DIY සොල්ඩරින් අයන් සහ පෑස්සුමක් කරන ආකාරය

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    DIY සොල්ඩරින් අයන් සහ පෑස්සුමක් කරන ආකාරය

    සොල්ඩරින් අයන් එක හෙවත් සාමාන්‍ය බැවහැරෙන් කියන බවුත් එක ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය සම්බන්ධව උනන්දුවක් ඇති අය සුලභව භාවිතාවට ගන්නා උපකරණයකි, නමුත් ඔඅබට ඉලෙක්ට්‍රොනික් තාක්‍ෂණය ගැන උනන්දුවක් නැතත් එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය විය හැකි අලුත්වැඩියාවන් සඳහාද මෙය යොදාගන්න පුළුවන්, ඔබගේ වටිනා කාලය ශ්‍රමය සහ මුදල් නාස්තිය අවම කරගෙන සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික අලුත්වැඩියාවක් ඔබටම කරගැනීමට පුළුවන්. උදාහරණයක් ලෙස හෙඩ්ෆෝන් ජැක්, චාජිං කනෙක්ටර් නිතරම ගැලවීම සහ සවි කිරීම් නිසා වයරය මුළින්ම කැඩී යාම නිසා එම උපකරණ ඉවත දමන අවස්ථා බහුලයි, නමුත් ඔබටම එවැනි අලුත්වැඩියාවක් කරගන්න පුළුවන්. ඒ නිසා සොල්ඩරින් අයන් එක ඔබගේ නිවසේ ටූල් බොක්ස් එකෙහි තිබිය යුතු උපකරණයකි.

    මේ ලිපිය මගින් උත්සාහ කරන්නේ සාමාන්‍ය පෑස්සුමක් කරගන්නා ආකාරය පැහැදිලි කිරීමටයි.

    සාමාන්‍ය පෑස්සුමකට අවශ්‍ය උපකරණ-
    සොල්ඩරින් අයන් - සාමාන්‍යයෙන් රුපියල් 170 ක සරළ අයන් එකක සිට උෂ්ණත්වය වෙනස් කල හැකි මිල අධික අයන් එකක් දක්වා පරාසයක තේරීම් කල හැකියි, එදිනෙදා සාමාන්‍ය වැඩකට වොට් 60ක ලී මිටක් සහිත එකක් හොඳටම ප්‍රමාණවත්, වොට් 30/40 එකක් ic ට්‍රාන්සිස්ටර් පෑස්සීමටත්, වොට් 60/75 එකක් වයර් කැපෑසිටර් පෑස්සීමටත් සුදුසුයි.
    වොට් 90 ඉහල උපකරණ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික් උපකරණ අලුත්වැඩියා සඳහායොදා නොගනියි. ලී මිටක් සහිත එකක් තෝරාගැනීමට හේතු වන්නේ චීනයෙන් එවන ප්ලාස්ටික් මිට සහිත
    අයන් ඒක රත්වනවිට ප්ලාස්ටික් කොටස උණු වීම නිසා බුරුල් වන අවස්ථා තිබීමයි, ලී මිට සහිත එකෙහි බඳ කරකැවීමෙන් කොටස් දෙකකට ගැලවීමට හැකි එකක් විය යුතුයි, මෙය අලුත්වැඩියා කිරීමට පහසුයි. මීට අමතරව goot වර්ගයේ (රුපියල් 1500ක් පමණ)හෝ අනුකරණ ඒවා (රුපියල් 450 ක් පමණ)ද ඇත, නමුත් ඔරිජිනල් goot එකක් හැර අනෙත්වා මිලදීගැනීම නොකළ යුතුයි,කලාතුරෙකින් එබනයිට් මිට සහිත භූගත කල ඒවා ද සොයාගත හැකියි.


