Domain Controller with Linux

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොහොමයක් වින්ඩෝස් පරිගනක ජාල වල windows server එකක් domain controller ලෙස ස්තාපනය කරනවා. මෙහිදී සිදු වෙන්නෙ මුලු ජාලයෙම පරිගනක වලට අදාල වන username සහ password මෙමෙ DC (Domain controller) හි පමනක් ඇතුලත් කර තබා ජාලයේ ඕනෑම පරිගනකයක් මෙම username බාවිතයෙන් ඇතුලවි වැඩ කර ගැනීමට හැකි වීමයි. මෙවැනි පද්දතියක් sign on server ලෙස හැඳින්වේ.
    මෙය පරිගනක ජාලය නඩත්තුවට ඉතා පහසු ක්රම වේදයක් වෙනවා. හෙතුව, මෙම ජාලයට අදාල සියලු username/password එක ස්තානයක පමනක් තිබීම. මෙමගින් මේ ජාලයෙ ඇති සියලුම සේවා (උදාහරන ලෙස file shares, email වැනි සේවා )වලට අවශ්ය username මෙමගින් පහසුවෙන් සැපයීමට පුලුවන්.
    windows server හි මිල අදික බව නොරහසකි.ආරමභක මිල $500ක් පමන වේ.
    මෙයට අමතරව ඊමේල් සඳහා exchange server , proxy සඳහා isa server වැනි පද්දති, antivirus guard දැමූ පසු $2500 - $8000 අතර මුදලක් වැයවේ.
    දැං ඔෆිස් වල බාවිතා වන්නෙ මුදල් ගෙවා නීතියානුකූලව ගත් මෘදුකාංගද කියා හොයාබලන නිසා මේවා දැං හොරකම් කිරීමටත් නොහැකිය.
    නමුත් මෙම මහා මුදල් සම්භාරය පහසුවෙන් ඉතිරි කර ගැනීමට ඉතාමත් පහසු ක්රමයක් ඇත. එනම් නිදහස් හා විවෘත්ත මෘදුකාංග බාවිතයයි. වෙනත් වචන වලින් කිව්වොත් GNU/Linux බාවිතයයි.
    Linux හි එන samba server එක domain controller එකක් ලෙස බාවිතා කල හැක. මෙමගින් windows xp සිට windows 7 දක්වා windows පරිගනක වලට lógin server පදසුකම දීමට පුලුවන. එසේම file shares ලබා දිය හැක.
    මීට අමතරව මෙම usernames වලටම email පහසුකමද, proxy server පහසුකමද දිය හැක. línux වලට anti virus guard අවශ්ය නොවන නිසා server antivirus guards වලට යන වියදම සම්පූර්නයෙන්ම ඉතිරි කලගත හැක.

    කට්ටියගෙ ප්රතිචාර අනුව මෙය කරන ආකාරය ඉදිරියේදි ඉදිරිපත් කරන්නම්.

    edit:

    යහපත් ප්රතිචාර ලැබුන නිසා වැඩේ පටන්ගත්තා.

    1. අචශ්ය මෘසුකාංග : http://www.elakiri.lk/forum/showpost.php?p=13980351&postcount=20
    2. අවශ්ය දෘඩාංග සහ උපකල්පන : http://www.elakiri.lk/forum/showpost.php?p=13980452&postcount=21
    3. linux server එකට ස්ථීර ip address එකක් සැපයීම : http://www.elakiri.lk/forum/showpost.php?p=13983142&postcount=39
    4. Samba server සක්රීය කිරීම සහ firewall යාවත්කාලින කිරීම : http://www.elakiri.lk/forum/showpost.php?p=13987628&postcount=48
    5. Samba Domain Controllerයක් ඇති කරමු : http://www.elakiri.lk/forum/showpost...0&postcount=56
    6. Samba Domain එකට Users සහ පරිගණක ඇතුලත් කරමු : http://www.elakiri.lk/forum/showpost...8&postcount=58
    7. Samba Serverහි file shares ඇති කරමු : http://www.elakiri.lk/forum/showpost.php?p=14018038&postcount=59
     
