝ කාලයක් සේවනය කරන ලද, පුරුදු කරන ලද නිතර නිතර සිහිපත් කරන ලද කර්මයන්ය. තමන් කරන කුසල හෝ අකුසල කර්මයට නිතර එල්බ සිටී නම් ඒ අනුව විපාක ලැබේ.
තොත්තබබා;7706846 said:නදුන් යාළුවා මට හිතෙන විදිහට නම් ඔයාට ඔය ගැටළුව ඇතිවෙලා තියෙන්නේ ඉහත "ආසන්න කර්මය" පැහැදිලි කර ඇති ආකාරය හරි ආකාරව පැහැදිලි නොවීම නිසයි.
ආසන්න කර්ම
මරණයට ආසන්න අවස්ථාවේදී කරන ලද, මරණයට ආසන්න අවස්ථාවේදී සිහි කරන ලද (පූර්වයෙහි දී කරන ලද මරණාසන්න අවස්ථාවේදී සිහිපත්වු) කර්ම ආසන්න කර්ම ලෙස හඳුන්වනව.
(කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් එම අරමුණ අනුව පසු උපත සිදුවේ.)
අවසාන අවස්ථාවේදී පහලවන කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් සිත එයට නැමී එය අරමුණු කරගෙනම එම අරමුණු වූ කර්මයට අනුරූපව ප්රතිසන්ධි සිත පහලවීම සිදුවේ. (ඒ අනුව මතු බවය තීරණයවේ.)
ආචීර්ණ කර්ම
නිරන්තරයෙන් කරන ලද්දාවූ (දිනපතා කරන ලද කර්ම, සතියකට වරක් බැගින් කරන ලද කර්ම, මාසයකට වරක්, වර්ෂයකට වරක් බැගින් කරනලද කර්ම වැනි දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා කරන ලද කර්මයන්), මෙන්ම දිර්ඝ කාලයක පටන් සිහි කරමින් සිටි කර්ම ආචිර්ණ කර්ම ලෙස හඳුන්වනව.
විපාකදීමේ ආකාරය අනුව ආසන්න කර්මය ආචීර්ණ කර්මයට වඩා ඉදිරියට එන්නේ මරණාසන්නයේ පහලවු චුති සිත ගත් අරමුණට අනුරූපව ප්රතිසන්ධි සිත පහලවීම නිසයි.
ආසන්න කර්මය ලෙස, තම ජීවිතය පුරා කරන අකුසල කර්ම කරන ලද පුද්ගලයකුට අකුසල කර්මයක්ද, කුසල කර්ම කරන ලද පුද්ගලයකුට කුසල කර්මයක්ද සිහිවිය හැක. (මක්නිසාදයත් කෙනෙකුට කවදාවත් තම සිත රවට්ටා ගත නොහැක. ජීවිතය පුරා අකුසල කර්ම කරනලද පුද්ගලයකුට අවසාන මොහොතේ තම උවමනාවෙන් කුසල් සිතක් ඇතිකරගත හැකිවේයැයි සිතිය නොහැක.)

තොත්තබබා;7706957 said:

බුදුන් වහන්සෙ ගෙ දේසනා වලට අනුව මේ ලොකයෙ මුලින්ම ජ්වීන් බිහි උන ආකාරය ව්ස්තර කරන්ඩ පුලුවන්නම් , ඒ වගේම එයට අදාල සුත්‍රය සදහන් කරනවනම් ගොඩක්ම පින්.

අග්ගඥ සුත්‍රය පිළිබද බුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පොතින් තේරුම් ගැනීම අපහසුනම්,අග්ගඥ සුත්‍රය පැහැදිලිව සිංහලෙන් පලවෙලා තියෙන තැනක් එහෙම හොයලා දුන්නොත් පින්...![]()
තොත්තබබා;7708047 said:අග්ගඥ සුත්‍රය පිළිබද බුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පොතින් තේරුම් ගැනීම අපහසුනම්,
කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වසන්සේගේ "ලෝකය හැදෙන හැටි" පොත කියවා බලන්න. මේහි අග්ගඥ සුත්‍රය පිළිබද සරළ බසින් විස්තරයක් තියනවා.



තොත්තබබා;7708047 said:අග්ගඥ සුත්‍රය පිළිබදබුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පොතින් තේරුම් ගැනීම අපහසුනම්,
කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වසන්සේගේ "ලෝකය හැදෙන හැටි" පොත කියවා බලන්න. මේහි අග්ගඥ සුත්‍රය පිළිබද සරළ බසින් විස්තරයක් තියනවා.
mekata piluthuru labenne athi kiyala man hitanwa
සචි සහ මෙයට දායක වු සියලු දෙනාට පින්.
මගෙ ගැටලුවට ඉහත උදෘතය අදාලයි කියල හිතෙනවා.
1. කෙනෙක් මැරුනම ඔහු ගෙ කර්ම එකතුව මොන ක්ර?ම්යෙන් ද ඉලන්ඟ බවයට ගමන් කරන්නෙ. එම මාද්‍යය ශක්තියක් ද? එය වෙනත් ආකාරයෙ භව්තික විද්‍යාවෙ සන්කල්පයකින් පැහැදිලි කල හැකි ද
2. අපිට වෙනත් කෙනෙකුට පින් අනු මොදන් කරන්න පුළුවන් නම් එම මාද්යන් එකිනෙකා සමඟ සන්නිවෙදනය කරනවා නෙද?
3. මෙම මාද්‍යය නැති විම ද නිවන කියන්නෙ?
මගෙ සිංහල අකුරු කෙටිමෙ අඩු පාඩු ඇති.
metaning gannaatanatakaya tiyanawanam audio ekak dendako godak pin
tawa eka teruma tiyanawanam godak hodai