Do you think පළාත් සභා system should be abolished ?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පළාත් සභා ටික අහෝසි කරලා ගම දෙනවා ග්‍රාම සේවකට, දිස්ත්‍රික්කේ දෙනවා දිසාපතිට රාජ්‍ය සේවා පැත්තෙන්.. ජනතා නියෝජිතයෝ දානවා දිස්ත්‍රික් මට්ටමෙන් දේශපාලන පැත්තෙන්.. ජනතාව ගේ අදහස් ග්‍රාම නිලධාරී හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙනවා.. මේ වගේ ක්‍රමයක් කොහොමද?
    ------ Post added on May 16, 2022 at 1:24 PM

    පළාත් සභා වගේ ක්‍රමයක් ඇති කරලා ජනතා නියෝජිතයෝ දාන එකේ තර්කය තමයි සමහර විෂයන්ට අදාළ සීමිත ව්‍යවස්ථාදායක- නීති පැනවීමේ බලයක් ඔවුන්ට දීම.

    නීති පනවන බලය රාජ්‍ය නිලධාරීන්ට නැහැ.

    උදාහරණයක් හැටියට දැනටමත් 13 වෙනි සංශෝධනයට අනුව සමහර විෂයන් තනිකරම තියෙන්නේ පළාත් සභා යටතට.

    ආරක්ෂක, විදේශ, මුදල් වැනි විෂයන්ට අදාළ නීති සම්පාදනය පාර්ලිමේන්තුවට පැවරෙද්දී සමහර විෂයන් අර්ධ වශයෙන් දෙපැත්තටමත්, සමහ‍ර විෂයන් සම්පූර්ණයෙන්ම පළාත් සභාවලටත් පැවරෙනවා.

    උතුරු-නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රජාවගේ ඡන්ද බලය අරගෙන ඒ පළාත් සභාවකට තේරෙන නියෝජිතයෝ යම් යම් සීමිත පරාසයකට අදාළව නීති සම්පාදනයේ වරදක් මම දකින්නේ නැහැ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොන තරම් යටිතල පහසුකම් සංවර්ධනය කළත් ඔවුන් ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ නැහැ
    ලෝකෙට පේන්න කොන්ක්‍රීට් තට්ටු ගැහුවට ඒ මිනිස්සුන්ට නිදහසක් තිබ්බා කියලා නම් මං හිතන්නේ නෑ.. යුධ අපරාද යට ගැහුවා, හමුදාවේ එවුන් හැම ලබ්බටම ඇඟිලි ගහනවා.. රාජපක්සල බිල්ඩින්, පාරවල් ගහල දන් සේරම හරි කියලා හිතුවට මිනිස්සුන්ට මානසික නිදහස වටිනවා.
    මම විශ්වාස කරනවා ඊළාම් මතවාදය දුර්වල කරන්න, කොටින්ම මේ ශ්‍රී ලංකාව තුළ එයාලගේ අනන්‍යතාව ආරක්ෂා කරනවා කියල අපිට දෙන්න පුළුවන් හොඳම සහතිකය තමයි පළාත් සභාවක් කියන එක.
    හැබැයි පළාත් සභා දීපු එකෙන් වර්ගවාදී අදහස් වැඩිවීම විතරයි වුණේ කියන එකයි මගේ මතය.. මොකද දන් එයාලට ඕනෙ ඉන්දියාව ලව්වා බලපෑම් කරවාගෙන ස්වයං පාලන බලතල ගන්න..පළාත් සභා දීපු ඒක හරියට කප්පම් දුන්නා වගේ වැඩක්.. බයවුනා කියලා දැනගත්තම තව තව වදයක් වෙනවා..හැබැයි එහෙම ෆෙඩරල් දුන්නොත් කවදාවත් සිංහලයෙක් යාපනේ ගිහින් ඉවරයි .
    ලංකාවේ මිනිස්සු කැමති ජනවාර්ගික, ප්‍රාදේශීය, රැකියාමය, කුලමය ආදී වශයෙන් බෙදිලා හිතන්න. ඒ වගේ තත්වෙකදී නිකන් බොරුවට "අනේ, අපිට නම් පළාත් සභා ඕනේ නැහැ, අපි එක මවකගේ දරුවෝ" කියන්න හැදුවට ඒක ව්‍යාජයක් වෙනවා.
    ඇත්තක් තියෙනවා
    ඒත් අනික් ප්‍රදේශවල පළාත් සභා පවත්වාගෙන යාමේ කිසිදු තර්කයක් මම දකින්නේ නැහැ
    අර දෙකේ තියලා අනිත් ඒවායේ අහෝසි කරන එකට නම් පලා බබාලා කොහොමත් කැමති වෙන්නෙ නැහැ.. ඒ නැතත් එහෙම ක්රාම ලෝකෙට වැරදි පණිවිඩයකුත් යනවනේ දෙමළ අයව කොන් කරා වගේ එකක්..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලෝකෙට පේන්න කොන්ක්‍රීට් තට්ටු ගැහුවට ඒ මිනිස්සුන්ට නිදහසක් තිබ්බා කියලා නම් මං හිතන්නේ නෑ.. යුධ අපරාද යට ගැහුවා, හමුදාවේ එවුන් හැම ලබ්බටම ඇඟිලි ගහනවා.. රාජපක්සල බිල්ඩින්, පාරවල් ගහල දන් සේරම හරි කියලා හිතුවට මිනිස්සුන්ට මානසික නිදහස වටිනවා.

