CEB curtails solar power intake into national grid; $ 1 B pumped storage project: funding yet to be secured. Expected to be completed by 2031 !

Ashan052

Well-known member
  • Dec 31, 2010
    30,913
    19,888
    113
    adala nene
    මම හිතන්නෙ Water-battery තමයි අපි අන්තිමට හිතන්න ඕනෙ විසදුම.
    ඊට කලින් India-SL grid connect එක කරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ.

    මොකද grid connect කරාම ඒකෙන්ම ලෝකල් ග්‍රිඩ් ස්ටේබල් වෙන්න පුලුවන් චාන්ස් එකක් තියෙනව.
    grid connect එකෙන් පස්සෙ අලුතෙන් අපේ ග්‍රිඩ් එකේ හැසිරීම වෙනස් වෙන විදිය කාලයක් මොනිටර් කරල ඒ අලුත් තත්වෙට ගැලපෙන විදියෙ Water-battery එකක් තමා හදන්න ඕනෙ කියල හිතනව. නැත්නම් grid කනෙක්ට් කලාට පස්සෙ දැන් හිතන විදියෙ Water-battery එකක් අනවශ්‍ය වෙන්න පුලුවන්.

    බැටරි සීන් එක Water-battery වලට රිප්ලේස්මන්ට් එකක් නෙමෙ. මම Water-battery නොදා ඉන්න කියල නෙමේ කියන්නෙ.
    සරලව කිව්වොත් මම කියන්නෙ ගෙදරට ජෙනරේටරයක් ගේන්න කලින් UPS එකක් දාල ඉමු, ඊට පස්සෙ තත්වෙ බලල gene එක දාමු කියල වගේ.

    මුලු ග්‍රිඩ් එකම battery වලින් පැය ගනන් අදින්න නෙමේ, substation ලෙවල් එකෙන් ඒ substation එකට විතරක් විනාඩියකට දෙකකට අල්ලන් ඉන්න තිබ්බම ඇති. ඒ ඇතිවෙයි 'කැස්කේඩින් ෆේලියර්' නවත්තන්න & දවල් කාලෙ substation එකට අදාල කලාපයෙ solar-panel කරන්ට් එක ස්ටෝ කරගන්න.
    මොකද මේ substation වල බැටරි දාන යෝජනාව ceb එකෙන්ම කරලත් තිබ්බ & ADB එකෙනුත් යෝජනා කරල තිබ්බ. මම දන්න විදියට වෙන ගොඩක් රටවල කැස්කේඩින් ෆේලියර් නවත්තන්න ඕක කරනව.

    ausi, saudi, california වල නම් මම හිතන්නෙ පැය ගනන් අදින්න පුලුවන් විදියෙ තියෙනව.



    ගොඩක් industrial සෝන්, solar panel ඉන්වෙස්ට් කරන්න පුලුවන් අය වැඩියෙන් ඉන්න ඒරියා target කරල කලොත් මුලු රටේම power යන්නෙ නැතුව හදාගන්න පුලුවන්. ඒ වගේම ටික ටික (අවුරුදු 10-15 කින්) හැම substation එකම වුනත් ඕක කරන්න පුලුවන්. ඒක නිසා එකපාර බිලියන ගානක් යන්නෙ නෑනෙ. $ මිලියන 10-25 යයි එකකට. අනිත් එක battery එන්න එන්න ගනන් අඩු වෙනව. මේන්ටේන් කරනව, රිපෙයා කියල ලොකු දේවල් නෑනෙ.


    battery මිලිසෙකන්ඩ් වලින් response එක දෙන්න පුලුවන්නෙ. අනිත් එක දැනට තියෙන hydro එක්ක එකතු වුනාම අවුලක් වෙන එකක් නෑ කියල හිතනව. substation ලෙවල් එකෙන් battery තියෙනව ටක් ගාල අල්ලන්න, hydro ටික තියෙනව ඊට උඩින් ග්‍රිඩ් එක අල්ලන්න.
    india grid කනෙක්ට් වුනානම් නෙක්ස්ට් ටියර් තවත් stable.
    ඊට පස්සෙ renewable ඒවයින් ඩිමාන්ඩ් අඩු වෙලාවෙ හැදෙන energy ස්ටෝ කරල තියාගන්න Water-battery එක තියෙනව. Water-battery එකක ලොකුම අවශ්‍යතාව ඩිමාන්ඩ් අඩු වෙලාවෙ හැදෙන energy ටික ස්ටෝ කරගන්න එක කියලයි දන්නෙ, නැතුව කැස්කේඩින් ෆේලියර් නවත්වන එක නෙමේ කියලයි මට හිතෙන්නෙ. (ඒක බෝන්ස ෆීචර් එකක් හැබැයි)

    lfp අපි හිතනවට වඩා බං.

    Ochchcara dala bala bala inna one ne dn software thiyenawa grid design walata
    RETScreen, Homer pro wage :P
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,211
    14,615
    113
    Malfoy Manor, Wiltshire, England.
    Can you elaborate? Out of curiousity.
    දැන් ගොඩක් කල් නිසා exact details මතක නෑ. ඒත් ඒකෙ තිබ්බ වගේ මතකයි 10mw අඩු හෝ 100mw වැඩි renewable power plant වලට ටෙන්ඩර් නොදා, කෙලින්ම ඇමතිගෙ කීමට ඕක කරන්න පුලුවන් කියල. චම්පික කිව්ව ඒක කරන්න එපා අඩුම පාර්ලිමෙන්තුවට දාල ඒකෙ approval පස්සෙවත් කරන්න කියල. කාන්චනය රිජෙක්ට් කලා ඒක.
    ඊට පස්සෙ අර ceb unbundle එකේදි කම්පනි 12 කරන එකෙත්, තුන හතරක විතරයි ඒ කම්පනි එක government ද, private ද, gov-private එකතුවක්ද කියල දාල තිබ්බෙ, අනිත් ඒව අයිති කාටද, පාලනය වෙන්නෙ කොහොමද මොනවත් නෑ.

    ඒකෙ තව පවර් ලයින් ප්‍රයිවට් අයට හදන්න පුලුවන් කිව්වට ඒකෙ ටෙන්ඩර් කතා එහෙම නෑ වගේ මතක. ඇමතිට ඕනෙ එක approve කරන්න පුලුවන්.
    ඒ වගේ සවුත්තු දේවල් සෙට් එකක්ම තිබ්බ, ඒත් ඒ ටික හදාගෙන ඉස්සරහට යන එකයි කරන්න තිබ්බෙ. ඒත් මෙයාල දැන් u-turn ගහල ඔක්කොම වගේ ceb එකෙන්ම කරන්න යන්නයි හදන්නෙ.
     

    CohenLenstra

    Active member
  • Jan 11, 2024
    124
    158
    43
    දැන් ගොඩක් කල් නිසා exact details මතක නෑ. ඒත් ඒකෙ තිබ්බ වගේ මතකයි 10mw අඩු හෝ 100mw වැඩි renewable power plant වලට ටෙන්ඩර් නොදා, කෙලින්ම ඇමතිගෙ කීමට ඕක කරන්න පුලුවන් කියල. චම්පික කිව්ව ඒක කරන්න එපා අඩුම පාර්ලිමෙන්තුවට දාල ඒකෙ approval පස්සෙවත් කරන්න කියල. කාන්චනය රිජෙක්ට් කලා ඒක.
    ඊට පස්සෙ අර ceb unbundle එකේදි කම්පනි 12 කරන එකෙත්, තුන හතරක විතරයි ඒ කම්පනි එක government ද, private ද, gov-private එකතුවක්ද කියල දාල තිබ්බෙ, අනිත් ඒව අයිති කාටද, පාලනය වෙන්නෙ කොහොමද මොනවත් නෑ.

    ඒකෙ තව පවර් ලයින් ප්‍රයිවට් අයට හදන්න පුලුවන් කිව්වට ඒකෙ ටෙන්ඩර් කතා එහෙම නෑ වගේ මතක. ඇමතිට ඕනෙ එක approve කරන්න පුලුවන්.
    ඒ වගේ සවුත්තු දේවල් සෙට් එකක්ම තිබ්බ, ඒත් ඒ ටික හදාගෙන ඉස්සරහට යන එකයි කරන්න තිබ්බෙ. ඒත් මෙයාල දැන් u-turn ගහල ඔක්කොම වගේ ceb එකෙන්ම කරන්න යන්නයි හදන්නෙ.
    CEB unbundle එකේ details මං එච්චර follow කරේ නෑ. හැබැයි අර 10MW private powerstations tender process එකෙන් නිදහස් කරපු එක මතකයි. ඒ bill එක පාර්ලිමේන්තුවට දාලා අනුමත කරා.

