යූටියුබ් අන්ලිමිටඩ් පැකේජ් එක දාලා hotspot කරගෙන desktop එකෙන් ගියාම මාර ස්ලොව්. සයිට් එක ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා. වීඩියෝ තියා කොමන්ට් බලන්නත් බැ. මේ හැටිද? බ්‍රව්සරේ ඇඩ් බ්ලොකර් ඔක්කොම දාගෙන ඉන්නේ. බ්‍රව්සරේ ඔපෙරා
ps - පෝන් එකෙ ක්‍රෝම් එකෙන් ගිහින් බැලුවා වෙනසක් නෑ. තම්බ්නේල් ලෝඩ් වෙන්නත් ඩෙස්ක්ටොප් එකේ වගෙ වෙලාවක් යනවා
යූ ටියුබ් අන්ලිමිටඩ් කියන්නේ තනිකරම මාෆියාවක් බන්.
මම ඔය පැකේජ් එක දා ගත්තේ දෙපාරයි ඊට පස්සේ මටම එපා උනා.
මම හොට්ස්පොට් දාගෙන ලැපෙනුත් ගියා වැඩ හොදට ..
හැබැයි උන්ගේ බලු වැඩක් තියෙනවා අපි ඉන්ටර්නෙට් යන්නේ 4G වලින් උනාට වීඩීයෝ එක බල බල ඉන්නකොට ගොඩක් වෙලා එක දිගට උන් 4G to 3G & H+ සිග්නල් මාරු කරනවා..
එතකොට යන්න බෑ පට්ට ස්ලෝ..වීඩියෝ එකත් මගදි හිර වෙනවා.
මම තව ෆෝන් එකකුත් අරන් යාලුවෙක්ගේ චෙක් කරා ඒකට සාමන්ය ඩේටා පැක් එකක් දාගෙන එකම වෙලවේ එකම තැන තියලා.. සාමාන්ය එකේ හොදට වැඩ ස්ප්‍රීඩ් .. ඒත් යූටියුබ් අන්ලිමිටඩ් එකේ සිග්නල් අතර මගදි මාරු වෙලා ස්ලෝ වෙනවා.
ඩයලොග් මොබිටෙල් දෙගොල්ලම එකම විදිහ කරන්නේ.
මම ඩයලොග් එකට කෝල් කරලත් ඇහුවා උන් කියනවා යූටියුබ් අන්ලිමිටඩ් පැක් එකේ කස්ටම්ර් බේස් එක වැඩි නිසා එහෙම වෙනවලු..
එත්කොට මම ඇහුවා සාමන්ය ඩේටා පැක් එකේ එහෙම අවුලක් එන්නේ නෑනේ කියලා.. එත්කොට උන් කියන්නේ ඔයා ඉන්නේ පැත්තේ සිගනල් මදි කියලා..