Domain Controller with Linux

temp_

Member
Jul 4, 2012
538
69
0
ai ban windows wala elakiri wage interface ekak thiyagena me akuru godak ekka porakanne ?
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Enable services and edit firewall

    ස්තීර IP එකක් යොදාගත් පසු තවත් කලයුතු දෙයක් වන්නෙ samba service එක සක්රීය කර ගැනීම සහ firewall එකේ samba සඳහා අවශ්යය ports විවෘත්ත කර ගැනීමයි.

    samba service එක සක්රීය කර ගැනීමට terminal එකක් විවෘත කර root ලෙසට මාරු වෙන්න.
    දැන් මෙම විදානය දෙන්න :
    Code:
    chkconfig smb on
    ප්රතිඵල මෙලෙස වනු ඇත :
    snapshot015t.jpg

    තව දුරටත්:
    Code:
    chkconfig nmb on
    snapshot038a.jpg


    samba server එක සඳහා පහත දැක්වෙන TCP සහ UDP Ports බාවිතා වේ.

    netbios-ns 137/tcp # NETBIOS Name Service
    netbios-ns 137/udp
    netbios-dgm 138/tcp # NETBIOS Datagram Service
    netbios-dgm 138/udp
    netbios-ssn 139/tcp # NETBIOS session service
    netbios-ssn 139/udp
    microsoft-ds 445/tcp

    firewall එකෙ පාලනයට වෙනම මෘදුකාංගයක් ඇත. මෙය GUI මගින් හෝ terminal මගින් බාවිතා කල හැක.
    GUI මගින් කිරීමට නම් : Gnome Menu -> Other -> Firewall
    snapshot016e.jpg

    snapshot017o.jpg


    දැන් මෙයට root මුර පදය දෙන්න
    snapshot018e.jpg


    දැන් firewall configuration එක මෙසේ දිස්වේ:
    snapshot019b.jpg


    මෙහි වම්පස ඇති තීරුවෙන් Trusted Services තෝරාගෙන දකුනුපස ඇති තීරුවෙන්
    Samba සහ Samba Client යන සෙවාවන් දෙක දිස්වෙන තුරු පහලට scroll කරන්න:
    snapshot020kz.jpg


    දැන් මෙම සේවා දෙක තෝරාගෙන උඩ ඇති Apply බොත්තම නද කරන්න:
    snapshot022v.jpg


    එවිට මෙම විදානය සනාත කරන්න අසනු ඇත. Yes බොත්තම ඔබා සනාත කරන්න:
    snapshot023p.jpg

    දැන් නැවතත් root මුර පදය අසනු ඇත. එය සපයූ පසු firewall එකෙන් samba server වලට අවශ්ය ports විවෘතවේ.

    මෙය Terminalතුලින් කරන්නෙ මෙසේය.
    root ලෙස මෙම විදානය දෙන්න:
    Code:
    system-config-firewall-tui

    එය මෙසේ‌ දිස්වේ :
    snapshot024e.jpg

    මෙහිදී අවශ්ය බොත්තම් තේරීමට TAB යතුර බාවිතා කරන්න. බොත්තම එබීමට space bar එක බාවිතා කරන්න.

    දැන් CUSTOMIZE බොත්තම මෙලෙස තෝරා ඔබන්න. එවිට TRUSTED SERVICES වලට යොමුවේ :
    snapshot025.jpg


    මෙහිදී down arrow යතුර බාවිතා කර නැවතත් Samba සහ Samba Client යන services දිස්වෙන තෙක් පහලට scroll කරන්න :
    snapshot026.jpg


    Samba සහ Samba Client යන services තෝරාගන්න. තේරීම සඳහා space bar යතුර බාවිතා කරන්න. ඉන් පසු tab යතුර බාවිතයෙන් Close බොත්තම තෝරාගන්න:
    snapshot027.jpg

    නැවතත් space bar යතුර බාවිතයෙන් එය ඔබන්න. එවිත නැවතත් firewall configuration තිරය දිස්වෙනු ඇත.
    snapshot028p.jpg


    මෙතනදී OK යතුර පෙර සේම තෝරා ඔබන්න. එවිට විදානය සනාත කරීමට අසනු ඇත:
    snapshot029.jpg

    Yes බොත්තම ඔබා එය සනාත කරන්න. firewall එකෙන් samba server එකට අවශ්ය ports දැන් විවෘත්තවේ.
     