    මගේ opinion එක, ඒකනං හොඳ වැඩක්. ඔය වගේ investment එකක් කරන්නත් govt beauracracy එක්ක හැප්පෙන්න වෙනවනං වැඩක් නෑ. Corruption expect කරන්න වෙනවා. හැබැයි ඔය govt regulations වැඩි කරා කියලා වෙන්නේ corruption එහෙම්ම තිබිලා වැඩ අකාර්‍යක්ෂම වෙන එක විතරයි.

    පුලුවන් තරම් economy එක govt එකෙන් decouple කරනවනං ගොඩක් හොඳයි.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,211
    14,615
    113
    Malfoy Manor, Wiltshire, England.
    CEB unbundle එකේ details මං එච්චර follow කරේ නෑ. හැබැයි අර 10MW private powerstations tender process එකෙන් නිදහස් කරපු එක මතකයි.
    මගේ opinion එක, ඒකනං හොඳ වැඩක්.
    ඒක කොහොමද මචං හොද දෙයක් වෙන්නෙ, ඒකට කරන්න ඕනෙ open tender වලට යන එක. නැතුව දෙන ඕනෙ රේට් එකට ඇමතිල කැමති නම් ඇප්‍රූවල් දෙන එක නෙමේ. ඒක අන්තිම වැරදී, ඒකෙන් වැඩි වෙන මිල ගෙවන්න ඕනෙ අපිනෙ. අදානි deal එකේ කලෙත් ඕකම තමා. $0.06 විතර ගන්න පුලුවන් පොයින්ට් එක $0.08ට අවුරුදු 20-30ක් ගන්නව කියන්නෙ මිනිස්සු මිලියන ගානක් බිලට වැඩියෙන් ගෙවන්න වෙනව.
    ඔය වගේ investment එකක් කරන්නත් govt beauracracy එක්ක හැප්පෙන්න වෙනවනං වැඩක් නෑ. Corruption expect කරන්න වෙනවා. හැබැයි ඔය govt regulations වැඩි කරා කියලා වෙන්නේ corruption එහෙම්ම තිබිලා වැඩ අකාර්‍යක්ෂම වෙන එක විතරයි.
    ඒකට කරන්න ඕනෙ ලෝකෙ තියෙන standards එක්ක අලුත් වෙලා, හරි ප්‍රොසෙස් එකක් හදල හැමෝටම සාදාරණ transparent method එකක් හදන එක මිසක්. ඇමතිට ඕනෙ ඕන එකට දෙන එක නෙමේ. ඒක තමා industry විනාසම වෙන විදිය.
    ඒ bill එක පාර්ලිමේන්තුවට දාලා අනුමත කරා.
    ඔව් සම්මත කලා. ඒක තමා ප්‍රශ්නෙ. උන් කට්ටිය එකතුවෙලා සාදනීය යෝජනා ඔක්කොම අතහැරල සම්මත කලා.
    අදානිට wind power එක් දුන්නෙත් සම්මත කරල. සම්මත කලා කියල ඒක හරි වෙන්නෙ නෑ, වෙන්නෙ නීතියක් වෙන එක. වැරද්ද නීතියක් වෙන එක බයානකයි.

    පුලුවන් තරම් economy එක govt එකෙන් decouple කරනවනං ගොඩක් හොඳයි.
    හරියටම හරි. ඒත් ඇමති එයාට හිතුන් හිතුන එකට කිසිම open, transparent ප්‍රොසෙස් එකක් නැතුව approve කරනව කියන්නෙ ඔයා කිව්ව දේ opposite එක. එක economy එක govt එකට tightly couple වෙනව එයාල කරපු දෙයින්
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,488
    18,163
    113

    කසකාරයා ‘ජල බැටරිය’ - රටට හංගන ජල බැටරියේ ඇත්ත නැත්ත මෙන්න


    කඩාකප්පල්කාරයා සැබෑ මුහුණ වසා ගැනීම සදහා විවිධාකාරයේ වෙස් මුහුණු භාවිතා කරන්නේය.

    සිය මාෆියාවේ පැවැත්ම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය ද මේ ආකාරයට විවිධාකාර වූ වෙස් මුහුණු පැළදීමට පටන්ගෙන තිබේ. එහි අලුත්ම මුහුණුවර ‘ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරිය’ය. ලංවිම නිවේදනයක් නිකුත් කරමින් මේ ගැන සදහන් කරන ලද්දේ පෙබරවාරි විසි වෙනිදාය.

    ftu7677.jpg

    මොකක්ද මේ ජල බැටරිය ?

    ලංවිම නිවේදනයට අනුව, මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය, දියත් කිරීම සදහා මණ්ඩලය සුදානම්ය. මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට, ඒවා ගබඩා කර, ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සැපයීම අරමුණු කර ගත්තකි.


    මණ්ඩලය පවසන්නේ, 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුර්නජනනීය ප්‍රභවයන්ගෙන්, උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය, සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් බවය.


    අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක්, කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මකවන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක්, මේ ආකාරයට ජල බැටරියක් ලෙස මණ්ඩලය හදුන්වා දෙන්නේය.

    මණ්ඩලයේ නිවේදනය දුටු මනම ජනතාවගේ සිතට කාන්දු වෙන අදහස වනුයේ ‘මණ්ඩලය පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් කෙතරම් පරිශ්‍රමයක් දරනවා ද...?’ යන්නය.

    සුර්යය සහ සුළං බලය ගබඩා කිරීමේ මාර්ගයක් ලෙස මේ ආකාරයට ජල බැටරියක් භාවිතා කිරීම යනු ඊට සපුරාම වෙනස් කතාවකි. වෙස් මුහුණු බැදන් මේ එන්නේ ඩිසල්, ගල් අගුරු සහ ද්‍රවකෘත ස්වභාවික වායු මාෆියාවමය.


    වික්ටෝරියාව උඩුගං බලා යැවීම

    dty45tt.jpg

    මහවැලි ගංගාවේ උතුරු කොටස හරස් වික්ටෝරියා වේල්ල ඉදිකරන්නේ එමගින් ජල විදුලිය නිපදවීමේ ඉලක්කය ඇතිවය. ටර්බයින කරකැවීමෙන් පසුව ඒම ජලය යළිත් ස්ථාන ගණනාවකදී හරස් කර විදුලිය නිපදවීමට යොදා ගන්නා ලද්දේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේය. සරල ආකාරයෙන් කිවහොත් ජල විදුලිය නිපදවීමෙන් පසු වික්ටෝරියාවෙන් පහළට බැස යන ජල කදෙන්, රන්දෙණිගල රන්ටැඹේ ඇතුළු විදුලි බලාගාර සඳහා ජලය සපයා දෙන්නේය.

    මෙම ජලාශ සියල්ල සදහාම විදුලිය නිපදවීමට දායක වී, මුහුද දක්වා ගමන් ගන්නා ජල ප්‍රවාහය නැවත වික්ටෝරියාව හෝ ඊට පහළ ජලාශයකටද පොම්ප කර ගබඩා කර ගැනීම, ජල බැටරි කතාවේ පදනමය.

    වික්ටෝරියාවට හෝ වෙනත් ජලාශයකට ඉහළින් වැවක් සේ මේ ජල කද රදවා, නැවත විදුලි උත්පාදනය සදහා යොදා ගැනීම පිලිබදව අධ්‍යනය සිදු කරනු ලබන්නේ, ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතියක් ලෙසය. පොම්ප මාර්ගයෙන් උඩු ගං බලා ගෙන එන මෙම ජල කද මගින් නැවත වතාවක් මෙගා වොට් 1200ක විදුලියක් නිපදවීම අධ්‍යනයේ අරමුණය.


    මේ සදහා ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ඉදිරි මාස 18 තුළ ව්‍යාපෘතියේ සවිස්තරාත්මක සැලසුම සාර්ථකව නිම කළහොත් 2031 වන විට එහිඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.


    මේ සදහා වන ශක්‍යතා අධ්‍යයනය දැනටමත් සිදු කර ඇත්තේය.එසේ නමුත් ව්‍යාපෘතියේ සවිස්තරාත්මක සැලසුම තවමත් අවසන් කර නොමැත. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මූලික පිරිවැය ඩොලර් මිලියන 450 කි. මෙහි සමස්ත පිරිවැය ඩොලර් මිලියන 800 සිට ඩොලර් බිලියන 1 දක්වා පරාසයක පවතිනු ඇතැයි ලංවිම අපේක්ෂාවය.

    තවම අරමුදල් නැත

    තවමත් මෙම ව්‍යාපෘතිය සඳහා තවමත් ජාත්‍යන්තර අරමුදල් ලබාගෙන නොමැති බව මණ්ඩලයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ හෙයින් දැනටමත් මෙය අදහසක් පමණක් බව කිව හැක්කේය.

