"සර්.. තේ ද..? බීම ද..? වතුරද
"ම්.. මට තේ එකක් ගේනවා.."
"සර්.. බොගවන්තලාව තේද..? ග්රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"
"ම්.. මට ග්රීන් ටී එකක් ගේනවා.."
"සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"
"ම්.. කිරි දාලා ගේනවා.."
"සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"
"ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."
"සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"
"වැනිලා හලෝ වැනිලා.."
"සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"
"ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."
"සර්.."
"මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."
"සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"
"නිකං එකක් ඕයි.. නිකං එකක්.."
"සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"
"ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."
"වහ ටිකක්..?"
"ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."
"සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"
"අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."
"සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?