    Last edited:
    • Like
    Reactions: coolparkinglot

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Samba Domain Controller 1

    මෙලෙස සක්රීය කලගත් samba server එක domain controller එකක් බවට පත් කර ගමු.

    Samba server යනු microsoft විසින් හඳුන්වාදුන් lanmanager නම් මෘදුකාංගය සමග ආ SMB protocol එකත් සමග වැඩ කල හැකි මෘදුකාංගයකි. මෙහි මූලික පරමාර්තය වුනේ windows පරිගනක සමග මෙම SMB මාර්ගයෙන් දත්ත, ලිපි ගොනු හුවමාරු කරගැනීමයි. microsoft විසින් SMB protocol එකට ඔවුන් කල වෙනස් කරීම් කිසිවක් ප්රකාශ නොකල නිසා 1991-2 කාලයේ ඕස්ට්රේලියානු ජාතික ඇන්ඩ්රු ට්රිජෙල් (Andrew Tridgell) මෙම smb protocol එක වැඩ කරන ආකාර අද්යයනය කොට මෙම samba server එක නිර්මානය කලේය. මෙය වැඩි දියුනු කල ඔහු‌ 1996 වන විට samba community (සමබා ප්රජාවක්) ලෙස මෙය සමූහයකට ගෙන ආවේය.
    එතැන් සිට ප්රජාවක් ලෙස samba server එක වැඩි දියුනු වෙමින් අදටත් පවතී.

    Samba server හි domain controller පැත්ත ගතහොත්, එය Windows NT 5 Primary Domain controller එකක් ලෙසත් Backup Domain controller එකක් ලෙසත් පූර්නව ක්රීයා කලහැක. මීට අමතරව Windows 2000+ Active Directory member server එකක් ලෙස පමනක් ක්රීයා කල හැක. Active Directory අංශයෙන් ඉදිරියට යෑමට ඇති ප්රදාන ගැටලුව වී ඇත්තෙ Microsoft සමාගම Active Directoryහි ක්රියාකාරිත්වය පිලිබඳ කිසිවක් ප්රකාශයට පත් නොකිරීමයි.
    මීට අමතරව file shares මගින් ලිපි ගොනු බෙදා ගැනීම, printer shares මගින් printers බෙදා ගැනීම windows වල සිදුවෙන ලෙසටම කලහැක. එම නිසා samba server මාර්ගයෙන් ලිනක්ස් පරිගනකයකට අමුනා ඇති printer එකක් හෝ එහි ඇති ලිපු ගොනු windows පරිගනක වලින් බාවිතයට ගත හැක. එමෙන්ම windows පරිගනකහි ඇති printers, ලිපි ගොනු ලිනකස් පරිගනකයෙන්ද බාවිතයට ගතහැක.

    මෙම ලිපි වලින් අප කරන්නෙ Primary Domain Controller එකක් samba මාර්ගයෙන් ඇති කිරීමයි.

    Samba server හි පරිපාලන ගොනුව /etc/samba වල අතර එහි ක්රියාකාරිත්වය සටහන් වය ලිපිය /etc/samba/smb.conf නම්වේ.
    /etc/samba/smb.conf යනු ඉතා සවිස්තරාත්මක විශාල text file එකකි. සාමාන්යයෙන් සිදු කෙරෙන්නෙ මෙහි කොපියක් ගෙන එම කොපිය අපට අවශ්ය පරිදි වෙනස් කොට බාවිතයට ගැනීමයි. මෙමගින් අපට ඕනැම වෙලාවක බාවිතා කරිමට අවශ්ය උපදෙස් හො කලින් තිබූ තත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබේ.

    smb.conf හි විදාන 300කට වඩා අඩංගු වන අතර මේ සියල්ල ගැනම‌ විසතරත් ඇතුලත් වේ. එම නිසා මේ ලිපි ගොනුවෙම කොපියක් ගැනීම තේරුමක් නැත. අවශ්ය වන විදාන සියල්ල මම මෙම ලිපියෙහි දෙමි. එමගින් අලුත් smb.conf එකක් සෑදීම වඩාත් පහසුවේ.