    සැලසුම් කර ඇති පොම්ප කරන ලද ගබඩාවේ මෙගාවොට් 600 ක් පමණ විදුලි ධාරිතාවයක් ගබඩා කිරීමට අපේක්ෂා කෙරේ. අරනායක සහ නාවලපිටියේ පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං ප්‍රභවයන්ගෙන් අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ගබඩා කිරීමේ යාන්ත්‍රණයක් සේ ක්‍රියා කරනු ඇත. කිලෝමීටර් 2.5 ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ඇති ජලාශ දෙකකින් එය සමන්විත වන අතර, එය විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමට උපකාරකයක් ලෙස සේවය සලසනු ඇතැයි මණ්ඩලය අපේක්ෂාවය.


    විදුලිබල මණ්ඩල ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ, විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය දියත් කරන බවය. මේ සදහා ජාත්‍යන්තර ආයතනවලින් දිගුකාලීන අරමුදල් ලබා ගැනීමට ලංවිම කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පවසා තිබුණි.



    මහ ඔය ද...? වැව තැන්න ද...?

    2014 දී, JICA ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව, CEB විසින් 'ශ්‍රී ලංකාවේ උපරිම බලශක්ති ඉල්ලුම සඳහා ප්‍රශස්ත බලශක්ති උත්පාදනය පිළිබඳ සංවර්ධන සැලසුම්කරණය' යන මැයෙන් අධ්‍යයනයක් සිදු කරන ලදී. මෙම අධ්‍යයනයෙන් 600 MW පොම්ප කරන ලද ගබඩා බලාගාරයක් සඳහා විභව ස්ථාන 11ක් හඳුනාගෙන, පාරිසරික, භූගෝලීය, භූ විද්‍යාත්මක සහ තාක්ෂණික අංශ මත පදනම්ව ඒවා ඇගයීමට ලක් කළේය.

    පරීක්ෂා කිරීමෙන් පසු, හල්ග්‍රාන් ඔය, මහ ඔය සහ ලොග්ගල් ඔය යන ස්ථාන තුනක් වඩාත් සුදුසු ලෙස මෙහිදී හදුනා ගත්තේය. පසුව මේ සදහා වඩාත්ම සුදුසු ස්ථානය ලෙස මහ ඔය භූමිය හදුනා ගන්නා ලදී. පද්ධති සීමාවන් සහ ටර්බයින සීමාවන් සැලකිල්ලට ගනිමින්, 2025 න් ඔබ්බට උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා මෙම බලාගාරයේ ප්‍රශස්ත ධාරිතාව මෙගාවොට් 600 ක් විය යුතු බව අධ්‍යයනයෙන් තීරණය විය.

    2018 විදුලිබල අංශයේ, ප්‍රධාන සැලසුම් අධ්‍යයනයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ නව ස්ථානයක් යෝජනා කරන ලද අතර, මෙගාවොට් 1,400 ක ධාරිතාවක් එය සතු විය. වික්ටෝරියා ජලාශයට ඉහළින් පොකුණක් ලෙස වැවතැන්න ප්‍රදේශය යොදා ගනිමින් මේ සදහා වූ යෝජනාව සකස් කර තිබුණි.



    මේ ආකාරයට උඩුගං බලා ජලය පොම්ප කරනුයේ, සුර්යය බලයෙන් දිවා කාලයේ ලැබෙන අතිරික්ත විදුලිය ඒ සදහා යෙදවීමෙන් බව මණ්ඩලය කියන්නේය. සුර්ය බලය යළි බලශක්ති විභවයක් ලෙස පරිවර්තනය කිරීම ශක්ති ගබඩාකරණයක් හෙයින් එය ජල බැටරිය ලෙස නම් වන්නේය. මණ්ඩලයේ ඔල්මොරෝන්දමේ තරම ඒ තර්කයෙන්ම පෙනී යන්නේය. තවම ශ්‍රී ලංකාව සතුව ඇත්තේ තනි ජාතික විදුලි පද්ධතියක් පමණය. සුර්යය බලයෙන් ලැබෙන විදුලිය මේ යැයි හදුනාගෙන, ඒම අතිරික්තය මේ සදහා යොදවන්නේ යැයි කීමේ ශක්‍යතාවයක් අපේ ජාතික පද්ධතියට නැත.


    බේබද්දන් දෙදෙනාගේ න්‍යාය


    මේ රටේ විදුලිය බෙදාහැරීම සිදු වන්නේ රෙක්රුට් ඕඩර්යකට අනුවය. එහිදී ප්‍රමුඛ වන්නේ අඩු මිලය. ඒ අනුව බලන විට පිළිවෙලින් ජල විදුලිය, සුර්යය බලය ගල් අගුරු, ඩිසල් ආදිය තිබෙන්නේය. මෙම ක්‍රමවේදය අනුව ජාතික පද්ධතිය ඔස්සේ විදුලිය බෙදා හරින්නේ හෙයින් වික්ටෝරියාවෙන් පහළට ගලා බසින ජල කද යළි උඩට පොම්ප කරනු ඇත්තේ ජල විදුලිය මගිනි. බේබද්දන් දෙදෙනා මාරුවෙන් මාරුවට ගෙවල් දෙකට බස්සා ගත්තා සේ මේ ක්‍රම වේදයට අනුව ජල විදුලිය යොදවනු ඇත්තේ, ආයෙමත් උඩට ජලය පොම්ප කිරීම සදහාය.

    ව්‍යාපෘති වර්තාවේ අද තත්ත්වය අනුව, උඩට ගෙන එන, ජල කද ගබඩා කර තබා ගැනීම පිණිස වික්ටෝරියාවට ඉහළින්, ස්ථානයක් තවම සොයාගෙන නැත. සියල්ල අවිනිශ්චිත යෝජනා පමණය. ඒ ආදී සමීක්ෂණ සහ ගවේෂණ ගණනාවක් කළ යුතුව තිබේ. තවම ඇත්තේ මාතෘකාවක් පමණය. සම්පුර්ණ වාර්තාව සකස් කිරීමට අවම වශයෙන් තවත් මාස 18 ක් ගතවෙන බව ලංවිම පවසන්නේය.

    ඊළගට එන්නේ වර්තාව ක්‍රියාවට නැගීමය. මේ රටේ ප්‍රොජෙක්ට් කිරීම වනාහි අමු වහකි. මෙම වාර්තාව, ව්‍යාපෘතියක් බවට පත් කිරීමෙන් පසුව ටෙන්ඩර් කැදවිය යුතුය. ආසියානු සංවර්ධන බැංකු වාර්තා අනුව සැකසෙන ව්‍යාපෘති සදහා ක්‍රමවේදය එයය. නව පනත අනුව ද මෙවැනි ව්‍යපෘති අනිවාර්යෙන්ම ටෙන්ඩර් පටිපාටි අනුව කළ යුත්තේය. ඒ ආකාරයට, සිහිනය සැබෑ කර ගැනීමට මණ්ඩලයම කියන ආකාරයට 2031 වසර තෙක් බලා සිටිය යුතුය.

    පුනර්ජනනීය බකල් කිරීම

    xfettt


    මණ්ඩලය ගේම ගහන්නේ එහෙමය. මෙම ව්‍යාපෘතිය සිදු කරන තෙක් පුනර්ජනනීය කප්පාදු කිරීම ලංවිම ඉලක්කයය. ජල බැටරිය සම්බන්ධයෙන් මණ්ඩලය සකසා ඇති මාධ්‍ය නිවේදනය කියවන විට සිතෙන්නේ, අද හෙටම ජල බැටරිය සවි කර පුනර්ජනනිය විදුලියට පණදීමට මණ්ඩලය සැරසෙන බවය. ඇත්තටම මණ්ඩලය අටවා ඇත්තේ තොන්ඩුවකි. ජල විදුලිය සහ පුනර්ජනනීය ප්‍රභවයන් වසර පහකට වළ පල්ලට යැවීමේ ‘සැබෑ මුහුණ’ පෙනෙනුයේ මේ ආකාරයේ විග්‍රහයක් දන්නා අයෙකුට පමණය. රටේ වාසනාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට, මේ පිළිබදව වැටහීමක් ඇත්තේය. එසේ වුවද ජවිපෙන් පත් කර ඇති බලශක්ති උපදේශක පුබුදු නිරෝෂණට සහ ලංවිම සභාපති ආචාර්ය තිලක් සියබලාපිටිය සිටින්නේ, ඊට වෙනස්ම මනයකය.


