signshop

Well-known member
  • May 30, 2011
    12,154
    8,852
    113
    Dubai
    [FONT=&quot]ලංකාවේ[/FONT][FONT=&quot]වෙළඳ[/FONT][FONT=&quot]පොළ[/FONT][FONT=&quot]ආක්[/FONT][FONT=&quot]රමණයට[/FONT][FONT=&quot]ඉන්දියාවේ[/FONT] Dish TV [FONT=&quot]සැරසෙයි[/FONT]


    කෙලින්ම නිවෙස් වෙත විකාශ කටයුතු කරන (Direct to home television) ඉන්දියාවේ විශාලතම රූපවාහිනි සමාගම වන Dish TV වෙත ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා රජය විසින් අවසර ලබාදී ඇතැයි වාර්තා වේ.
    මේ අනුව, සමාගම විසින් එරට කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Dish T V Lanka (Private) Limited සමාගමට ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවසරය ලැබී තිබෙන බවයි.
    ලංකාවේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා මෙම සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගත් Satnet සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරික හවුලක් ආරම්භ කර තිබෙන අතර Dish T V Lanka (Private) Limited නැමති එම සමාගමේ කොටස් වලින් සියයට 70 ක් Dish T V සමාගමට අයත් වන අතර ඉතිරි සියයට 30 ක කොටස් ප්‍රමාණය අයත් වන්නේ Satnet සමාගමටයි.
    මේ අනුව, මෙම සමාගම විසින් ගෙවුණු මැයි මාසයේ සිට ලංකාවේ පර්යේෂණ විකාශ කටයුතුද ආරම්භ කර තිබේ.
    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගමට මේ වනවිට ඉන්දියාව තුළ ග්‍රාහකයින් මිලියන 12.1 ක් පමණ සිටින බවයි.



    Source: http://www.adaderana.lk/biz/