Discord server for LK Gamers. කට්ටිය එක්ක voice chat දලා games ගහන්න.

isuru003

Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    මුලින්ම කියන්න ඕනේ මම PRO Gamer කෙනෙක් නෙමෙයි. මම Games ගහන්නේ hobby එකක් විදියට. ගොඩක් කල් මම solo cracked games play කලා. දැන් ගොඩක් වෙලාවට coop type games ගහනවා. ඔයාලා දන්නවා coop ගහන්න කට්ටිය ඕන. පිටරට උන් නම් ඕනෑතරම් ඉන්නවා coop ගහන්න but ලංකාවේ එකෙක් හොයාගන්න හරි අමාරුයි.

    ඉතින් මමයි මගේ යාළුවෙකුයි plan කලා Discord server එකක් දාන්න LK Gamers කියලා. ඉතින් ඔයලා හැමෝටම (Online coop Games ගහන උන් විතරයි) invite කරනවා අපේ Discord server එකට join වෙන්න කියලා.

    මේක තාම පටන් ගත්තා විතරයි so වැඩිය කට්ටිය නැ. But මමයි මගේ යාළුවයි daily games ගහනවා. වැඩිපුර ගහන්නේ Division 1, Division 2, Ghost recon Breakpoint, Crew 2. අනිත් games වලට කට්ටිය join උනාම උදව් කරයි.



    Join වීමේ වාසි


    • යාලුවෝ එක්ක voice chat එකක් දාගෙන game ගහන්න පුළුවන්.
    • ඔයාලා ගහන game එකට help කරන්න යාලුවෝ හොයාගැනීම.
    • Build ideas වගේ දේවල් තමයි.
    Discord server කියන්නේ මොකක්ද?

    සරලවම මේක යාලුවෝ එක්ක set වෙන්න (voice chat) වලට තියන සොෆ්ට්වෙයා එකක්. 100% free.

    වැඩි විස්තර හා download සඳහා Google කරන්න. ඉන්ස්ටෝල් කරලා account එකක් හදල join වෙන්න.



    Division 1, Division 2, Ghost recon Breakpoint කියන games වලට මට ඔයාලට help කරන්න පුළුවන්.

    Join Here.

    https://discord.gg/8YrmCQ