    ඔවුහු දිවා රෑ නැතිව වලිකන්නේ සුර්යය බලයෙන් විදුලිය නිපදවීම සදහා මරණය කැදවිමටය. දැනටමත් ඒ සදහා වරෙන්තු ගණනාවක් ඍජුවම නිකුත් කර හමාරය. සුර්යය බලයෙන් විදුලිය නිපදවීම සදහා ඉඩම් ලබා ගැනීමට තහංචිය පරිසර අමාත්‍යංශය පැත්තෙන් දමා අවසන්ය. මෙම ව්‍යපෘති සදහා ඉඩම් වෙන් කර ගැනීමට අවශ්‍ය අනුමැතිය සදහා කමිටුවක් පත් කර ඇති අතර, කමිටුවට දී ඇති උපදෙස වන්නේ, කිසිදු ඉඩමක් සදහා අවසර නොදෙන ලෙසය.

    අලුතෙන් එල්.එන්.ජි. ව්‍යපෘති හතරක්

    රිනුබල් හෙවත් පුනර්ජනනීය විදුලිය සදහා සහයක් ලබාදීම අවශ්‍ය නම්, මෙවන් ඇදි ඇදී යන ජල බැටරි කතා වැඩක් ඇත්තේම නැත. එසේම ජල බැටරි බාල්දි පෙරලන්නේ මේ රටේ අනාගත සංවර්ධන ඉලක්කයටය.

    දැනටමත් යටින් ගේම ගසමින් මෙගා වොට් හාරසියයක ධාරිතාවයකින් යුත් එල්.එන්.ජි ව්‍යපෘතියක් සදහා මණ්ඩලය සුදානම් ශරීරයෙන් පසු වන්නේය. ගල් අගුරු තව දුරටත්, මේ රටට ගාල් කිරීම, ලංවිම සභාපති ගල් අගුරුප්‍රේමි ආචාර්ය සියබලාපිටියගේ වුවමනාවය. හෙතෙම කැපුවත් ගල් අගුරුය. එවන් ස්වභාවයක් සහිත අයෙකු මණ්ඩලයේ මුලසුන හොබවන කල්හි, පුනර්ජනනියට මේ ආදීනව අත්දැකීමට සිදු වන්නේය.



    ශ්‍රී ලංකාවේ විදේශ ආදායම ඩොලර් බිලියන අටේ සිට 36 දක්වා ගෙන යෑම ජනාධිපතිවරයාගේ ඉලක්කයය. ඒ සදහා අපනයන ආදායම පස් ගුණයකින් පමණ වැඩි කර ගත යුතුය. ආපනය ආදායම වැඩි කර ගැනීම සදහා ප්‍රමුඛ සාධකය වන්නේ බලශක්ති සුරක්ෂිතභාවය සහ එහි අවම පිරිවැයය. ඒ සදහා අනගි පිළියම පුනර්ජනනිය මුලයන් මගින් විදුලිය නිපදවීමය. අනෙක් අතට අද ලෝක වෙළද පොලේ අපනයන ආර්ථිකය සදහා සහනය ලැබෙනුයේ, කාබන් ක්‍රෙඩිට් සදහාය. මීට පෙර ලබාදුන්නා සේ එම සහනය දැන් ආයතන විෂයෙහි ලබා දෙන්නේ නැත. නවීන තීරණය වී ඇත්තේ ඒ සදහා එක් එක් රටට ජීඑස්පී සහනය මෙන් අපනයන බදු සහන ලබාදීමටය. ශ්‍රී ලංකාව පුනර්ජනනිය බලශක්තියෙන් පුර්ණ වෙන කල්හි, අපනයන වෙළද පොළ විෂයෙහි එය ඩබල් ඇක්ෂන් බලපෑමක් සිදු කරන්නේය.


    අපගේ අපනයන ආදායම වැඩි කරගැනීම සදහා අත්‍යවශ්‍යම කොන්දේසිය බවට පුනර්ජනනිය විදුලියෙන් පුර්ණ වීම පත් වන්නේ මේ නිසාය. එසේ නොමැති නම් අපනයන ආදායම ඩොලර් බිලියන අටේම නලව නලවා තබා ගැනීමට අප සිදුවෙන අතර, රටේ විදේශ විනිමය ද තෙල්, ගල් අගුරු සහ ද්‍රවිකෘත ස්වභාවික වායු ආදී එතෙරින් ගෙන්වීමට වියදම් කිරීමට ද සිදුවෙනවා ඇත. ආණ්ඩුවේ අගේ ඉදගෙනම බලශක්ති ලොක්කෝ සෙට් එක සිදු කරන්නේ කන කෑම බව, ජනාධිපතිවරයා තේරුම්ගත යුත්තේ මේ නිසාය. යන ක්‍රමවේදය අනුව ගියහොත් අනෙක් ආණ්ඩු සේම මේ ආණ්ඩුවට ද, රට පාඩුවට කරගෙන යෑමට සිදුවෙන බව දන්නා හෙයින් මේ ඇමති, නිලධාරී කුට්ටම ඉදිරියේදී ඇනීමට ජනාධිපතිවරයා පියවර ගැනීම නිසැකය.

    අවසානයේ කිව හැක්කේ ජල බැටරිය පෙන්වා පුනර්ජනනිය විදුලියට සහය දෙන බව කියන ලංවිම, බුදු සරණයි උඩින්ම ගසාගෙන, හොර හරක් පටවාගෙන යන ලොරියක් තත්ත්වයට පත්ව ඇති බවය.

    (සටහන | විශේෂ ලියුම්කරුවෙකු විසිනි)

    - https://www.theleader.lk/featured/30229-2025-02-23-16-07-01
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,114
    1,466
    113
    $1 billion Water-battery walata kalin karanna one substation wala loku LFP battery banks dana eka. LFP battery banks dala oka karanna puluwan within 1 year wage. mama hithanne eka recommend karalath thiyenawa ADB eken & india grid connectivity eka expedite karana eka.

    but water-battery project eka adala gaththama wenne thawa 10 years withara CEB ekata kal maranna puluwan danata yana widiyatama coal walin.
    anduwata mole thiyenna one ewa therum ganna.
    Battery 🔋 system thama hariyanne.
     

    CohenLenstra

    Active member
  • Jan 11, 2024
    124
    158
    43
    ඒකට කරන්න ඕනෙ ලෝකෙ තියෙන standards එක්ක අලුත් වෙලා, හරි ප්‍රොසෙස් එකක් හදල හැමෝටම සාදාරණ transparent method එකක් හදන එක මිසක්. ඇමතිට ඕනෙ ඕන එකට දෙන එක නෙමේ. ඒක තමා industry විනාසම වෙන විදිය.
    ඒකේ ඇමතිගේ අභිමතය පරිදි award කරනවා කියලා තිබ්බාද? Pricing ගැන ඒකේ මොකද්ද හරියටම තිබ්බ policy එක?

    මට තේරිච්ච විදිහට, ඒකෙන් ගොඩක් govt redtape අයින් කරපු එක නේද කරේ?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,211
    14,615
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒකේ ඇමතිගේ අභිමතය පරිදි award කරනවා කියලා තිබ්බාද? Pricing ගැන ඒකේ මොකද්ද හරියටම තිබ්බ policy එක?
    මට මතක විදියට එහෙමයි. ඇමතිට ඕනෙ විදියට තීරණය කරන්න පුලුවන්. ඒකෙදි තමා චම්පික කිව්වෙ එහෙම නැතුව ටෙන්ඩර් බැරිනම් පාර්ලිමේන්තුවෙන් කැමැත්ත අහලව ඒ අනුව ප්‍රොජෙක්ට් approve කරන්න කියල. කාන්චනය උද්දච්ච විදියට ඒක රිජෙක්ට් කලා.
    මට තේරිච්ච විදිහට, ඒකෙන් ගොඩක් govt redtape අයින් කරපු එක නේද කරේ?
    ගොඩක් හොද දේවල් ඒකෙ තිබ්බ ඒත් කලින් පෝස්ට් වල මම දැම්ම වගේ ඕනෙකමින්ම අවුල් සෙට් එකක්ම හදල තමා පනත හදල තියෙන්නෙ, පස්සෙ ආතල් ටිකක් දෙන්න.
    හැබැයි දැන් ආණ් ඩුව කරන්න තිබ්බෙ ඒ අවුල් ටික හදල දිගටම කරගෙන යන්නෙ, ඒත් මෙයාල ෆුල් රජයෙන් කරන්න යනවිදියට රිවර්ට් කරයි වගේ අලුත්ම පනතක් ගෙනල්ල.
     

