Dhammamuditha Asked
"ක්ඛ සත්‍යයේ එන දුක ගැන කතාකරන කොට, ඉපදීම, මරනය, ජරාව,ව්‍යාදිය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, උවමනා දේ නොලැනබීම..... යනාදී වශයෙන් අසා තිබෙනවා. මෙහිදී ඉපදීම, මරනය ආදියෙන් හඳුන්වන්නේ ජීවියෙකුගේ උත්පත්තිය, මරනයද නැතහොත් වෙනත් දෙයක්ද ගැන පැහදිලි විස්තරයක් කාටහරි කරන්න පුලුවන්ද? ආයතනවල ඉපදීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න තේරුම් කරදෙන්න පුලුවන් නම් ගොඩක් පින්"
Answer
පින්වත් ඔබ අසා තිබෙන්නේ හොද ප්‍රශ්නයක්. ඇත්තටම මේ ගැන විස්තර වුන දේශනා තිබෙනවා.
ඉපදීම
‘‘කතමා චාවුසො, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චතාවුසො – ‘ජාති’’’
"ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉපදීම යනු කුමක් ද? ඒ ඒ සත්වයන්ගේ ඒඒ සත්වනිකායන්ගේ යම් ඉපදීමක් වේ ද...අංගෝපාංග සකස් වී යම් උපතක් සිදු වේද...විශේෂ උත්පත්තියක් වේද(එනම් බිත්තරයක් තුළ, තෙත තැනක, දෙවිවරු මෙන් ඔපපාතිකව)...රූප, වේදනා, සඤ්ඤා සංස්කාර, සහ විඤ්ඥාණ වශයෙන් පංචඋපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේද...(ඇස කණ නාසය ආදී)ආයතනයන්ගේ ලැබීමක් වේද..ආයුෂ්මතුන් වහන්ස මෙය 'උපත' ලෙස හදුන්වයි."
මේ අනුව මේ පවසන්නේ...අපි කවුරුත් දන්නා ඉපදීම ම බව මෙයින් පැහැදිලි වෙනවා.
මෙය පවතින්නේ 'සච්ච විභංග සූත්‍රයේ' - මජ්ඣිම නිකාය 3
මරණයත් එහි විස්තර වෙනවා. ඒ අනුව ඒ මරණය යනු අප අසා පුරුදු 'මරණය' ම යි.
(විස්තරය අනවශ්‍ය යැයි සිතමි. අවශ්‍යනම් ඒ පාඨ ද දාන්නං)
තෙරුවන් සරණයි.