    ලී මිටක් සහිත සොල්ඩරින් අයන්
    FRANKEVER-wood-handle-high-temperature-soldering-iron.jpg



    හොඳ තත්වයේ සොල්ඩරින් අයන්



    උෂ්ණත්වය වෙනස් කල හැකි ඉහල මට්ටමේ සොල්ඩරින් අයන්
    FQ7FYOUH4AGIUA3.MEDIUM.jpg


    ටික කාලයක් භාවිතා කර පිලිස්සී ගිය බවුත් වීසි කරන්න එපා, ඒ සඳහා අලුත් හීටින් එළිමන්ට් එකක් සවිකර භාවිතාවට ගත හැකියි, වොට් 60 ක හීටින් එළිමන්ට් එකක් රු 125ක් පමණ වෙනවා.
    බවුත් එකක් පාවිච්චියට ගැනීමට පෙර යම් කාන්දුවක් ඇත්තේද යන්න මල්ටිමීටරයකින් පරීක්‍ෂා කලයුතුයි, මීට හේතුවන්නේ හීටින් එළිමන්ට් ඒක වටා ඇති මයිකා පතුරු කල් යාමත් සමග කැඩී යාමෙන් කාන්දු ඇති විය හැකි නිසයි, එසේම භූගත කර නොමැති නිසා විදුලි සැර වැදීමට ඉඩක් ඇත, ඒ නිසා භාවිතා කිරීමට පෙර හැම විටම ටෙස්ටර් එකක් මගින් හෝ මල්ටිමීටර් එකක් මගින් පරීක්‍ෂා කර බලන්න.


    බවුත් ටිප් එක/තුඩ, මේ සඳහා සෙරමික් ටිප් එකක් සුදුසුයි, සාමාන්‍ය ටිප් එකට වඩා හොඳින් තාප සන්නයනය වීමත් මළ නොබැඳීමත් වාසි ලෙස සඳහන් කල හැකියි. අඩු මිල බවුත් එකකට සෙරමික් ටිප් එකක් ලැබෙන්නේ නැත, නමුත් 1500කත පමණ විකිණීමට ඇති goot හෝ අනුකරණ නිෂ්පාදන වල සෙරමික් ටිප් එකක් ඇත, සෙරමික් ටිප් එකක් රු 100ක් පමණ වෙයි.



    ටිප් ක්ලීනර් බෝල්
    පාස්සන අතරතුරේදී ඊයම්, ෆ්ලක්ස් ඇලීම නිසා අපවිත්‍ර වන බවුත් ටිප් ඒක අතුල්ලා පිරිසිදු කිරීමට අවශ්‍යයි. මේ සඳහා ටිප් ක්ලීනර් බෝල් එකක් ගත හැකි නමුත් එම කාර්යයම ඊට අඩු වියදමකින් කිරීමට
    ආහාර බඳුන් පවිත්‍ර කිරීමට ගන්නා කම්බි මෙෂ් ඒක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ස්පොන්ජ් කැබැල්ලක් වතුර ස්වල්පයක් දමා එහි ඇතිල්ලීමෙන් ද බවුත් ටිප් ක්ලීන් කිරීමටත් උෂ්ණත්වය අඩු කිරීමටත්
    යොදාගන්න පුළුවන්, සැලකිය යුතු කාරණයක් නම් නිතරම තෙත ස්පොන්ජ් ඒක මත ඇතිල්ලීම සුදුසු නැති බවයි. එය සෙරමික් ටිප් එක වටා ඇති සෙරමික් ආස්තරය ඉවත් වීමට හේතු විය හැකියි.


    ටිප් ක්ලීනර් බෝල් එකක් සහ බවුත් ස්ටෑන්ඩ්



    වෙට් ස්පොන්ජ්


    බවුත් හෝල්ඩර්/ස්ටෑන්ඩ්. බවුත් එක රත්වීමට තබා අවශ්‍ය විට පමණක් භාවිතයට ගැනීමත් රත් වන අතර තුර ස්ටෑන්ඩ් එකක රඳවා තැබීම සාමාන්‍ය සිරිතයි, නමුත් පරණ ටෝච් එකක බැටරි ඍන පැත්තේ ඇති ස්ප්‍රින් ඒක හෝ එවැනි ස්ප්‍රින් එකක් මගින් ස්ටෑන්ඩ් එකක් හදාගන්න පුළුවන්.