    CohenLenstra

    Active member
  • Jan 11, 2024
    124
    158
    43
    මට මතක විදියට එහෙමයි. ඇමතිට ඕනෙ විදියට තීරණය කරන්න පුලුවන්. ඒකෙදි තමා චම්පික කිව්වෙ එහෙම නැතුව ටෙන්ඩර් බැරිනම් පාර්ලිමේන්තුවෙන් කැමැත්ත අහලව ඒ අනුව ප්‍රොජෙක්ට් approve කරන්න කියල. කාන්චනය උද්දච්ච විදියට ඒක රිජෙක්ට් කලා.
    10MW powerstation එහෙකට approval ගන්න parliament දානවට වඩා හොඳයි තිබ්බෙ විදිහටම තියන එක. ඔය වගේ පොඩි දේවල් වලට parliament කාලේ නාස්ති කරං අර investor ගෙත් කාලේ නාස්ති කරන එකේ තේරුමක් නෑ.

    මට හිතෙන්නෙ ඔය ඇමතිට කැමති කෙනා කියන්නේ, ඇත්තටම ministry approval කියන එකනේ, minister එකේ head හින්දා අපි infer කරගන්නවා ඒකට ඇමති influence කරයි කියලා.

    ඕකත් එක්ක CEB restructuring process එක හරියට කරලා, power procure කරන්න ලොකු private players දැම්මනං, ඉබේම ඔය price එක regulate වෙනවා through competition. එතකොට ministry approval අදාළම නෑ small scale powerstations වලට. උන් efficiently power generate කරනවනං industry එකේ රැඳෙයි නැත්තං වහලා දාලා නිකං ඉඳියි.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    2,961
    2,839
    113
    දැන් ගොඩක් කල් නිසා exact details මතක නෑ. ඒත් ඒකෙ තිබ්බ වගේ මතකයි 10mw අඩු හෝ 100mw වැඩි renewable power plant වලට ටෙන්ඩර් නොදා, කෙලින්ම ඇමතිගෙ කීමට ඕක කරන්න පුලුවන් කියල. චම්පික කිව්ව ඒක කරන්න එපා අඩුම පාර්ලිමෙන්තුවට දාල ඒකෙ approval පස්සෙවත් කරන්න කියල. කාන්චනය රිජෙක්ට් කලා ඒක.
    Kanchange project eka tibba nam wede goda daganna tibba. 🤭🤭

    10MW powerstation එහෙකට approval ගන්න parliament දානවට වඩා හොඳයි තිබ්බෙ විදිහටම තියන එක. ඔය වගේ පොඩි දේවල් වලට parliament කාලේ නාස්ති කරං අර investor ගෙත් කාලේ නාස්ති කරන එකේ තේරුමක් නෑ.

    මට හිතෙන්නෙ ඔය ඇමතිට කැමති කෙනා කියන්නේ, ඇත්තටම ministry approval කියන එකනේ, minister එකේ head හින්දා අපි infer කරගන්නවා ඒකට ඇමති influence කරයි කියලා.

    10MW newei ban 700MW solar project with 1500MW battery storage system ekak. South Asia wala lokuma battery storage system eka kiyala kiwwe ea dawas wala. 1.7 Billion investment eka. antimata wechcha deyak ne 😂😂



    Solar ප්‍රශ්නයට විසදුම, 1.7B දකුණු ආසියාවේ විශාලම බැටරි බලාගාරය ලංකාවට! සුපිරි වැඩක්! 🔋⚡

     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,211
    14,615
    113
    Malfoy Manor, Wiltshire, England.
    10MW powerstation එහෙකට approval ගන්න parliament දානවට වඩා හොඳයි තිබ්බෙ විදිහටම තියන එක. ඔය වගේ පොඩි දේවල් වලට parliament කාලේ නාස්ති කරං අර investor ගෙත් කාලේ නාස්ති කරන එකේ තේරුමක් නෑ.
    ඒක සම්පූර්ණ වැරදි කතාවක් නෙ. open tender ගිහින් හරියට කරන්න පුලුවන් එක නවත්තල ඇමතිගෙ යටතට ඔක්කොම අරගෙන ඊට පස්සෙ එකෙ වැරදී කියල අනිත් අය පෙන්නනකොට ඒක අඩුම පාර්ලිමේන්තුවට ගේන්න ඕනෙ, ඒක වෙලාව නාස්ති වෙනවනම් තේරුම් ගන්න ඕනෙ ඇමතිගෙ කැමත්තට විතරක් කරන්න යන එක වැරදී කියන එක.

    නැති ප්‍රශ්නයක් ඇති කරල ඒක විසදන එක අකාර්‍යක්ශමයි කියල, තිබ්බට වඩා විනාසයක් කරනව. ඒකයි කාන්චන කලේ.

    investor ලටයි, කස්ටමර්ස්ල වෙන අපිටයි දෙකටම සාදාරණයි open tender එක කලානම්. නැතුව ඇමතිටවත්, කිසිම ප්‍රොසෙස් එකක් නැතිව අමාත්‍යංශ වල තනි තීරණ වලට කරල ඒවට පව් ගෙවන්න වෙන්නෙ අපිට බිලෙන්.
    මට හිතෙන්නෙ ඔය ඇමතිට කැමති කෙනා කියන්නේ, ඇත්තටම ministry approval කියන එකනේ, minister එකේ head හින්දා අපි infer කරගන්නවා ඒකට ඇමති influence කරයි කියලා.
    transparent process එකක් නැතුව කරන නිසා, ඇප්‍රූවල් දෙන්නෙ කොහොමද කියන එකට ප්‍රොසෙස් එකක් කාන්චන, රනිල් කිව්වෙ නෑ. එතකොට ඇමති ඇතුලු ministry එක හරියට කරයි කියන ෆේත් එකෙන් අපි නිකන් ඉන්න ඕනෙ කියන එකයි ඒ කියන්නෙ.
    එහෙම විස්වාස කරල රනිල් ඇතුලු උගේ ඇමති මණ්ඩලේ කරල තියෙන වැඩ මේ දවස් වල කෝප් එකේ ලස්සනට එලියට එනව. හැමෝටම විස්වාස කරන්න පුලුවන් හරි හමන් ප්‍රොසෙස් නැතුව ඇමතිල, අමාත්‍යංශ විස්වාස කරල තමයි රනිල්ල හාඩ්වෙයා වලින් ටී-ශර්ට් අරන් තියෙන්නෙ. රුපියල් බිලියන ගාණක් මිනිස්සුන් ගෙ බදු සල්ලි කාල තියෙන්නෙ.
    ඕකත් එක්ක CEB restructuring process එක හරියට කරලා, power procure කරන්න ලොකු private players දැම්මනං, ඉබේම ඔය price එක regulate වෙනවා through competition.
    ඔව්. ceb එක unbundle කරල ප්‍රයිවට් අයට ලේසියෙන් එන්න පුලුවන් විදියට හදන්නම ඕනෙ. ප්‍රශ්නෙ තිබ්බෙ රනිල්+ කාන්චන අවුල් තියෙන පනතක් ගෙනාපු එක හා ඒක හදන්න දුන්න හොද යෝජනා ඔක්කොම ඕනෙ කමින්ම රිජෙක්ට් කරපු එක.
    එතකොට ministry approval අදාළම නෑ small scale powerstations වලට. උන් efficiently power generate කරනවනං industry එකේ රැඳෙයි නැත්තං වහලා දාලා නිකං ඉඳියි.
    එහෙම කියන්න බෑ. අනිවාර්යයෙන් රජයෙන් approval ගන්න ඕනෙ national grid එකට කනෙක්ට් කරන්න හා power plant එක හරියට මැනේජ් කරන්න පුලුවන් ද කියල බලන එක. මොකද කව්‍රු ජෙනරේට් කලත්, කවුරු කන්සියුම් කලත් තියෙන්නෙ තනි national grid එකක්, ඒක මැනේජ් වෙන්නෙ state එක යටතේ. ඒක නිකන්ම private උන් කම්පීට් කරල සෙට්ල් වෙයි කියන්න බෑ. ඒ competitive අදහස හරි මොනහරි රීටේල් product or service වලට. සබන්, සිසිල් බීම වගේ නම් එහෙම කියන්න තිබ්බ. රටේ එනර්ජි, වෝටර් වලට එහෙම කියන්න බෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    CohenLenstra

    Active member
  • Jan 11, 2024
    124
    158
    43
    එහෙම කියන්න බෑ. අනිවාර්යයෙන් රජයෙන් approval ගන්න ඕනෙ national grid එකට කනෙක්ට් කරන්න හා power plant එක හරියට මැනේජ් කරන්න පුලුවන් ද කියල බලන එක. මොකද කව්‍රු ජෙනරේට් කලත්, කවුරු කන්සියුම් කලත් තියෙන්නෙ තනි national grid එකක්, ඒක මැනේජ් වෙන්නෙ state එක යටතේ. ඒක නිකන්ම private උන් කම්පීට් කරල සෙට්ල් වෙයි කියන්න බෑ. ඒ competitive අදහස හරි මොනහරි රීටේල් product or service වලට. සබන්, සිසිල් බීම වගේ නම් එහෙම කියන්න තිබ්බ. රටේ එනර්ජි, වෝටර් වලට එහෙම කියන්න බෑ.
    ඔන්න ඔය competitive open market system එහෙකට යන්න තියෙන බය තමා ලංකාවට තියෙන ලොකුම බාධාව. උඩ ඔය govt corruption වැඩිවෙන්නේ රජය විශාල නිසා.