    දැන් /etc/samba/smb.conf හි නම වෙනස් කොට එක backup ලෙස තබාගමු.
    Terminal එකක් ගෙන root ලෙස මෙම විදානය දෙන්න :
    Code:
    mv /etc/samba/smb.conf  /etc/samba/smb.conf.backup

    smb.conf සාදාගැනීමට පහසු ක්රමයක් තමයි SWAT නොහොත් Samba Web Administration Tool මෘදුකාංගය බාවිතා කිරීම. මෙය මගින් samba server එක අපට web browser එකෙන් පාලනය කලහැක.
    මෙය ස්තාපනය කර ගැනීමට අන්තර්ජාල පහසුකම අවශ්ය වේ.

    ස්තාපනය කිරීමට මෙම විදානය දෙන්න:
    Code:
    yum install samba-swat

    ප්රතිඵල මෙලෙසය:
    snapshot030.jpg

    swat මෘදුකාංගයට අවශ්ය වන අනෙකුත් මෘදුකාංගද බාගතයුතු බැවින් ඒ සියල්ල පිලිබඳ විස්තර දී, බාගතයුතු ගොනු වල ප්රමානයද දී මෙම ක්රියාව සනාත කරනන්ට අසයි. Y යතුර ඔබා එය සනාත කරන්න.
    දැන් එම මෘදුකාංග බාගත වී ස්තාපනය වීම සිදුවේ. මෙය පියවරෙන් පියවර සිදුවන අතර එය ඔබට තිරයෙහි බලාගත හැක.
    අවසානයේ‌ මෙසේ දිස්වේ :
    snapshot031b.jpg


    දැන් මෙය සක්රීය කලයුතුව ඇත. පහත විදානය දෙන්න:
    Code:
    nano /etc/xinetd.d/swat

    එවිට එම ගොනුව nano editor එක තුල මෙසේ දිස්වේ :
    snapshot032.jpg

    මෙහි ඇති disable = yes යන පේලිය පමනක් මෙසේ වෙනස් කරන්න :
    Code:
    disable     = no

    එවිට‌ මෙලෙස තිබිය යුතුය :
    snapshot033w.jpg

    දැන් මෙම ගොනුව යාවත්කාලීන කර වසාදමන්න (CTRL+X බාවිතයෙන්)

    දැන් මෙම විදාන දෙන්න:
    Code:
    chkconfig xinetd on
    service xinetd start

    ප්රතිඵල මෙසේය :
    snapshot034a.jpg

    දැන් server එකෙ firefox browser එක ගෙන (gnome menu -> Internet -> Firefox )
    snapshot035r.jpg


    මෙම වෙබ අඩවියට යන්න:
    Code:
    http://localhost:901

    මේ SWAT මෘදුකාංගයයි. මෙයට username ලෙස root සහ password ලෙස rootහි මුරපදයත් දෙන්න. එවිට මෙසේය :
    snapshot036c.jpg


    මෙහි‌ ඇති WIZARD බොත්තම ඔබන්න.
    අලුත් පිටුවෙහි ඇති options මෙලෙස තෝරා ගන්න :
    Server Type : Domain Controller
    Configure Wins As : Server for Client Use
    Expose Home Directories : No

    snapshot037.jpg

    දැන් COMMIT බොත්තම තද කරන්න.

    දැන් GLOBALS බොත්තම ඔබා Global Settings පහත පරිදි ඇතුලත් කරන්න :
    පහත සඳහන් කර නැති settings බොහොමයක් ඇත. ඒවා ඒ ඇති සැටියෙන්ම තබන්න. පහත දී ඇත්තෙ වෙනස් කිරීමට අවශ්ය settings පමනි.
    Code:
    Change View To : Advanced බොත්තම ඔබන්න.
    