    අපි අමතක කරන්න හොඳ නැහැ, 2020 ජනාධිපතිවරනේදී ඔවුන් රාජපක්ෂට විරුද්ධව ෆොන්සේකා වෙනුවෙන් වුනත් ඡන්දේ පාවිච්චි කරන්න හිත හදාගත්තා. ඇත්තටම නිකන් දෙන්නව සංසන්දනය කළත් රාජපක්ෂට වඩා ෆොන්සේකාට විරුද්ධ වෙන්න දෙමළ ජනතාවට හේතු තිබුනා. ඒත් ඒ වෙලාවේ දෙමළ සන්ධානයේ සහාය තිබුනේ ෆොන්සේකාට නිසා ඔවුන් ඔහුට ඡන්දේ දුන්න.

    සිරිමාගේ කාලෙත් දකුණේ ජනප්‍රිය මතවාදයක් තිබුනා, දෙමළ මිනිස්සුන්ට ඕනේ හොඳට තමන්ගේ පාඩුවේ ජීවනෝපාය කරගෙන ආර්ථිකය දියුණු කරගන්න විතරයි, එහෙම නැතුව ස්වයං නිර්ණ අයිතිය නෙවෙයි, ඒවා දෙමළ දේශපාලකයන් විසින් ඔවුන්ගේ ඔළුවට දාපු කුණුය කියලා. අන්තිමේ 77 මැතිවරනෙන් 5/6ක් එජාපෙට ලැබෙද්දී මුළු උතුරු නැගෙනහිරම වගේ ලැබුනේ ස්වයං නිර්ණ අයිතිය ඉල්ලපු අමිර්තලිංගම්ට.

    • Like
    Reactions: siri_ayya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හැබැයි පළාත් සභා දීපු එකෙන් වර්ගවාදී අදහස් වැඩිවීම විතරයි වුණේ කියන එකයි මගේ මතය.. මොකද දන් එයාලට ඕනෙ ඉන්දියාව ලව්වා බලපෑම් කරවාගෙන ස්වයං පාලන බලතල ගන්න..පළාත් සභා දීපු ඒක හරියට කප්පම් දුන්නා වගේ වැඩක්.. බයවුනා කියලා දැනගත්තම තව තව වදයක් වෙනවා..හැබැයි එහෙම ෆෙඩරල් දුන්නොත් කවදාවත් සිංහලයෙක් යාපනේ ගිහින් ඉවරයි .

    වර්ගවාදී අදහස් කොහොමත් අපි අතර තියෙනවා, පළාත් සභා තිබුනත් නැතත්. සමහරු කියනවා වගේ පළාත් සභා ඇති කරලා ඒවාට බලය දුන්නොත් බෙදුම්වාදය නැති වෙයි කියන සුන්දර සිහිනේ මම දකින්නේ නැහැ. ඒත් ඒ බෙදුම්වාදයේ තීව්‍ර බව තාවකාලිකව අඩු වෙනවා. (අවාසනාවකට මෙන් සදාකාලිකව එහෙම වෙයිද කියල කාටවත් ගැරන්ට් කරන්න බැහැ.)
     
    • Like
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    පළාත් සභා වගේ ක්‍රමයක් ඇති කරලා ජනතා නියෝජිතයෝ දාන එකේ තර්කය තමයි සමහර විෂයන්ට අදාළ සීමිත ව්‍යවස්ථාදායක- නීති පැනවීමේ බලයක් ඔවුන්ට දීම.

    නීති පනවන බලය රාජ්‍ය නිලධාරීන්ට නැහැ.

    උදාහරණයක් හැටියට දැනටමත් 13 වෙනි සංශෝධනයට අනුව සමහර විෂයන් තනිකරම තියෙන්නේ පළාත් සභා යටතට.

    ආරක්ෂක, විදේශ, මුදල් වැනි විෂයන්ට අදාළ නීති සම්පාදනය පාර්ලිමේන්තුවට පැවරෙද්දී සමහර විෂයන් අර්ධ වශයෙන් දෙපැත්තටමත්, සමහ‍ර විෂයන් සම්පූර්ණයෙන්ම පළාත් සභාවලටත් පැවරෙනවා.

