හක්‌මන දෙනගමදී කෲර ලෙස
යුවළ මරා දැමීමේ සැකකාර දෙදෙනා ගගේ ගිලී මැරෙති
යුවළ මරා දැමීමේ සැකකාර දෙදෙනා ගගේ ගිලී මැරෙති
කඹුරුපිටිය මාස්‌මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියකු සහ ඔහුගේ බිරිඳ කෲර අන්දමින් ඝාතනය කර දෙහැවිරිදි පුත්‍රයා පොළොවේ ගසා බරපතල තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවෙන් මිදී හක්‌මන දෙනගම වැවට පැන පලා යැමට උත්සාහ කරද්දී ඊයේ (27 වැනිදා) අලූයම දියේ ගිලී මියගොස් ඇත.
"දොරවල් කඩාගෙන ගෙට ඇතුළුවෙලා සුනිල් රාළහාමිටයි එයාගෙ නෝනටයි බිම වැටෙනතුරු පොලුවලින් ගැහුවා. ඒ වෙලාවෙ ඇඳේ නිදාගෙන හිටිය පුංචි දරුවා උස්‌සලා පොළොවේ ගැහුවේ අපි" යෑයි දියේ ගිලී ජීවිතක්‍ෂයට පත් වූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවේ සිටියදී පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
මෙහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි ලියනආරච්චි කොස්‌වත්තගේ ධනුෂ්ක සඳරුවන් නොහොත් සුරංග සහ 31 හැවිරිදි සමරසිංහගේ ජනක ප්‍රසන්න නමැත්තන්ය.
මොවුන් දෙදෙනාම වලස්‌මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. විවාහකයකු වන සුරංග නමැත්තා කොල්ලකෑම්, පුද්ගලයන්ට පහරදීම් ඇතුළුÊඅපරාධ ගණනාවකට සම්බන්ධ අයෙකි. ප්‍රසන්න නමැත්තාද පුද්ගලයන්ට පහරදීම් ඇතුළු අපරාධ සිද්ධි රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.
මෙම ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීට දින තුනකට උඩදී පොලිස් වෙඩි පහරින් මිය ගිය කොමාන්ඩෝ අමිත් නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු වන මෙම පුද්ගලයන් දෙදෙනා කුලී වැඩ කරමින් ජීවත්වන අය බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා මාතර කොට්‌ඨාස විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්‌සමහාරාම පන්නකඩුව ඉන්ධන පිරවුම්හල අසලදී ය.
පසුව මොවුන්ගෙන් ප්‍රශ්නකර කට උත්තර ලබාගත් පොලිස් නිලධාරීන් එම සැකකරුවන් කඹුරුපිටිය පොලිසිය වෙත භාරදී ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පතරොම් තුවක්‌කුවක් අත් බෝම්බයක් සහ කඩුවක් හක්‌මන දෙනගම වැව ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබෙන බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඊයේ (27 වැනිදා) අලුයම සැකකරුවන් දෙදෙනා ද රැගෙන පොලිස් නිලධාරීන් දෙනගම වැව ප්‍රදේශයට ගොස් ඇත්තේ සැඟවූ අවි ආයුධ සොයා ගැනීමටය.
එහිදී සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරියකුගේ අත සපා කා විලංගු පිටින්ම දෙනගම වැවට පැන පලා යැමට උත්සාහ කර තිබේ.
පොලිස් නිලධාරියකු ද වැවට පැන පලා යන සැකකරුවන් අල්ලා ගැනීමට උත්සාහ කර ඇති අතර එම නිලධාරියා ද දියේ ගිලී ඇත. පසුව අනෙක් නිලධාරීන් දියේ ගිලෙමින් සිටි පොලිස් නිලධාරියා සහ සැකකරුවන් දෙදෙනා වැවෙන් ගොඩට ගෙන රෝහලට රැගෙන ගොස් තිබේ.
එහිදී සැකකරුවන් දෙදෙනා මියගොස් ඇති අතර පොලිස් නිලධාරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම සැකකරුවන් දෙදෙනා දෙනගම වැව ආසන්නයේ කැලෑවක සඟවා තිබු ගිනිඅවියක්, ජීව අත් බෝම්බයක් සහ කඩුවක් පොලිසිය මගින් පසුව සොයාගෙන තිබේ.
මෙහිදී මරුමුවට පත්වූ සැකකරුවන් දෙදෙනා මීට ඉහත දී වෙඩි ප්‍රහාරයට ලක්‌ව මිය ගිය කොමාන්ඩෝ අමිත්ගේ ගෝලයන් බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
මෙම ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කැටයම් චින්තක නමැත්තාගේ සමීපතම හිතවතකු වන කොමාන්ඩෝ අමිත් සිය ගෝලයන්ද සමඟ පැමිණ මෙම අපරාධය සිදු කර ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලිස් කොස්‌තාපල් සුනිල්ගේ නිවසේ දොරවල් කඩාගෙන එහි මුලින්ම ඇතුළු වී ඇත්තේ දියේ ගිලීමෙන් මියගිය සුරංග සහ ප්‍රසන්න යන සැකකරුවන්ය. ඔවුන් දෙදෙනා පොලිස් නිලධාරියාට සහ ඔහුගේ බිරිඳට පොලුවලින් පහරදී ඇති අතර පසුව නිවසට ඇතුළු වූ කැටයම් චින්තක නමැත්තා පොලිස් නිලධාරියාගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබේ.
ඉකුත් 16 වැනිදා රාත්‍රි කඹුරුපිටිය මාස්‌මුල්ල ප්‍රදේශයේ නිවසට කඩා වැදුණු කැටයම් චින්තක ඇතුළු අපරාධකරුවන් සිව්දෙනෙක් මාතර පොලිසියේ දූෂණ මර්දන අංශයේ දක්‍ෂ නිලධාරියකු වූ සුනිල් මහතා ට සහ ඔහුගේ බිරිඳට පහරදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.
කැටයම් චින්තක නමැත්තාගේ අපරාධ පිළිබඳ පොලිසියට ඔත්තු ලබා දුන් බව කියන සිද්ධියක් මුල්කර ගෙන කාලයක පටන් පැවැති ආරවුලක් මෙම ඝාතනවලට මුල් විය.
මෙම ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කැටයම් චින්තක නමැත්තා තවමත් පොලිස් ඇසට වැලි ගසමින් සැඟවී සිටියි.
මාතර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රෑ නොබලා පරීක්‍ෂණ පවත්වමින් සිටිති.
මෙම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් මියගිය පුවත ඇසීමෙන් කඹුරුපිටිය ප්‍රදේශයේ ජනතාව රතිඤ්Æ පත්තු කරමින් ප්‍රීති වී ඇති බව ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග පැවසීය.
කොස්‌තාපල් සුනිල් මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට ලක්‌වීමෙන් පසු හය හැවිරිදි වියේ සහ දෙහැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනා මේ වනවිට දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත කොට්‌ඨාස අපරාධ අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික හපුගොඩ ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පවත්වති.
තිබ්බේ අද දිවයින පත්තරේ..........
