diet කිරීමෙන් තොරව කෙට්ටු වෙන හැටි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    diet කිරීමෙන් තොරව කෙට්ටු වෙන හැටි

    diet කිරීමෙන් තොරව කෙට්ටු වෙන හැටි

    2itsjdj.jpg


    කෙට්ටු වෙන්න කව්ද අකමැති.ලස්සන සිහින් සිරුරක් හිමි කර ගන්නවා තරම් ලොකු සිහිනයක් අපේ කෙල්ලොන්ට නැති තරම්.කෙල්ලෝ විතරක් නෙවෙයි මොන වයසේ සිටින කෙනෙක් උනත් කැමති කෙට්ටු වෙන්න.එත් මහත්වෙනවා තරම් ලේසි වැඩක් නම් නෙවෙයි කෙට්ටු වෙනවා කියන එක.සමහරු ගොඩක් වෙලා මහන්සියෙන් ශරීරය වෙහෙසනවා exercise කරලා කෙට්ටු වෙන්න.සමහරු නොකා නොබී ඉන්නවා.හරි අද කියන්න යන්නේ diet කිරීමකින් තොරව ටිකක් විතර කෙට්ටු වෙන හැටි.අපේ සාමාන්‍ය ජිවන රටාවේ පුංචි වෙනස් කම් කීපයක් සිදු කිරීම තුලින් පමණක් මේ දේ අත්හදා බලන්න ඔයාලට පුළුවන්.


    *පුංචි පිගානක කන්න පුරුදු වෙන්න


    Cornell සරසවියේ සිදු කරන ලද සමික්ෂණයකින් සොයා ගෙන තිබෙනවා කිසියම් සමාන ආහාර ප්‍රමාණයක් කන්න හැමදාම භාවිතා කරන පිගාන වෙනුවට ඊට වඩා පුංචි පිගානක් භාවිතා කිරීමේදී කෑම පාලනය වෙනවා කියලා.ඇත්තටම මෙතැනදී වෙන්නේ වැඩි පුර කන්න ආසාව නැති වෙන එකයි.පුංචි පිගානක කන කොට සාමාන්යෙන් වෙනදා කන කෑම ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ආහාරයට ගැනීම තුලින් ඔබ තෘප්තිමත් වේවි.එතකොට ටිකක් කෙට්ටු වෙන්න පුළුවන් වැඩි මහන්සියකින් තොරව


    *කෑමට පෙර වතුර බොන්න


    කන්න කලින් වතුර විදුරු 2ක් 3ක් බොන්න පුළුවන් නම් ඉබේම ඔයාලට කෙට්ටු වෙන්න පුළුවන්.මෙතනදී වෙන්නේ මුලින් වතුර බීපු නිසා අපිට කන්න වෙන ප්‍රමාණය අඩු වීමක්.කාලා ඉවර වෙලා වතුර බොන අයට වඩා කන්න කලින් වතුර ගොඩක් බොන අය ඉක්මනට කෙට්ටු වෙනවා.


    *ඔබ හැමදම භාවිතා කරන ගැරුප්පුව අයින් කරලා ඊට වඩා ටිකක් ලොකු ගැරුප්පුවක් භාවිතා කරන්න


    ඉතාලියේ සිදු කරන ලද සමික්ෂණයක් මගින් හොයාගෙන තියෙනවා මිනිසෙකු ආහාර ගැනීම සදහා භාවිතා කරන ගරුප්පුවේ size එකයි ඔහු කන ආහාර ප්‍රමාණයයි අතර ලොකු සම්බන්දයක් තියෙනවා කියලා.ඔබ හැමදම භාවිතා කරන ගැරුප්පුව අයින් කරලා ඊට වඩා ටිකක් ලොකු ගැරුප්පුවක් භාවිතා කරන්න පටන් ගන්න.එතකොට නිකන්ම ඔයා වෙනදා කන ආහාර ප්‍රමාණයට වඩා අඩු ප්‍රමානයකින් තෘප්තිමත් වේවි.එතකොට ඉක්මනට කෙට්ටු වෙන්න පුළුවන්