    උතුරු-නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රජාවගේ ඡන්ද බලය අරගෙන ඒ පළාත් සභාවකට තේරෙන නියෝජිතයෝ යම් යම් සීමිත පරාසයකට අදාළව නීති සම්පාදනයේ වරදක් මම දකින්නේ නැහැ.
    දැන් තමා මේවා එළියට එන්නේ, ඒ කාලෙ උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සුන්ට පුදුම වදයක් දීල තියෙන්නෙ රාජපස්ස ආන්ඩුව ආමි එක දමාගෙන. උන් රාජපස්සලට චන්දෙ නොදෙන එක සාදාරණයි.වැඩේ තියෙන්නෙ උන් වෙනුවෙන් පෙනී ඉන්නවය කියන දේශපාලන පක්ෂත් කරන්නෙ උන්ගෙ ප්‍රශ්නෙ විකුණ විකුණ තමන්ගෙ බඩවියත රැකගන්න එක. කවදාවත් ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නෙ නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බලය බෙදනව නම් ,

    1. දැනට තියෙන්නෙ පළාත් මායිම් වෙනස් කරන්න ඕනේ විශේෂයෙන් උතුරු නැගෙනහිර .

    2. පක්ශ 2 ක්‍රමය ගේන්න ඕනේ. (හොද ඉන්ටර්නල් ඩිමෝක්‍රසි එකක් තියෙන. විදියට පක්ශ හදන්න ඕනේ. )
     
    • Like
    Reactions: siri_ayya

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාවගෙන් වැඩි කොටසකගේ මව්බස දෙමළ. ඔවුන් අරාබි බස හෝ වෙනත් බසක් මව්බස කරගෙන නැහැ.

    මම දකින දේ තමයි අපි කැමති වුනත් නැතත් දකුණේ දේශපාලන යථාර්ථය උතුරට අදාළ නැහැ කියන එක.

    උදාහරණයක් හැටියට අපිට හිතෙන හැටියට දකුණේ දේශපාලනයේ තියෙන්නේ ප්‍රධාන කඳවුරු දෙකයි. කාලෙන් කාලෙට නම් වෙනස් වුනාට එකම කඳවුරු දෙක.

    දැනට ඒක පොහොට්ටුවයි, සජබෙයි අතර තරගයක් හැටියටයි තියෙන්නේ. ඊට අමතරව ඔය බලවේග ගැන කලකිරිච්ච අය කාලෙන් කාලෙට තුන්වෙනි බලවේග වටේ රැස් වෙනවා. (උදා: ජවිපෙ, හෙළ උරුමය, පෙසප, ෆොන්සේකා, බොදු බල සේනා, නාගානන්ද)

    ඒත් ඔය යථාර්ථය උතුරු නැගෙනහිරට අදාළ නැහැ. ඒ කට්ටියගේ දේශපාලනය තුළ කාලයක් තිස්සේ ආධිපත්‍යධාරී දේශපාලන සන්ධානයක් තියෙනවා, දෙමළ ජාතික සන්ධානය කියල. ඊට අමතරව පොඩි විකල්ප පෙරමුණු තියෙනවා ඩග්ලස් දේවානන්ද, පිල්ලෙයාන් වගේ.

    ඒකට හේතුව තමා ඒ අය තුළ මොන භේද තිබුනත් දැන් ඔවුන් එක් අරමුණක් වෙනුවෙන් පෙළ ගැසීම. ඒ අයගේ ආකල්පයේ හැටියට එයාලගේ පොදු අරමුණ වෙන්නේ සිංහල ආධිපත්‍යයට යට වෙච්චි රාජ්‍ය ව්‍යුහයක ඒ අය ජීවත් වෙන්නේ නැතිය කියන එක.

    කොටින්ම උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වගේ දේවල් වලින් මහින්දගේ ආණ්ඩුව මොන තරම් යටිතල පහසුකම් සංවර්ධනය කළත් ඔවුන් ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ නැහැ.

    අනික් අතට දෙමළ සන්ධානේ විග්නේශ්වරන් මහ ඇමති වෙලා ලොකු දෙයක් නොකළත් ඔවුන් තාමත් ඒ පක්ෂෙට ඡන්දේ දෙනවා.

    මේකේ තේරුම තමා ඔවුන් මොකක් හරි ජාතික අනන්‍යතාවක් වගේ එකක් සාක්ෂාත් කරගන්න උත්සාහ කරනවා කියලා. ඒක වෙනත් රාජ්‍යයක්ම නෙවෙයි. එයාල තමන්ගේ භෞතික පහසුකම්වලට වඩා තැනක් ඒ අනන්‍යතාවට දෙනවා.