    බවුත් හෝල්ඩර්/ස්ටෑන්ඩ් එක

    F191T8LH4AGHX3G.MEDIUM.jpg

    ඩිසොල්ඩරින් පම්ප් එක හෙවත් සකර්-
    මේ මගින් පරණ පෑස්සුමක ඇති ඊයම් උණු වූ පසු ඉවත් කර ගැනීමට භාවිතා කරන උපකරණයකි, ප්ලන්ජර් එකක් සහ රිලීස් බටන් එකක් ඇති බයිසිකල් අත් පොම්පයකට සමාන
    උපකරණයකි, ප්ලන්ජරය පහලට ඇද ඊයම් උණු වූ පසු සකර් තුඩ ඊයම් වලට ලංකර රිලීස් බටන් ඒක එබූ විට ප්ලන්ජරය ඉහලට යන නිසා ටියුබයේ ඇතිවන රික්තය මගින් උණු වූ ඊයම් සකර් ඒක ඇතුලට ඇදීයාම මගින් ඊයම් ඉවත් වේ. නැවත ප්ලන්ජරය එබීමෙන් උණු වූ ඊයම් ඉවත් වෙයි. පරණ ඇන්ටෙනා වයර් එකක පිටත ආවරණය මගින් ද උණු වූ ඊයම් අලවාගෙන ඉවත් කරගැනීමට භාවිතා කල හැකියි.


    ඩිසොල්ඩරින් පම්ප් එක හෙවත් සකර්
    soldersucker-main.jpg

    ඊයම්- සාමාන්‍ය වැඩට 60/40 ඊයම් වයර් එකක් ප්‍රමාණවත් මීටර එකක් රුපියල් 30ක් පමණ වෙයි. මීටර් එකක් හොඳටම ප්‍රමාණවත්.

    ඊයම් වයර්

    දැන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් පෑස්සුම් සඳහා භාවිතා කරන උපකරණ සහ ඒවායේ කෘත්‍යයන්. මීළඟට පාස්සන හැටි සොයා බලමු.

    කම්බි දෙකක් පාස්සන්න අවශ්‍ය යයි සිතමු. පළමුවෙන් කල යුත්තේ අවශ්‍ය කම්බි දෙක පිරිසුදු කිරීමයි, මීට හේතුව නම් තඹ කම්බි වටා බැඳෙන ඔක්සයිඩ නිසා විද්‍යුත් සන්නයනය හොඳින් සිදු නොවීමටත් ඊයම් නොඇලීමටත් ඉඩ තිබෙන නිසයි, නමුත් ඇතැම් කම්බි වල ඇති වර්ණවත් කහ නිල කොළ රතු ආදී පාට තිබෙනවා, ස්පීකර හෙඩ්ෆෝන් වයර් වල මෙසේ තිබෙනවා, ඒවා සීරීම අවශ්‍ය නැහැ, බවුත් එකේ උණුසුමට එම වර්ණක ආවරණ ඉවත් වෙනවා.
    මුවහත අඩු වූ බ්ලේඩ් තලයක් හෝ වැලි කඩදාසි කෑල්ලක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

    පෑස්සීමට අවශ්‍ය මතුපිට සකස් කර ඒවා සුදුසු පරිදි තබා බවුත් තුඩ මගින් රත් කරන්න, තරමක් වේලා රත් වූ පසු ඊයම් වයරයේ කෙළවරක් ලං කරන්න, එවිට ඊයම් වයරය උණු වී කම්බි මතුපිට ගලා යනු ඇති. අවශ්‍ය තරම් ඊයම් ලැබුණු පසු ඊයම් යෙදීම නවත්වන්න, බවුත් තුඩ ඉවත් කරන්න, ඊයම් හොඳින් පැතිරී නැති නම් බවුත් තුඩ තබා තව ස්වල්පයක් රත් කරන්න, එවිට ඊයම් පැතිරී යනු ඇති, හොඳ පෑස්සුමක ඊයම් දීප්තිමත් ව හොඳින් පැතිරී තිබේ, නමුත් අව පැහැති ගුළියක් ලෙසින් ඇති නම් එය හොඳ පැසසුමක් නොවේ.

