Call Of Duty 4 Server එකක් Host කරමු!

shin dezo

Member
Jul 28, 2011
30
4
0
Colombo
හැමෝම කැමති ඇතිනේ අපේම දේශීය server එකක අඩු ping එකක් යටතේ COD 4 online සෙල්ලම් කරන්න.;) එහෙනම් මන් කියන්නම් ලේසි ක්‍රමයක්.:yes: වැඩේ step by step යමු හරියේ !:frown:

[1] මුලින් ඔයා ගේම් එක 1.7 වලට update කරලා තියෙන්න ඕනේ.

[2] දැන් මේ iw3mp_17.rar එක බාගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.
(මේක තමයි ඔයාට ගේම් එක Host පුළුවන් වෙන MP.exe එක. නැත්නම් අපේ හොර keys ටික මාට්ටු!!:angry:)

[3] ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියන iw3mp.exe එක ඔයා ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි පේස්ට් කරන්න.

(මතක ඇතුව ඔයාගේ ගේම් එක ඉන්ස්ටෝල් කරලා තියන තැන තියන පරණ iw3mp.exe එක Rename හරි වෙන තැනකට Backup කරලා ඉන්න. :frown:නැත්නම් පරණ එකටම Replace වේවි. මොකද මේ අලුත් iw3mp.exe එකෙන් ඔයාට ගේම් එක ඇතුලෙන් සර්වර් search කරලා සෙල්ලම් කරන්න බෑ.:no::no:)

[4] දැන් මේ GameRanger කියන පොඩි app එක බාගෙන ඉන්ස්ටෝල් කරන්න.

[5] ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාට GameRanger එකේ account එකක් හදන්න වේවි, ඔයාගේ දැනට use කරන Email එක දාලා account එකක් හදාගන්න.

[6] account එක verify කලාට පසු, GameRanger එක ඕපන් කරන්න. එතන මැද්දේ හරිය තියන කොන්සෝල් එකේ "My Games" යන්න තෝරන්න.

[7] දැන් geme list එකේ COD 4 servers ටික පෙන්නාවි. හරි දැන් තමයි වැඩේ පටන් ගන්නේ. එතන දකුණු පැත්තේ උඩ හරියේ තියන "Host" කියන බටන් එක ක්ලික් කරන්න.

GameRanger+host.png


[8] දැන් ඔයාට අලුත් වින්ඩොව් එකක් ලැබේවි. ඔයාට තියෙන්නේ ගේම් එක සිලෙක්ට් කරලා ඔයාට කැමති විදියට Host settings හදලා ok කරන්න. ("allow friends only" ලබා දුන්නොත් server එකට පැමිණිය හැක්කේ ඔබගේ මිත්‍රයන්ට පමණි:baffled::baffled:)

GameRanger-host-2.jpg


[9] දැන් Game Room එක ඔයාට ඕපන් වේවි. මෙහිදී ඔයාගේ යාලුවොන්ට හරි අනෙක් කට්ටියට ඔයාගේ Room එකට join වෙන්න පුළුවන් කම ලැබෙනවා. server එක හදන්න පහල තියන "Start" බට්න් එක ක්ලික් කරන්න.:D

GameRanger-host-3.jpg


[10] දැන් Game එක ඕපන් වෙලා Menu එකට ඒවි. ඔයාට තියෙන්නේ "Start New Server" ගිහිල්ලා ඔයා කැමති විදියට server එක හදලා launch කරන්න. ඊට පස්සේ ඔයාගේ යාලුවෝ කට්ටියට ඔයාගේ server එකට join වෙන්න පුළුවන් GameRanger එකෙන්.

cod-4-menu.jpg


GameRanger-join.jpg


මේ දවස් මම යාලුවෝ එක්ක COD 4 සෙල්ලම් කරනවා. ගොඩක් වේලාවට වැඩරාජකාරි නිසා රෑ 8න් පස්සේ වගේ තමයි එන්නේ. පහලින් මගේ හා server admin ලාගේ GameRanger ID එක හා Nick එක පහල දාලා ඇති ඔයාලට පුළුවන් අපිව search කරලා add කරගන්න.
:yes::yes::cool:

මගේ ID එක
Nick - {inFEcT}DaRK-X (Eagle EYE)
ID - 3641153

මේ අයවත් add කරගන්න.

Nick - {inFEcT}Snook!E
ID - 3658470

Nick - {inFEcT}GeeZer
ID - 3658609


ගොඩක් වෙලාවට Nick එක වෙනස් වෙන්න පුළුවන් නිසා ID එකෙන් search කරන්න. යාළුවෙක්ව add කරගත්තම ඔයාට පුළුවන් ඒ කට්ටිය online නම් එයාලගේ profile එක right click කරලා "Join Game Room" සිලෙක්ට් කිරීමෙන් පහසුවෙන් යාලුවෝ ඉන්න server එකට connect වෙන්න.

Gameranger-Friends-add.jpg


ඔයාට මේ Friends Box එක ඇවිල්ලා නැත්නම් "Ctrl + 1" ප්‍රෙස් කරන්න. දැන් COD 4 Host කුප්පිය අවසානයි.
ඔයාලත් GameRanger එකේ COD 4 සෙල්ලම් කරනවානම්. ඔයාලගේ ID පහලින් කොමෙන්ට් කරන්න!

sujatha-diyaniya.jpg


-උපුටා ගැනීම CybeR TubE බ්ලොග් අඩවියෙනි-
 
Last edited:

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ochchara dewal one na ban sever eka hadala router eke port open karala IP address eka dipan echchari
     

    shin dezo

    Member
    Jul 28, 2011
    30
    4
    0
    Colombo
    ochchara dewal one na ban sever eka hadala router eke port open karala IP address eka dipan echchari

    ඔව් එහෙම හරි මචන්. මම ඕකට game renger එක ගාව ගත්තේ server එකට එකෙන් ලංකාවේ frndz ලා එකතු කරගන්න ලේසි නිසා.