    ඒක සම්පූර්ණ වැරදි කතාවක් නෙ. open tender ගිහින් හරියට කරන්න පුලුවන් එක නවත්තල ඇමතිගෙ යටතට ඔක්කොම අරගෙන ඊට පස්සෙ එකෙ වැරදී කියල අනිත් අය පෙන්නනකොට ඒක අඩුම පාර්ලිමේන්තුවට ගේන්න ඕනෙ, ඒක වෙලාව නාස්ති වෙනවනම් තේරුම් ගන්න ඕනෙ ඇමතිගෙ කැමත්තට විතරක් කරන්න යන එක වැරදී කියන එක.

    නැති ප්‍රශ්නයක් ඇති කරල ඒක විසදන එක අකාර්‍යක්ශමයි කියල, තිබ්බට වඩා විනාසයක් කරනව. ඒකයි කාන්චන කලේ.

    investor ලටයි, කස්ටමර්ස්ල වෙන අපිටයි දෙකටම සාදාරණයි open tender එක කලානම්. නැතුව ඇමතිටවත්, කිසිම ප්‍රොසෙස් එකක් නැතිව අමාත්‍යංශ වල තනි තීරණ වලට කරල ඒවට පව් ගෙවන්න වෙන්නෙ අපිට බිලෙන්.
    දැන් ඒ 10MW power generation bill එක පාස්වෙලා අවුරුද්දක්වත් වෙනවා නේ, ඒ අතරේ කාංචන ගිය අවුරුද්දේ සැප්තැම්බර් 22 වෙනිදා වෙනකං වංචනික විදිහට ඒවගේ 10MW power stations කීයකට approval දීලා ද? ඒ දීපු approval නිසාම අපේ බිළ කීයකින් ඉහළ යන්න නියමිතයි ද? අලුත් ආණ්ඩුවෙන් ඒ ගැන මුකුත් හෙළි කරාද?
    ------ Post added on Mar 1, 2025 at 1:05 PM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,211
    14,615
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔන්න ඔය competitive open market system එහෙකට යන්න තියෙන බය තමා ලංකාවට තියෙන ලොකුම බාධාව. උඩ ඔය govt corruption වැඩිවෙන්නේ රජය විශාල නිසා.
    100% ෆුල් ඕපන් මාක්ට් එකකට යන්න බෑ බන් නැශන්ල් ග්‍රිඩ් එකක් තියෙන්නෙ. නැතුව සබන්, සිසිල් බීම වගේ කට්ටිය වෙන වෙනම competitive market යන්න පුලුවන් දෙයක් නෙමේ. එකේදි මිනිස්සුට ඩිසයිඩ් කරන්න පුලුවන් මේ සබන් කොලිට් හරි නෑ, ගාන වැඩී ඒක නිසා මම මේ සබන් ගන්නව කියල. ඒක කරන්න පුලුවන් ද national grid වල, අපිට power ගන්න තියෙන්නෙ එකම national ග්‍රිඩ් එකෙන්මයි මොන සෙල්ලම් දැම්මත්. පොඩි පොඩි ප්‍රයිසින් ඩිෆරන්ස් එකක් කරන්න පුලුවන් ඩිස්ට්‍රිබියුශන් කම්පනි හරහා එයාලගෙ කොස්ට් ආඩු කරගෙන. ඒක නිස competitive කරන්න පුලුවන් ප්වර් ජෙනරේශන් එකේදි සහ ඩිස්ට්‍රිබියුශන් එකේදි. ට්‍රාන්ස්මිශන් එකේදි ඕක කරන්න බෑනෙ තනි ඕගනයිසේශන් එකකින් යන්න ඕනෙ. ඒක මැනේජ් කරන්න ඕනෙ රජයේ ආයතනයකින්ම තමා.

    ඒක නිසයි tender ප්‍රොසෙස් වලින් හොදම බිඩ්ස් ගන්න ඕනෙ grid එකට කනෙක්ට් කරනකොටම, එතකොට තමා මුලු නෙට්වර්ක් එකේම කොස්ට් එක අඩු වෙන්නෙ, එහෙම අඩුවුනොත් විතරයි අපේ බිල අඩු වෙන්නෙ. අන්න ඒක නිසයි ඔයා කියන විදියෙ ෆුල් කම්පෙටිශන් එක මේකට ඇඩොප්ට් කරන්න බැරි. දැන් ටෙලිකොම් වලට වගේ නම් ඔයා කියන එක කරන්න පුලුවන් because උන්ට වෙන වෙනම fiber, 4g නෙට්වර්ක් තියෙන නිසා. එකක් හොද නැත්නම් අනිත් එකට මාරු වෙන්න පුලුවන් කස්ටමර්ට.

    රජය කුඩා කරන එක, රජය පුලුවන් තරම් බිස්නස් වලින් අයින් වෙන එකත් අනිවාර්‍යයි.
    ඒත් national grid එකේදි 100% open market එක කරන්න බෑ. කරන්න පුලුවන් හැකි තරම් ප්‍රයිවට් අය එකතු කරගෙන කරන්න පුලුවන් මොඩල් එකකට යන එක රජයේ ඩිපෙන්ඩන්සි අඩු කරගෙන.


    දැන් ඒ 10MW power generation bill එක පාස්වෙලා අවුරුද්දක්වත් වෙනවා නේ, ඒ අතරේ කාංචන ගිය අවුරුද්දේ සැප්තැම්බර් 22 වෙනිදා වෙනකං වංචනික විදිහට ඒවගේ 10MW power stations කීයකට approval දීලා ද? ඒ දීපු approval නිසාම අපේ බිළ කීයකින් ඉහළ යන්න නියමිතයි ද? අලුත් ආණ්ඩුවෙන් ඒ ගැන මුකුත් හෙළි කරාද?
    ------ Post added on Mar 1, 2025 at 1:05 PM
    ගාන නම් හරියටම දන්නෙ නෑ. මම හිතන්නෙ මෑතකදි ප්‍රොජෙක්ට් 20 විතර හෝල්ඩ් කරපු කතාවක් කිව්ව.
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    20,488
    18,163
    113

    Solar Industries Assosiation (SIA) Urges Fair policies to protect Sri Lanka's Rooftop Solar Industry​




    ‘වහල මත සූර්යබල පද්ධති මගින් පමණක් 2024 වසරේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක් දී තිබෙනවා. එය ජාතික ඉල්ලුමෙන් 5%ක් පමණ වෙනවා. වහලය මත සූර්යබල පද්ධති සවිකර ගත් අයට කිලෝ වොට් 500ට අඩු නම් එක් ඒකකයකට රුපියල් 27 බැගින්ද, කිලෝ වොට් 500ට වැඩි නම් එක් ඒකකයකට රුපියල් 23 බැගින්ද ගෙවනු ලබනවා. නමුත් එම මුදලෙන් 30%ක් අඩු කිරීමට රජය කටයුතු කරන්න හදනවා. එවැනි තත්ත්වයක් යටතේ සූර්යබල ව්‍යාපෘති කරන සමාගම් බිඳවැටීමකට ලක් වෙනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ (SIA) සභාපති ජාවිඩ් කමිල් සඳහන් කළේය.

    ‘‘වහලය මත සූර්යබල පද්ධතියක් සවි කරන්නේ වසර 20ක වගකීමක් යටතේයි. මේ වනවිට රටේ ලක්ෂයකට අධික පිරිසක් සිය නිවෙස්වල වහලය මත සූර්යබල පද්ධති සවිකර තිබෙනවා. එම කර්මාන්තකරුවන් සිය ව්‍යාපාර කටයුතු අතහැර ගියහොත්, සූර්යබල පද්ධති නිසි පරිදි නඩත්තු කිරීමට හැකියාවක් නොමැතිව ලක්ෂයකට අධික පිරිසක් තර්ජනයට ලක් වෙනවා. එම නිසා දැනට කිලෝවොට් ඒකක සඳහා ගෙවන මුදල ඒ ආකාරයෙන්ම නොවෙනස්ව තබන ලෙසත්, එම මුදල අඩු නොකරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා පැවසීය.