    Last edited by a moderator:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරිගණක ජාල සමඟ කටයුතු කරමින් හා ජාලයන් භාවිතා කරමින් ඉන්න අයට ඉතා වැදගත් වෙයි කියල හිතෙනව. ඊට අමතරව ඉගෙන ගන්න උනන්දුවක් දක්වන කාට වුණත් වැදගත් දෙයක්. කරන ආකාරය පැහැදිලි කිරීම වටියි මගේ අදහස අනුව. බොහොමත් ම ස්තූතියි මේ වගේ දේවල් ගැන දැනුවත් කිරීමට උත්සහ ගැනීම.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආ එල එල කොස් මාමේ.... කෝ කෝ තව දාපියෝ.... අපි ඉන්නවා ඕවා බලන්න.... රෙප් දෙන්නේ නෑලු.... :rofl: :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පරිගණක ජාල සමඟ කටයුතු කරමින් හා ජාලයන් භාවිතා කරමින් ඉන්න අයට ඉතා වැදගත් වෙයි කියල හිතෙනව. ඊට අමතරව ඉගෙන ගන්න උනන්දුවක් දක්වන කාට වුණත් වැදගත් දෙයක්. කරන ආකාරය පැහැදිලි කිරීම වටියි මගේ අදහස අනුව. බොහොමත් ම ස්තූතියි මේ වගේ දේවල් ගැන දැනුවත් කිරීමට උත්සහ ගැනීම.
    මේක තරමක් දීර්ග ලිපි පෙලක් වෙනවා. screenshots අරන් සින්හලෙන් දාන්න සෑහෙන කාලෙකුත් යනවා. ඒකයි කට්ටියගෙ ප්රතිචාර ඉල්ලුවෙ. කාටවත් ඕනෙ නැත්තං අපරාදෙ කාලෙයි මහන්සියයි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ එල එල කොස් මාමේ.... කෝ කෝ තව දාපියෝ.... අපි ඉන්නවා ඕවා බලන්න.... රෙප් දෙන්නේ නෑලු.... :rofl: :P
    මේවා බස් වලට දාන්න බෑ බං :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක තරමක් දීර්ග ලිපි පෙලක් වෙනවා. screenshots අරන් සින්හලෙන් දාන්න සෑහෙන කාලෙකුත් යනවා. ඒකයි කට්ටියගෙ ප්රතිචාර ඉල්ලුවෙ. කාටවත් ඕනෙ නැත්තං අපරාදෙ කාලෙයි මහන්සියයි.

    ඒකනම් එහෙම තමයි. බලමු කට්ටිය ප්‍රතිචාර දක්වයිනෙ :D ගැටලුවකට තියෙන්නෙ ඒවට සම්බන්ධ වෙලා ඉන්න අය ඇරුණහම අනිත් අයට ඔය කියපු දේ තේරුම් ගන්න අපහසු වෙයි ද කියන එක. කොහොමත් ඉතින් ඕව පාවිච්චි කරන අයට තමයි ප්‍රයෝජනයක් තියෙන්නෙත් වැඩිපුර :D
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    :yes::yes:machan ekkenek unath use karana eka godak vadagath.mama anivaryen balanava.mata one machan. I'm with u machan ok. do it
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කීප දෙනෙක්ම මෙක දාන්න කියලා ඉල්ලා සිටින නිසා ඔන්න වැඩ පටන් ගන්න යන්නෙ.

    සිය රටදේට මුල් තැන දෙන්න ඕන නිසා මේ සඳහා මම බාවිතා කරන්නෙ හන්තාන ලිනක්ස් 17 මෙහෙයුම් පද්දතියයි. හන්තාන ලිනක්ස් ගැන කිරියෙ මීට කලින් මමත් තව කීපදෙනෙකුත් ත්රෙඩ් දමා තිබුනා. ඒවත් බලන්න.
    හන්තාන ලිනක්ස් වෙබ් අඩවිය : www.hanthana.org
    මෙතනින් බාගත කර ගන්න : http://www.hanthana.org/download.php

    dvd බාගත කිරීමට අපහසු‌ නම් ඔබගේ නම, ෆෝන් නොම්මරය සහ ලිපිනය සඳහන් කර dvd එකක් ලබාදෙන මෙන් ඉල්ලා [email protected] වලට ඊමේලයක් යවනන. ඔබ සිටින ප්රදේශයට ආසන්නයේ හන්නතාන dvd සැපයුම් කරුවෙකි ඇත්නම් එමගින් හෝ vpp තැපැල් මගින් හෝ ඔබට හන්තාන dvdඑකක් ලබාගත හැකි වේ.

    මෙම ලිපිපෙල සඳහා මම හන්තාන ලිනක්ස් 17 බාවිතා කලද එය අනිවාර්යය නොවේ. ඔබට හන්තාන 14,15 dvd වලින්ද මෙය කලගත හැක. එසේම ඔබට මේය Fedora (හන්තාන ලිනක්ස් සඳහා බාවිතා කර ඇත්තෙද මෙයයි) CentOS, Debian,Ubuntu,openSuse වැනි ඕනෑම ලිනක්ස් පද්දතියක් යොදාගෙන කල හැක.

    මෙහිදී අවශ්ය වන ප්රධාන මෘදුකාංග මෙසේය :
    1. domain controller & file shares - samba server
    2. email system - Postfix smtp server, dovecot pop3/Imap server
    3. proxy server - Squid proxy server
    4. web mail system - apache2 web server, php5, roundcube webmail, mysql server

    මේවායෙන් samba server,apache2 webserver, php5, mysql server යන මෘදුකාංග හන්තාන ලිනක්ස් dvd මගින් සැපයේ. අනෙක් මෘදුකාංග අන්තර්ජාලය මගින් බාගතයුතු වේ. එම නිසා අන්තර්ජාල පහසුකම් මේ සඳහා අචශ්යය වේ.
     
    • Like
    Reactions: thomian