    එයාල තමන්ව පරිකල්පනය කරන්නේ සිංහලයාගෙන් වෙනස් ජාතියක් හැටියට. කොටින්ම වෙනස් රටක් හැටියට. සිංහලයෝ හැටියට අපිත් එහෙම තමා.

    මම විශ්වාස කරනවා ඊළාම් මතවාදය දුර්වල කරන්න, කොටින්ම මේ ශ්‍රී ලංකාව තුළ එයාලගේ අනන්‍යතාව ආරක්ෂා කරනවා කියල අපිට දෙන්න පුළුවන් හොඳම සහතිකය තමයි පළාත් සභාවක් කියන එක.

    එතකොට දැන් ඔවුන්ගේ අනන්‍යතාවට අනුව සීමිත ව්‍යවස්ථාදායක බලයක් සහිත පළාත් සභාවක් තියෙනවා. දැන් ඒ අරමුණ යම් තාක් දුරකට සාක්ෂාත් වෙලා නිසා ඔවුන් වෙනත් අරමුණු වෙනුවෙන් පෙනී සිටින්න ගන්නවා.

    එහි ප්‍රතිඵලයක් හැටියට උතුරු නැගෙනහිර මීට පෙර නොතිබිච්ච විදිහේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් විවර වෙලා දෙමළ ජාතික සන්ධානයට අමතරව ප්‍රබල විකල්ප පක්ෂ බිහි වෙන්නත් පුළුවනි.

    කොහොමත් අපි කැමති වුනත් නැතත් ශ්‍රී ලාංකිකත්වය ගැන අපි කතා කළාට ශ්‍රී ලාංකික ජාතිය කියන එක මහපොළොවේ පල වෙලා නැහැ. ඒක තමා යථාර්ථය. ක්‍රිකට් තරගෙකදිවත් සියලු ජනවර්ග ශ්‍රී ලංකා ටීම් එකට සපෝට් කරනවද නැද්ද කියල හිතල බලන්න.

    ලංකාවේ මිනිස්සු කැමති ජනවාර්ගික, ප්‍රාදේශීය, රැකියාමය, කුලමය ආදී වශයෙන් බෙදිලා හිතන්න. ඒ වගේ තත්වෙකදී නිකන් බොරුවට "අනේ, අපිට නම් පළාත් සභා ඕනේ නැහැ, අපි එක මවකගේ දරුවෝ" කියන්න හැදුවට ඒක ව්‍යාජයක් වෙනවා.

    උතුරු-නැගෙනහිර පළාත් සභා අහෝසි කරනවා නම් ලංකාව අස්ථාවර වීමේ මිලත් ගෙවන්න සූදානම් වෙලා සිටිය යුතුයි. ඒත් අනික් ප්‍රදේශවල පළාත් සභා පවත්වාගෙන යාමේ කිසිදු තර්කයක් මම දකින්නේ නැහැ. ඒවා දේශපාලකයිනුත්, රාජ්‍ය නිලධාරීනුත් පෝසත් කරවන සුදු අලි විතරයි.

    oya methana suggest karanne ledeta behetha, oken lede saneepa wenne ne, control wenawa witharay.
    eeta wada honda nedda lede hoyala, eeka sahamulinma ayin karana eka?

    Uthuru negenahira ayata denenna oni eyalath me lankawe aya kiyala, Api hemadaama kare uthurure inne koti kiyala lable gahala unwa kon karapu eka. untath anith palathwala minissunta wagema ekama ayithi wasikam, pili geneema denna oni. tharaha karayon diha balanawa wage newe, sahodarathwayen balanna.
    sulu dewal walin patan ganna puluwan, ehe inna talented cricketer kenek hoyagena, eekawa national squad ekata daala wage deyak, ethakota untat hithery, unuth me lankawe minissu kiyala..
     
    • Like
    Reactions: siri_ayya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    බලය බෙදනව නම් ,

    1. දැනට තියෙන්නෙ පළාත් මායිම් වෙනස් කරන්න ඕනේ විශේෂයෙන් උතුරු නැගෙනහිර .

    2. පක්ශ 2 ක්‍රමය ගේන්න ඕනේ. (හොද ඉන්ටර්නල් ඩිමෝක්‍රසි එකක් තියෙන. විදියට පක්ශ හදන්න ඕනේ. )
    1. There should be no question of devolution.... SriLanka should be one Sovereign State - inalienable & indivisible. There should be no grounds for secession.
    At the same time there should be equal rights & opportunities for everyone, anywhere within.

    2. It's not the party system at fault. It's the low levels of the crook & imbeciles who seek election and the equally stupid morons voting for them. We need to rethink on that culture.
     
    • Like
    Reactions: siri_ayya