    WORKGROUP : EKDOMAIN (මෙය අප සදන domain  එකේ නමයි. කැමති එකක් දාගන්න).
    NETBIOS NAME : SERVER (මෙය මෙම server එකෙ නමයි. windows network එකෙ දිස්වන්නේ මෙම නමිනි. කැමත්තක් යොදාගන්න)
    SERVER STRING : EKDOMAIN CONTROLLER (මෙය description එකක් පමනි. කැමැත්තක් යොදා ගන්න)
    PASSWD PROGRAM : /usr/bin/passwd %u
    PASSWD CHAT DEBUG : YES
    USERNAME MAP : /etc/samba/smbusers
    UNIX PASSWORD SYNC : YES
    LOG LEVEL : 3
    PROFILE ACLS : YES
    ADD USER SCRIPT : /usr/sbin/useradd -m '%u' -g sambausers -G sambausers
    DELETE USER SCRIPT : /usr/sbin/userdel -r '%u'
    ADD GROUP SCRIPT : /usr/sbin/groupadd '%g'
    DELETE GROUP SCRIPT : /usr/sbin/groupdel '%g'
    ADD USER TO GROUP SCRIPT : /usr/sbin/usernod -G '%g' '%u'
    ADD MACHINE SCRIPT : /usr/sbin/useradd -s /bin/false/ -d /var/lib/nobody '%u'
    LOGON SCRIPT : scripts/logon.bat
    LOGON PATH : \\%N\profiles\%U
    LOGON DRIVE : H:  (මේ සඳහා windows පරිගනක වල දැනට බාවිතා නොවන drive එකකක නමක් යොදාගන්න)
    OS LEVEL : 200
    PREFERRED MASTER : YES
    LOCAL MASTER : YES
    DOMAIN MASTER : YES
    IDMAP UID : 15000-20000
    IDMAP GID : 15000-20000
    TEMPLATE SHELL : /bin/bash

    දැන් COMMIT CHANGES බොත්තම ඔබන්න.

    මෙලෙස දිස් වනු ඇත:
    snapshot039.jpg


    දැන් SHARES බොත්තම ඔබන්න.

    පෙර සේම
    Change view to : Advanced බොත්තම ඔබන්න.

    මෙලෙස දිස් වෙනු ඇත:
    snapshot040b.jpg


    දැන් CREATE SHARE බොත්තම ඉදිරියේ‌ ඇති කොටුවෙහි :
    Code:
    netlogon
    ලෙස ටයිප් කර CREATE SHARE බොත්තම ඔබන්න. එවිට මෙම share එකට අදාල වන settings ඊට යටින් දිස්වෙනු ඇත :
    snapshot041.jpg

    පෙර Globalsහි පරිදි මේ සඳහාද පහත පරිදි settings යොදන්න. නැවතත්, පහත දී ඇත්තේ වෙනස් කල යුතු settings පමණි.
    Code:
    COMMENT : Network Logon Service
    PATH : /home/samba/netlogon
    VALID USERS : %U
    ADMIN USERS : administrator
    READ ONLY : yes
    GUEST OK :yes
    SHARE MODES : no
    BROWSEABLE : no
    AVAILABLE : yes

    දැන් COMMIT CHANGES බොත්තම ඔබන්න.
    එවිට මෙලෙස දිස්වේ :
    snapshot042.jpg


    දැන් පෙර netlogon share එක සෑදූ ලෙසම තවත් share එකක් සාදමු.
    create share ඉදිරි පස ඇති කොටුවේ profiles ලෙස සටහන් කර create share බොත්තම ඔබන්න.

