මොකද්ද තීන්දුවක් දීලලු නේද අද එහෙම එකක් දෙනවය කියල අපි දන්නෙත් නෑ මොකට දුන්නද දන්නෙත් නෑ
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
දින 10 ක් පුරා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
වැඩිදුරටත් තීරණය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු වරයා සඳහන් කළේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව ඉකුත් දින 10 ක් තිස්සේ සිදු කරනු ලැබූ කරුණු සලකා බැලීම ඊයේ සවස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කළේය.
ඉන් අනතුරුව එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.
ජුලි මස 20වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශව 07 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.
එම පෙත්සම් වලට එරෙහිව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි ආචාර්ය ගුණදාස අමරසේකර නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ඇතුළු පාර්ශව 15 ක් විසින් අතරමැදි පෙත්සම් ගොනුකර තිබුණි.