Do not disturb 2osama's

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Mom, please.

    "සංසර්ගය අතරතුර බල්ලන් හිර වී සිටින්නේ ඇයි?
    [අනුන්ගේ නිදහසට බාධා නොකරන්. ඇයි කියල දන්නෑ නේද, අද දැනගෙන ඒ අහිංසකයින්ට හිංසා කර දෙපා මනු බල්ලෙක් නොවෙනු]

    මෙම දර්ශනය අප කාටත් හුරු පුරුදුය. නමුත් අපෙන් බොහෝ දෙනෙකුට සත්ව ලිංගිකත්වය ගැන එතරම් දැනුමක් හෝ තැකීමක් නැත. සමහරුන් මෙම තත්වය තුළ හැසිරෙන වීදි සුනඛයන් හමු වූ විට පහරදෙයි, පන්නාදමයි, සමහරු පොලු ගල්මුල් වලින් පවා පහර දෙති.
    අපි ටිකක් මෙය තේරුම් ගනිමු.

    මිනිසාට ලිංගිකත්වය අවශ්‍ය කෙසේද ඒ හා සමානව සතුන්ටද එය තම ජීවන චක්‍රයේ මූලික අවශ්‍යතාවයකි. එසේම පළමුවෙන්ම ඔබ මතක තබාගත් යුත්තේ ඔබද ඒ හා සමාන මනුශ්‍ය ලිංගික ඇසුරක ප්‍රතිපලයක් බවයි.
    ඉතින් ඇයි ඔවුන් සුනකයින් මේ ලිංගික ඇසුරේදී හිරවෙලා ඉන්නේ?

    සුනඛ සංසර්ගය ප්‍රධාන වශයෙන් පියවර දෙකකින් හෝ තුනකින් සිදු කෙරෙන අතර, දෙවැන්න නම් මේ වැදගත් පියවරයි එය 'stuck step' එනම් සිරවී ඇති පියවරයි.
    පිරිමි සුනඛයෙකු ශුක්‍ර තරලය විමෝචනය කරන විට, ඔහුගේ ලිංගේන්ද්‍රියේ 'bulbus glandis' යන කොටස තරමක් තද ගතියකින් ඇති අතර ගැහැණු සුනඛයාගේ යෝනි මාර්ගයේ මාංශ පේශි ඒ සමඟම සංකෝචනය වී 'bulbus glandis' හා අවහිර වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස පිරිමි සුනඛයාට මෙම මාංශ පේශි දෙකම ලිහිල් වනතුරු ගැහැණු සුනඛයාගේ ලිංගේන්ද්‍රියෙන් තම ලිංගය ඉවත් කළ නොහැක.

    මෙම කාලය තුළ පිරිමි සුනඛයාගේ ලිංගේන්ද්‍රියෙන් යම් තරලයක් ස්‍රාවය වන අතර එමඟින් ඔහුගේ ශුක්‍රාණු වඩාත් ඉක්මණින් හා කාර්‍යක්ශමව ගලා ගොස් ලිංගික ක්‍රියාවලිය නිවැරැදිව කරගැනීමට උපකාරී වේ.

    මෙම කාලය මිනිත්තු 5 සිට 45 දක්වා විය හැකිය.
    ඉතින් ඔබ මේ තත්වයෙන් සිටින සුනකයින්ට පහර දීම හෝ ඔවුන් පැන්නීම කළ විට කුමක් සිදුවේද?
    මුලින්ම කිව යුතුය එය ඔවුන්ට අතිශයින් වේදනාකාරී වේ.
    සමහර අවස්ථා වලදී ඉහත කී මාංශ පේශි ඉක්මනින් ලිහිල් විය හැක. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම මාංශ පේශි කැඩී ඉරී යන අතර ගැහැණු සුනඛයාට ඉන් ඉදිරියට තම ලිංගික හැකියාව නැති විය හැකිය. සමහර විට පිරිමි සුනඛයින්ගේ වකුගඩු ක්‍රියාකාරිත්වයට හානිවීම ඇතුළු තවත් ගැටලු ඇතිවීමට ඉඩ තිබේ.

    ඔවුන්ද ඔබේ ලිංගික ක්‍රියාවලිය කරගැනීමට කිසිදාක ඔබට හානියක් නොවන නිසා ඔවුන්ට හානි කිරීමටද ඔබට කිසිඳු අයිතියක් නැත. ඔවුන් එම ලිංගික ක්‍රියාවලිය සිදුකරන අවස්ථාවක ඔබ නොදැනුවත්ව හෝ යම්කිසි පහරදීමක් හෝ වෙනත් හිංසාවක් කිරීමෙන් ඔවුන් අතිශය වේදනාවකට පත්වේ. නැතහොත් ඉහත් කී සංකූලතා ඇතිවේ.

    ඒ නිසා මේ වැරැද්ද ඔබත් කර තිබේ නම් ආයෙ නොකිරීමට වගබලා ගන්න. සතුන්ට හානි කිරීමෙන් වළකින්න!

    FB-IMG-1682169592488.jpg