    දැන් එයට මෙම settings යොදන්න:
    Code:
    COMMENT : User profiles
    PATH : /home/samba/profiles
    VALID USERS : %U
    READ ONLY : no
    CREATE MASK : 0600
    SECURITY MASK : 0600
    DIRECTORY MASK : 0770
    DIRECTORY SECURITY MASK : 0770
    BROWSEABLE : no
    AVAILABLE : yes
    COMMIT CHANGES බොත්තම ඔබන්න.

    මෙපරිදි දිස්වේ :
    snapshot043v.jpg


    domain controller සඳහා පමනක් අචශ්ය samba server settings ඔපමනයි. Browser එක වසා දමා නැවතත් terminal එකට යොමු වන්න.

    ඉහත settings තුල /home/samba/profiles සහ /home/samba/netlogon ලෙස ගොනු දෙකක් සඳහන් උනා. මේ ගොනු අප ඇති කලයුතුය. ඊට අමතරව ඒ ගොනු sambausers නැමති තවම පිහිටවා නැති සමූහයට (group) අයත් වියයුතුය.
    දැන් මෙම සමූහය සහ ගොනු ඇති කර ඒවායේ අයිතියන් නිසි පරිදි දෙමු.

    root ලෙස terminal එකේ පහත විදාන දෙන්න:
    Code:
    mkdir -p /home/samba/netlogon
    mkdir /home/samba/profiles
    chmod 777 /var/spool/samba
    groupadd sambausers
    chown -R root:sambausers /home/samba
    chmod 777 /home/samba
    chmod 755 /home/samba/netlogon
    chmod 770 /home/samba/profiles
    මෙම විදාන නිසි පරිදි දුන්නා නම් කිසිම ප්රතිඵලයක් (command output) තිරයේ දිස් නොවේ. කිසියම් වරදක් සිදුවුනොත් පමනක් ප්රතිඵලයක් තිරයේ දිස්වේ.
    ඉහත chmod, chown විදාන ඔබ FTP තුල බාවිතා කරන විදානම වේ.

    groupadd යනු සමූහයක් ඇති කරන විදානය වේ.
    mkdir යනු ගොනු නිර්මානය කරන විදානයයි. windows වල command prompt එකේ දෙන විදානයට සමානයි.

    දැන් core system ගොනුවක් වෙනස් කල යුතුව ඇත. එම නිසා පරිස්සම් වන්න.පහත විදානය දෙන්න :
    Code:
    nano /etc/nsswitch.conf
    මෙහි
    Code:
    hosts: files mdns4_minimal [NOTFOUND=return] dns myhostname
    යන පේලියට යන්න. එම කොටස මෙලෙස වේ :
    snapshot044m.jpg


    ඉහත පේලිය මෙලෙස වෙනස් කරන්න :
    Code:
    hosts: files wins mdns4_minimal [NOTFOUND=return] dns myhostname

    දැන් එම කොටස මෙලෙස තිබිය යුතුය :
    snapshot045.jpg

    CTRL+x බාවිතා කර ගොනුව යාවත්කාලීන කර වසාදමන්න.

    දැන් root යනු samba server හි administrator ලෙස දැනුම් දිය යුතුයි. මේ සඳහා පහත විදානය දෙන්න.
    Code:
    smbpasswd -a root
    root හි මුරපදය ඉල්ලනු ඇත. එය දෙවරක් ලබා දෙන්න.
    snapshot046.jpg


    දැන් windows domain එකට අදාල සමූහයන් හදා ඒවාට අනුරූප linux සමූහයන්ට බද්ද කරමු. root ලෙස terminal එකෙ මෙම විදාන දෙන්න :
    Code:
    net groupmap add ntgroup="Domain Admins" unixgroup="root" type=domain -U root
    net groupmap add ntgroup="Domain Users" unixgroup="users" type=domain -U root
    net groupmap add ntgroup="Domain Guests" unixgroup="nobody" type=domain -U root
    මෙම විදාන ක්රියාත්මක කල විට මෙලෙස දිස්වේ :
    snapshot047.jpg


    දැන් selinux ක්රීයා විරහිත කල යුතුය. මේ සඳහා පහත විදානය දෙන්න:
    Code:
    nano /etc/selinux/config
    snapshot049y.jpg

    මෙහි ඇති SELINUX=enforcing යන පේලිය මෙලෙස වෙනස් කරන්න:
    Code:
    SELINUX=disabled
    වෙනස් කල විට මෙලෙස තිබිය යුතුය :
    snapshot050.jpg

    CTRL+x බාවිතා කර ගොනුව යාවත්කාලීන කර වසාදමන්න.

