බොදුබලසේනා සංවිධානයේ ප්‍රධාන විධායක යැයි කියාගන්නා ඩිලන්ත විතානගේ නම් තැනැත්තා ජීවත් වීමේ මගක් නැතිව ටියුෂන් දීමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙනවා. වත්මන් යහපාලනය යටතේ යනඑන මං නැතිව තිබෙන බොදුබලසේනා සංවිධානයට කලින් ලැබුණු සියළුම ආධාර නැති වී තිබෙන බවට වාර්තා වෙනවා. මේ නිසා සංවිධානයේ එදිනෙදා කටයුතු මෙන්ම පනස් ගණනකට අධික ඥානසාර හිමිට එරෙහිව ඇති නඩු ප්‍රමාණයට වියදම් කිරීමටද මුදල් සොයා ගැනීම අපහසු වී තිබෙනවා.
ඥානසාර හිමි මෙයට ප්‍රතිකර්මයක් ලෙසට කොරියාව ජපානය වැනි බෞද්ධ රටවලට ගොස් එහි සිටින ලාංකිකයන් හමුවී ඔවුන් අතර මුස්ලිම් විරෝධී ජාතිවාදී අදහස් පතුරුවා මුදල් ආධාර ලබා ගැනීමේ කටයුත්තක නියැලී සිටියද එම මුදල් සංවිධානයට නොදී සෘජුවම ඥානසාර හිමි පුද්ගලිකව වියදම් කරන බවට වාර්තා වෙනවා.
මේ අතර කලක් නිහඩව සිට පසුගියදා ඩිලන්ත විතානගේ නැවත කරළියට පැමිණියේ සුදුවු වැඩුනු රැවුලක්ද සහිතවය. ඥානසාර හිමි සමග එක්ව මාධ්‍ය සාකච්චාවක සිටියද සංවිධානය තුල ඇති දෙදරීමේ සලකුණු එම මාධ්‍ය සාකච්ඡාවේදී දිස්විය. කලක් විදෙස් එන්.ජී.ඕ. සංවිධාන වල මෙරට ඒජන්තයෙක් ලෙස කටයුතු කළ ඔහු ඉන් අනතුරුව බොදුබලසේනා නම්වු අන්තවාදී සංවිධානය ආරම්භ කිරීමට මුල්වු පුද්ගලයෙකි. විශේෂයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඉංග්‍රීසි දුර්වලතාවය නිසා බොදුබලසේනා සංවිධානය ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීමේ කටයුත්ත භාරව සිටියේ ඩිලන්ත විතානගේය. නමුත් බොදුබලසේනා සංවිධානයට ජාත්‍යන්තරව හිමි වුයේ නරක ප්‍රතිරූපයකි. ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වීසා නොදෙන තත්වයකට පවා ලක්විය.
ඩිලන්ත විතානගේ මේ දිනවල කොහුවල පැත්තේ ඉංග්‍රීසි ඇකඩමියක් අරඹා ඇතැයි වාර්තා වෙනවා. මෙම ඇකඩමියෙන් ඉංග්‍රීසි වැඩමුළු පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පලමු වැඩමුළුව මේ මස අන්තිමේදී කොලඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.