    *රාත්‍රී කෑමෙන් අනතුරුව පොඩි පොඩි ආහාර වේල් ගන්න එපා


    අපි මේ ලිපියෙන් කතා කරන්නේ මහන්සි වෙන්නේ නැතුව කෙට්ටු වෙන හැටි නිසා dinner එකට ඔයා මොන විදියේ ආහාරයක් ගත්තත් (සැහැල්ලු ආහාරයක් හෝ බර ආහාරයක් ) කමක් නෑ.හැබැයි එතනින් නතර වෙන්න.තව පොඩි පොඩි ආහාර වේල් ගන්න යන්න එපා.උදාහරණ විදියට කිව්වොත් dinner එකෙන් අනතුරුව chocolate , biscuits , cake , bite , snacks වගේ දේවල් කන්න එපා.මේ පුරුද්ද ඇති කර ගත්තොත් ඔයා නොදැනුවත්වම ඔයාව ටිකක් කෙට්ටු වේවි.


    *කෙට්ටු යහළුවන් ආශ්‍රය කිරීමේදී පරිස්සම් වෙන්න


    ඔබට diet කිරීමකින් තොරව ඉක්මනට කෙට්ටු වෙන්න ඕනේ නම් ඔබ ආශ්‍රය කරන කෙට්ටු යහළුවන්ගෙන් ගොඩක් පරිස්සම් වෙන්න.එකට හේතුව මොකක්ද කියලා දනන්වද ? කෙට්ටු කට්ටිය ට ගොඩක් කන්න හිතෙනවා.ඒ ගොල්ලෝ කඕනෙම ජාතියක ආහාරයක් පමණට වඩා කන්න බය නෑ.මොකද ඒ ගොල්ලෝ කෙට්ටු නිසා කෑම පාලනයක් ගැන කිසිම වද වීමක් වෙන්න ඕනේ නැති නිසා.එතකොට ඔබේ සෙට් එකේ ගොඩක් ඉන්නේ කෙට්ටු පොරවල් නම් ඉතින් ඔයාටත් ඒ ගොල්ලෝ කන තාලෙටම කන්න වෙනවා.එක නිසා කෙට්ටු යාළුවොත් එක්ක කෑම කනකොට ටිකක් පරිස්සම් උනොත් ඔයාට වැඩි මහන්සියකින් තොරව කෙට්ටු වෙන්න පුළුවන්.


    *කන්න පිරිමි එක්ක එක මේසේ


    සමීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා ගැහැනුන් පිරිමි ඉදිරියේ ආහාර ගන්න කොට ටිකක් අඩුවෙන් කන්නේ කියලා.ඒ නිසා ඔයාට diet කරන්නේ නැතුව මහන්සි නොවී කෙට්ටු වෙන්න ඕනේ නම් පුළුවන් තරම් පිරිමි එක්ක එකට වාඩි වෙලා කන්න.එතකොට ඔයා නිකන්ම කෙට්ටු වේවි


    *මහත් වීමට හේතු වන ආහාර වර්ග පුළුවන් තරම් ඇස් මානයෙන් ඉවත් කරලා තියන්න


    කෑම වර්ග පෙන්න තියෙන කොටනේ අපට කන්න හිතෙන්නේ.ඉතින් කරන්න තියෙන්නේ පොඩි දෙයයි.ඔය පොඩි බඩගිනි වලට කන ජාති පුළුවන් තරම් කුස්සියේ එක පාරට නොපෙනෙන තැන වල හංගලා තියන්න.එතකොට ඔයා දවසකට කන ප්‍රමානය චුට්ටකින් හරි අඩු වෙනවා.ඔය chocolate වගේ ජාති පොඩි ප්‍රමාණයක් කැවත් ඇති මහත් වෙන්න.
    තව පුළුවන් තරම් ආහාර වර්ග මිලදී ගැනීමේදී ලේබල් එක කියවන්න පුරුදු වෙන්න අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා.පුළුවන් තරම් ගෙදරට කෑම වර්ග ගේනකොට සෞඛ්‍යට හිත කර , මහත් වෙන්න බලපෑමක් නැති කෑම මිලදී ගන්න උත්සාහ කරන්න.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya english walin tibba ekama sinhalata parivarthanaya kara dala tiyenne.

    meke hema ekakma hodai 1-2 hera.. ara garuppu okkoma pavichchi karanna suddo..

    meka itin samaharak ewa lankwata gelapenawa, gelapenne nethi ewath tiyenawa.