Discovery Beyond Our Solar System

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    නාසා ආයතනය අද ඔවුන්ගේ සොයාගැනීමක් පිළිබදව අද ප්‍රකාශයක් කිරීමට නියමිතයිලු.එම සොයාගැනීම අපේ සෞර්ග්‍රහමන්ඩලෙයෙන් පිටත් දෙයක් ගැනලු.

    NASA to Host News Conference on Discovery Beyond Our Solar System

    NASA will hold a news conference at 1 p.m. EST Wednesday, Feb. 22, to present new findings on planets that orbit stars other than our sun, known as exoplanets. The event will air live on NASA Television and the agency's website.

    https://www.nasa.gov/press-release/nasa-to-host-news-conference-on-discovery-beyond-our-solar-system
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,698
    113
    canada
    මෙහෙට තවම අගහරුවද රැ. පොඩ්ඩක් ඉවසපල්ලා හෙට වෙනකම්
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    16730292_10154932232521772_1616369507359450478_n.jpg

    තරුවක් වටා භ්‍රමණයවන, පෘථිවියට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වූහ.
    එම ග්‍රහලෝක සියල්ල ද්‍රව ජලය පැවතිය හැකි වටපිටාවකින් සමන්විතවන බව ඔවුහු පවසති.
    එහෙත්, ජීවයක් පැවතිය හැකි කලාපයක පිහිටා ඇත්තේ ඉන් ග්‍රහලෝක තුනක් පමණි.
    එම ග්‍රහ මණ්ඩලය භ්‍රමණයවෙමින් තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි, සුර්යයාට වඩා ප්‍රමාණයෙන් කුඩා, උණුසුමින් අඩු 'ට්‍රැපිස්ට්-1' ලෙස නම්කොට ඇති තරුවක් වටා ය.

    නාසා ආයතනය විසින් අභ්‍යවකාශගතකොට ඇති 'ස්පිට්සර්' දුරදක්නය මෙන්ම භුමියේ පිහිටි නිරීක්ෂණ මධ්‍යස්ථාන කිහිපයකින් අදාළ ග්‍රහ මණ්ඩලය නිරීක්ෂණය කෙරිණ.
    "මේ ග්‍රහලෝක එකිනෙකට සමීපවයි පිහිටා තිබෙන්නේ. ඒ වගේම ඒ තරුවටත් සමීපයි. එක හරියට බ්‍රහස්පති වටා ඇති චන්ද්‍රයින් වගේ" යැයි බෙල්ජියමේ ලීජ් විශ්ව විද්‍යාලයේ මයිකල් ගිලොන් පැවසීය.
    "තරුව කුඩා සහ උණුසුමින් අඩු වුවත්, මේ ග්‍රහලෝක හත ම උණුසුම්කරනවා. එහි අදහස වෙන්නේ ඒවායෙහි ද්‍රව ජලය පැවතීමේ ඉඩක් තිබෙන බවයි. සමහරවිට එහි මතුපිට යම් ජීවයක් වුවත් පැවතිය හැකියි." යැයි ද ඔහු සඳහන් කළේය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787

    මිනිස්සු වගේ බුද්ධිමත් ජීවයක් තිබ්බොත් කොහොමද
    ග්‍රහලෝක තුනක අසල්වැසියෝ :D
    අපේ ඇමරිකාව රුසියාව චීනය වගේ තියෙයි නෙහ්