    දැන් පරිගනකය reboot කලයුතුය.

    Domain controller ලෙස දැන් මෙම ලිනක්ස් පරිගනකය ක්රියා කරයි.
    මෙම ඩොමේනයට පරිගනක හා users ඇතුලත් කරන අයුරූ මිලච පෝස්ට් එකෙන් බලමු.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Samba Domain Controller 2

    පෙර ලිපියේ පරිදි සාදාගත් domain controllerයට පරිගණක සහ users ඇතුලත් කරන ආකආරය දැන් බලමු.

    Windows domain controller එකකදී users ඇතුලත් කරන්නෙ active directory users and computers තුලින් වුනත් ලිනක්ස් හිදී මේ සඳහා terminalයම බාවිතා කෙරේ.

    Samba server මෘදුකාංගය තුලින් windowsහි ඇති net විදානය එලෙසම ලබාදෙයි. අප users ඇතුලත් කරන්නෙ මෙම net විදානය මගිනිි. මෙහිදී එකවර ලිනක්ස් පද්දතියටත් samba domain එකටත් එකම userව ඇතුලත් කෙරේ.

    User කෙනෙක් ඇතුලත් කිරීමේ විදානය මෙසේය :
    Code:
    net rpc user add <username> -U root
    මෙහි <username> වෙනුවට අවශ්ය නම සටහන් කරන්න. මෙම විදානය දුන් විට එය rootහි මුරපදය ඉල්ලනු ඇත.

    මෙම userට මුරපදය දීමට විදානය:
    Code:
    passwd <username>
    මෙහි <username> වෙනුවට ඉහත දුන් නමම දෙන්න. මුරපදය දෙවරක් ඉල්ලයි. මුරපදයට අදාල අකුරු යතුරුපුවරුවෙ එබුවට එය තිරයමත දිස් නොවන බව මතක තබාගන්න.

    දැන් මෙම userව samba domainතුලට ගමු.
    Code:
    smbpasswd -e <username>

    මෙහිද <username> වෙනුවට ඉහත දුන් නමම යොදන්න. මෙම විදානයෙන් මෙම userට අදාල මුරපදය ඉල්ලනු ඇත. ඉහත දුන් මුරපදයම දෙන්න. ඉහත මෙන්ම මෙහිදීද මුරපදත තිරය මත දිස් නොවනු ඇත.

    දැන් අපගේ EKDOMAIN එකට users 3ක් ඇතුලත් කරගමු tom,david,harry ලෙස.

    ප්රතමයෙන් tomව ඇතුලත් කරමු. ඔබට කැමති මුරපද ලබාදෙන්න.
    Terminalය තුල root ලෙස මෙලෙස විදාන දෙන්න:
    Code:
    net rpc user add tom -U root
    passw tom
    smbpasswd -e tom
    විදාන 3ටම ප්රතිඵල මෙසේය :
    snapshot051.jpg

    මෙලෙසම david සහ harry ද ඇතුලත් කරන්න.

    දැන් මෙම ඩොමේනයට windows පරිගණක ඇතුලත් කරමු. මෙය සිදු කරන්නේ පරිගණකය windows domain එකකට ඇතුලත් කරගන්න ලෙසටමය. windows හි එන Network ID wizard එක බාවිතයෙනි. wizard එකෙ ඉල්ලන ඩොමේනය අපි සාදාගත් EKDOMAIN වන අතර administrator මුරපදය rootහි මුුරපදයවේ. Domain Administrator account එක administratorම වේ.