    පැසසුමට පෙර ඊයම් උණු කර බවුත් ටිප් මගින් ගෙනයාම ත් අවශ්‍ය ස්ථානයේ උණු වූ ඊයම් බින්දිත්ත තබා කරන පෑස්සුම් සාර්ථක නැත. එසේම අධික ලෙස රත් වී ඇතිනම් ඊයම් ඇලෙන්නේ නැතිව බුබුළු ලෙස පවතී, ඒ නිසා ප්‍රශස්ථ උෂ්ණත්වයක බවුත් ටිප් ඒක පවත්වා ගත යුතුයි, දිගු වෙලාවක් භාවිතයට නොගනී නම් බවුත් ඒක off කර තැබීම සුදුසුයි.


    සැලකියයුතු කාරණා.
    සාමාන්‍ය බවුත් එකක් පළමුව භාවිතයට ගැනීමේදී අභ්‍යන්තරයේ ඇති ආවරණ රත් වීම නිසා තරමක දුමක් ඇති වෙයි, විනාඩි 20ක් පමණ ගිය පසු එම තත්වය පහවී යන අතර ආයෙත් දුම් දැමීමක් වන්නේ අලුත් හීටින් එළිමන්ට් එකක් සවිකර ඇත්තේ නම් ය. උණු වූ ඊයම් අධික උණුසුමක් ඇති බැවින් අනතුරු ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුයි, බවුත් ටිප් ඒක මගින් ප්ලාස්ටික් කොටස් උණුවී යාමට ඉඩ ඇති නිසා ඒ සම්බන්ධයෙන් සැලකිළිමත් විය යුතුයි. කැපෑසිටර් හෝ හීට් සින්ක් සවිකර ඇති ට්‍රාන්සිස්ටර් පෑස්සීමෙදී හෝ ගැලවීමේදී සාමාන්‍ය පෑස්සීමකට වඩා තාපය අවශ්‍යයි, නමුත් අධික තාපය මගින් උපකරණ විනාශ වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතුයි. දුරකථන මවු පුවරු හෝ පරිඝණක මවුපුවරු වැනි සංවේදී උපකරණ වල පෑස්සීම් කරන්නේ නම් වඩාත් හොඳ උපකරණ යොදාගත යුතුයි, සාමාන්‍ය බවුත් එකක් භූගත කර නොමැති නිසා ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට හානි ඇති විය හැකියි.

    පෑස්සුමක් කරන ආකාරය


    මා ද ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයට ආධුනිකයෙක් බැවින් මේ ලිපියේ අඩුපාඩු තිබිය හැකියි, ඔබ දකින එම අඩුපාඩු කමෙන්ට් කර අප දැනුවත් කරන්න. ස්තුතියි. :)

     
    Last edited:

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    රෝසි ආච්චි;22076241 said:
    Tip newe okata Bit kiyala neda kiyanne? :oo:

    ඔව් ටිප් එක කියලත්, බිට් එක කියලත් කියනවා. ස්තුතියි ප්‍රතිචාරයට :)
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඡායාරූප විශාල වැඩි නිසා ඇතැම් අයට පෝස්ට් ඒක කියවීමේ ගැටළු ඇති වී තිබුනා, ඉතින් ප්‍රමාණයෙන් කුඩා ඡායාරූප ඇතුලත් කර පෝස්ට් ඒක එඩිට් කළා, ප්‍රමාද දෝෂය ගැන මගේ කණගාටුව!
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    නියමයි මචෝ...... දන් නැති කරුනු ටිකක් දැන ගත්තා.
    +

    මචන් මල්ටි ප්ලග් එකක එන LED එකට දාන්න ඕණ Resistor එකේ අගය කීයද බන්..

    47k
    100k
     
    • Like
    Reactions: Sudheera-H