    ‘‘2025 පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති වගකිව යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒ පිළිබඳව සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. එම සිද්ධිය පාදක කරගෙන සෑම ඉරිදා දිනකම පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා වහලය මත සූර්ය බලශක්ති පද්ධති වසා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා’’ යැයිද සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


    RE EOI projects: AG warns of legal risks in policy changes​

    09 Mar 2025

    The Attorney General (AG) has raised concerns that the proposed changes to Sri Lanka’s Renewable Energy (RE) policy could lead to legal disputes, further complicating the already delayed selection process for 47 renewable energy projects (Expression of Interest – EOI projects), as reliably learnt by The Sunday Morning.
    As the Ministry of Energy moves forward with implementing a competitive bidding framework for these projects, the AG has questioned the legality of retroactive changes to terms already agreed upon.
    Energy Ministry Secretary Prof. Udayanga Hemapala confirmed to The Sunday Morning that the ministry had received the AG’s advice, but declined to provide further details on the matter.
    Developers, who have already invested millions in non-refundable application fees, land acquisitions, and environmental assessments, may take legal action if sudden changes are made to tariff structures or project selection criteria.
    This could disrupt Sri Lanka’s energy transition and potentially deter future investments, threatening the country’s RE goals.
    A consortium of 43 developers, waiting for nearly three years for clarity, expressed concerns about the Government’s future actions. While 533 developers initially submitted proposals in 2021, only 47 projects were shortlisted and delays have created growing uncertainty.
    The ministry has reiterated its commitment to ensuring fairness and transparency, with Prof. Hemapala stressing that the selected projects would undergo a competitive bidding process to ensure the best pricing options were presented to the Cabinet for approval.
    He added that the ministry continued to work on a policy aimed at providing long-term clarity and stability for investors.


    - https://www.themorning.lk/articles/DDSo8ziWVtbx2piNg4aj

    NPP Mr. Coal පු*රුදය උදාකරයි: හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘති 30ක් වහාම අත්හිටුවයි !​

    https://elakiri.com/threads/npp-mr-...ශක්ති-ව්‍යාපෘති-30ක්-වහාම-අත්හිටුවයි.2196994/
    ------ Post added on Mar 9, 2025 at 9:27 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    20,488
    18,163
    113

    බිලියන 3.5ක පුනර්ජනනීය ආයෝජන හකුලා දැමීමේ ලංවිම මාෆියාවේ ඇත්ත - නැත්ත මෙන්න


    Red_alert_250227.jpg

    පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වූ ශ්‍රී ලංකාව පිළිබදව සුබවාදී සිහිනය මේ රටේ වියත් ජන සමාජය තුළ පැළපදියම් වන්නේ හේතු දෙකක් මුඛ්‍ය කර ගනිමිනි.

    පෙට්රෝලියම් සහ ගල් අගුරු සදහා අප දරන පිරිවැය පිරිමසා ගැනීම පළමුවැන්නය.

    දෙවැන්න, කාබන් විමෝචනයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමය.

    ඒ උදෙසා පෙළ ගැසුණු සද්ජන කතිකාවත සදහා පිටු බලයක් ලබා දෙමින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වන්නේය. වෙනදා දේශපාලන සහ නිලධාරීවාදයේ අල්ලස්, දුෂණ අක්‍රමිකතා හේතුවෙන් රටේ අත්‍යවශ්‍ය සංවර්ධන අංග වැළලී ගිය ආකාරය දුටු හෙයින් ජාජබ ආණ්ඩුව ඒ සියල්ලට එරෙහි බලය වේ යන නිසැක චින්තනයෙන් බලා සිටි දනා වෙත මේ ලිපිය පවසන්නේ එවන් සුබ සිහිනයක කතාවක් නොවේ.

    බෙල්ල මුලටම පිහිය තබයි

    නව රජය බලයට පත්ව ටික දිනකින්, එතෙක් විදුලිබල අමාත්‍යංශයේ අනුමැතිය මත පවත්වාගෙන ගිය, ආරාධනා මත සිදු කළ අභිලාශ ප්‍රකාශන ව්‍යපෘති (Invitation for Expression of Interest) EOI යළි සලකා බැලීමට ලංවිම තීරණය කළේය. එම ව්‍යාපෘති ක්‍රමානුකුල කළ යුත්තේ යැයි පවසමින් මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියබලාපිටිය මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, ඒ වන විටත් වැඩ ආරම්භ කර තිබූ මහා පරිමාන පුනර්ජනනීය ව්‍යාපෘති පිළිබදවය.

    මෙම කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් කිරීමට පෙර, නීතිපතිවරයාගේ නිරීක්ෂණය සදහා කෙටුම්පත යොමු කරන ලද්දේය. සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් නීතිපතිවරයා දක්වා තිබූ නිරීක්ෂණය සමස්තයක් ලෙස සාරාංශ ගත කළහොත්, එම යෝජනාව පළ රහිත සහ අනවශ්‍ය ක්‍රියාවකි.

    2024 දෙසැම්බර් 12 වෙනිදා, නීතිපතිවරයා එවන ලද පිටු තුනක නිරීක්ෂණ මගින් දක්වා තිබුණේ, සියලුම අනුමැතින්ට යටත්ව වැඩ ආරම්භ කර තිබූ මෙම ව්‍යාපෘති විෂයෙහි යළි සලකා බැලීම් අනවශ්‍ය බවය. එවැනි කැබිනට් පත්‍රීකාවක් නිතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ හොත් එහි අවාසිය රජයේ පාර්ශ්වයට අත්වන්නේ සේම, මෙවන් යෝජනා හේතුවෙන් ආයෝජන අධෛර්යමත් වීම ද සිදු විය හැක්කේ බව නීතිපති අවධාරණය කර තිබුණේය.



    AGD 2025.27


    2024 දෙසැම්බර් 20 වෙනිදා නිකුත් කළ නීතිපතිවරයා නිරීක්ෂණයේ මුල් පිටුව



    අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසන් අනුමැතියට යටත්ව නිත්‍යානුකූල සිදුකෙරෙමින් පවතින ව්‍යාපෘති සදහා යළි සලකා බැලීම අනවශ්‍ය බව නීතිපතිගේ නිරීක්ෂණය විය.



    නීතිපතිගේ නිරීක්ෂණය සගවා තබා ඇමතිවරයා සිදු කරන ලද්දේ අදාළ යෝජනාව සැකසීම සදහා උපදෙස් ලබාදීමය. කැබිනට් පත්‍රීකාව සකස් කිරීම භාර වුයේ ආචාර්ය තිලක් පියඹලාපිටියට සහ බලශක්ති අමාත්යංශයේ අතිරේක ලේකම් වෙතය.



    යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නේ 2024 දෙසැම්බර් 26 වෙනිදාය. සුනාමියෙන් වසර විස්සක් සපිරෙන දා ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රීකාව වනාහි මේ රටේ පුනර්ජනනීය බලශක්තියේ බෙල්ල මුලට පිහිය තැබීමකි.



    IMG 0017 page 0005


    IMG 0017 page 0006


    IMG 0017 page 0007


    කැබිනට් මණ්ඩලය නොමග යවිමින්, නීතිපති නිරීක්ෂණයට පටහැනිව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාව



    නීතිපති නිරීක්ෂණ සගවා කැබිනට් මණ්ඩලය නොමග යවයි

    නීතිපතිගේ අවධානය පසෙකට විසිකර මෙම කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් කරන තරමේ අවශ්‍යතාවයක් මණ්ඩලයේ සභාපතිවරයාට සහ ඇමතිවරයාට ඇතිවිය.


    නීතිපතිගේ නිරීක්ෂණ පිළිබඳව වූ සදහනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලද්දේ හෙයින් මෙය පැහැදිලිවම කැබිනට් මණ්ඩලය නොමග යැවීමකි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පැහැදිලි පිළිවෙත ආයෝජන දිරිමත් කිරීමය. එසේම පුනර්ජනනිය බලශක්තියෙන් රට බල ගැන්වීමය. ඒ සියල්ල සදහා, වංගු ගැසීමකට ලංවිම සභාපතිවරයා සහ ඔහුගේ සමීපතමයන් බවට පත්ව සිටින, ඉංජිනේරු වළල්ලක් කටයුතු කිරීම රජයේ අවධානයට පත්විය යුත්තේය.

    EOI ආකෘතිය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙන සියලු පුනර්ජනනීය ව්‍යාපෘති එකවර අක්‍රිය වන්නේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට පැමිණීම සමගය.

    කැබිනට් පත්‍රීකාව අනුව මේ සදහා මුදල් අමාත්‍යංශය ප්‍රධානව කමිටුවක් පත් වන්නේය. සති දෙකක් තුළ මේ පිළිබදව වාර්තාවක් ලබාදීම එම කමිටුවේ කාර්යය විය. සති දෙකක් නොව මාස දෙකක් ද ඉක්මවා ගොස් ඇතත් තවම ඒම කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර නැත්තේ හෙයින් ඉද්ද ගැසුවා සේ EOI ආකෘතිය යටතේ ක්‍රියාත්මක, සියලු පුනර්ජනනීය ව්‍යාපෘති නැවතී තිබේ.

    ඇදි ඇදී යන සති දෙකේ කමිටුව

    භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව තවම වැඩේ ඇදගෙන යනවා මිස මේ ගැන කතාවක් හෝ නැත.

    ව්‍යාපෘති සියල්ල නැවති ඇති හෙයින් ලංවිම වෙත ආයෝජකයෝ පැමිණ, මෙම ක්‍රියාපටිපාටිය අවසන් කර දෙන ලෙස ඉල්ලා සිටින්නේය. එවිට ලංවිම මේ පිළිබදව කමිටුවෙන් විමසන්නේය. කමිටුව කියා සිටින්නේ තමන් තීරණයක් ගන්නා තෙක් සියලු ව්‍යාපෘති නැවති තිබිය යුතු බවය.

    අනුමැතිය සියලු අංශ මගින් ලබාගෙන ඇති, වෙනකක් තබා තාවකාලික බලපත්‍ර හිමිකම ද සහිත මෙම ව්‍යපෘති නවතා තබාගෙන සිටීම සදහා එම කමිටුවට හැකියාවක් නැත. තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් ආර්ථික තීරණයක් පමණක් සලකා බැලීමට ලඝු කිරීමේ අවසාන පලය, අත් විදින්නේ රටේ සංවර්ධනයය.

    විදුලිබල මාෆියාව ඇටවූ උගුල හේතුවෙන් ආයෝජකයෝ අසරණය. රජයේ ප්‍රතිපත්තිය කොනටම හේත්තු වී ඇත. පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 3,000 කට වඩා ජාතික පද්ධතියට 2027 වසර වන විට එකතු කිරීමේ ශාක්‍යතාවයක් මෙම ව්‍යාපෘතීන් සතුය. අවසර ලත් EOT පුනර්ජනනිය ව්‍යාපෘතීන් සදහා මේ ආකාරයට බාල්දි පෙරලීමට විදුලිබල මාෆියාව පියවර ගන්නේ එවන් පසුබිමක් යටතේය.

    ආයෝජකයෝ හතළිස් තුනක් හාන්සියි

    මෙම ව්‍යාපෘති සියල්ල රටට පැමිණෙන්නේ දුෂ්කර කාලයකය. කොවිඩ් වසංගතය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය සිදු කළ ආරාධනය පරිදි පුනර්ජනනිය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය සදහා පන්සියයකට ආසන්න පිරිසක් පැමිණියහ. ඉන් ඉන් තුන්සිය ගණනකට, ලැයිස්තුව කෙටි කර එයින් ද හතලිස් තුනකට තාවකාලික අවසරපත්ර ලබා දෙමින් මෙම ආයෝජන වැඩපිළිවෙල ආරම්භ විය.

    සිය ඉඩමක, ආයෝජනය කිරීම යටතේ මෙසේ පැමිණි පිරිස රාජ්‍ය අංශයෙන් කිසිදු විශේෂ සහනයක් අත්කර ගත්තේ නැත. මේ ආකාරයට පටු ලෙස වසා දමා ඇත්තේ එම ව්‍යාපෘති සමුහයය.

    විදුලිබල සභාපති ගල් අගුරුප්‍රේමී ආචාර්ය තිලක් සියබලාපිටිය සහ වටේ සිටිනා ඉංජිනේරු මාෆියාවේ තනි වුවමනාවට මේ සියලු ව්‍යාපෘති නවතා දැමීම බලශක්තියේ අර්බුදයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රයේ ද අර්බුද මතු කර තිබේ.

    පාඩුව බිලියන 3.5ක්

    ප්‍රතිපත්ති තීරණයෙන් වසර දෙකකට වඩා, යම් ව්‍යාපෘතියකට ගත වන්නේ නම්, ආයෝජකයින් එම ක්ෂේත්‍රයෙන් ඉවත්වීම ගෝලීය අත්දැකීමය. මෙම ව්‍යාපෘති සියල්ල දැන් ගමන් කරමින් ඇත්තේ එම ඉරණම කරාය. ලෝකය පුරා ආයෝජන මේ තුළ ගැබ්ව ඇති බැවින් බලශක්ති යන මාතෘකාව නොව ශ්‍රී ලංකාව ආයෝජකයන් විෂයෙහි හිතකර නොවන බව ලොව පුරා ප්‍රචාරය සදහා මෙය මාතෘකාවක් වනු ඇත්තේය. ඩොලර් බිලියන 3.5ක ආයෝජන පරිමාවක් මේ ආකාරයට පාගා දැමීමේ ප්‍රමුඛ විපාකය එයය.

    අනෙක් අතට පොසිල ඉන්ධන සදහා අප දරන වියදම දිගටම කළ යුතු තත්ත්වයක් මෙයින් මතුවීමය. රුපියල් බිලියන 15-20 ක සිමාවේ ඇති එම වියදම, අවම තත්ත්වයකට ළගා කර ගැනීම සදහා කඩිනම් කළ යුතු පුනර්ජනනිය ව්‍යාපෘති මේ ආකාරයට වනසා දමන්නේ කුමන පදනම මතදැයි ජනාධිපතිවරයා විසින් ලංවිම සභාපති තැනගෙන් ප්‍රශ්න කළ යුත්තේ එහෙයිනි.

    නිලධාරී මාෆියාවේ සහ එහි රූකඩයක් වූ ඇමති, රජයට සිදු කර ඇති හානියේ පරිමාව මෙයය. 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සියයට 70 ක් ලබා ගැනීමේ ඉලක්කයට වල කපන මේ කටයුත්ත සදහා කැබිනෙට්ටුව ඉක්මන් පියවරක් හත යුත්තේය. නීතිපති නිර්දේශය යට ගසා, කැබිනට් මණ්ඩලය නොමග යැවීම සම්බන්ධයෙන් මෙයට මුලිකවූ සහ හවුල් වූ සියලු දෙනාට එරෙහිව පියවර ගැනීම ද කළ යුත්තේය. දැනටමත් ජනිත කර ඇති හානිය බරපතලය.

    සියලු දෙනා කැදවා කැදවා කුමන්ත්‍රණය හෙළි කරගන්න

    මුදල් අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය, විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ප්‍රධාන රාජ්‍ය පාර්ශ්වයන් සමග මෙම ආයෝජක පිරිස කැදවා විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම පළමු විසදුමය. ඒම සාකච්ඡා මේසයේදී සියල්ල විනිවිදව දිග හැරෙන බැවින් ජනාධිපතිවරයා වෙත යටි කුට්ටුකාරයන් කවුදැයි පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත.

    සෘජු රැකියා 10,000 ක් සහ වක්‍ර රැකියා අවස්ථා 30,000 කට ආසන්න ප්‍රමාණයක් මෙම ව්‍යාපෘති මගින් ජනිත වන්නේය. ඒ සියල්ල ද රටේ ජනතාවට අහිමිව ඇත්තේය.

    හේලීස්, ඒෂියා පවර්, සෙනොක්, අක්බාර් බ්‍රදර්ස්, ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සහ ලාෆ්ස් වැනි ශ්‍රී ලාංකේය ප්‍රමුඛ සමාගම් සහ ජාත්‍යන්තර ආයෝජකයින් රැසක් මෙම ආයෝජන හතළිස් තුන අතර සිටියි.

    කලාපීය ප්‍රමිතීන්ට අනුකූලව සාධාරණ, විනිවිද පෙනෙන සහ සුත්‍ර මත පදනම් වූ තීරුබදු ක්‍රමයක් හඳුන්වා දීම, 2024 මැයි 31 දිනැති අංක 24/1057/621/053 දරන කැබිනට් පත්‍රීකාව අනුව ශක්‍යතා ව්‍යාපෘති ඇගයීම සඳහා රාමුවක් සකස් කිරීම, මුල්‍ය පියවීම සහ ව්‍යාපෘති නිම කිරීම සඳහා මාස 24ක දිගුවක් ලබා දීම වැනි ඉල්ලීම් සමාගම් සදහා ලබාදී මෙම අඥාන පියවර වහාම හකුලා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය.

    එවැනි ඉදිරි පියවරකින් මෙම පැලැස්තරය වසා නොදැමුවහොත්, ඔය පැල්ලම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනිය ක්ෂේත්‍රයේ ආයෝජනය මෙන්ම අනෙකුත් ආයෝජන ද මේ රට දෙසවත් නොබලන තත්ත්වයක් උද්ගතවීම අනිවාර්යයය.

    - https://www.theleader.lk/featured/red-alert/30327-3-5