    ඇන් Windows 7 පරිගනක් ඇතුලත් කරමු. Windows 7 පරිගනකයක් Samba PDC එකකට ඇතුලත් කිරීමට registry එකේ වෙනස්කම් කීපයක් කල යුතුය.
    Regedit වලින් මේවා සිදු කෙරේ.

    Regedit විවෘත්ත කර මේ Key එකවෙත යන්න:
    Code:
    HKLM\System\CCS\Services\LanmanWorkstation\Parameters
    මෙයට අලුතෙන් DWORD (32bit) වර්ගයේ entries දෙකක් එකතු කරන්න.
    අවශ්ය වන්නෙ :
    Code:
    DomainCompatibilityMode  මෙහි අගය : 1
    DNSNameResolutionRequired  මෙහි අගය : 0

    snapshot058.jpg

    snapshot059f.jpg

    snapshot060.jpg

    snapshot061.jpg

    දැන් මෙම පරිගණකය reboot කරන්න.
    මෙම registry වෙනස් කිරීම windows 7 වලට පමනක් අදාලවේ. windows XP වලට මේය සිදු කිරීමට අවශ්ය නැත.

    Reboot කලාට පසු network ID wizard එක මාර්ගයෙන් මෙම පරිගණකය domain එකට ඇතුල් කල හැක.
    මේ සඳහා :
    Start Menu -> Control Panel -> All control Panel Items -> System
    මෙහි Computer name,Domain and workgroup settings යටතේ ඇති Change Settings හි click කරන්න.
    ඒවිට system properties හි Computer name tabඑක දිස් වේ.
    snapshot052.jpg


    මෙහි ඇති NETWORK ID බොත්තම ඔබා Network ID Wizard එක ක්රියාත්මක කරන්න.
    snapshot053f.jpg

    මෙහි‌ පලමු optionඑක තෝරාගන්න.

    snapshot054.jpg

    ඩොමේනයක් ඇති හෙයින් මෙහිද පලමු option එක තෝරාගන්න.

    snapshot055.jpg

    Code:
    user name ලෙස administrator හෝ root යොදන්න
    මුරපදයට rootහි මුරපදය යොදන්න
    Domain name ලෙස EKDOMAIN යොදන්න

    snapshot056.jpg

    මෙතනදී වෙන්නෙ මෙම පරිගනකය ඩොමේනයට ඇතුලත් වීමයි. පරිගණකයේ නම ස්වයංක්රීයව දාගෙන තිබෙනු ඇත. ඩොමේනය ලෙස අප සෑදූ EKDOMAIN එක දෙන්න.

    snapshot057.jpg

    ඉහත පියවරේදී‌ නැවතත් administratorහි‌ විස්තර ඉල්ලනු ඇත. පෙර පරිදිම එය සපයන්න.

    snapshot064.jpg

    Windows 7 සඳහා මෙතනදී DO NOT ADD A DOMAIN USER ACCOUNT, එනම් දෙවෑනි option එක තෝරාගන්න. Windows XP සඳහා පලමු option එක තෝරාගත හැක.
    දැන් wizardය නිම කරන්න. එවිට පරිගණකය reboot කල යුතු බව පවසනු‌ ඇත. පරිගණකය reboot කරන්න.
    දැන් මෙම පරිගණකය ඩෝමේනයට ඇතුලත්ව පවතී. ආරම්භක තිරයද වෙනස් බව ඔබට පෙනෙනු ඇත :
    snapshot066g.jpg


    ඩොමේනයට ගත් පසු ප්රතම වරට CTRL+ALT+DELETE එබූ විට මෙහි පෙන්වන්නේ කලින් වර සිටි username එකයි  :
    snapshot067a.jpg

    SWITCH USER බොත්තම ඔබන්න. එවිට පවසයි EKDOMAIN ඩොමේනයට අදාල userසහ මුරදයක් දෙන ලෙස. ඉහත අප සෑදු tom, david හෝ harry ලෙස දැන් මෙම පරිගණකයට ඇතුල් විය හැක.
    මේ tom ලෙස :
    snapshot068n.jpg


    ඇතුල් වූ පසු Network දෙස බැලූ විට server පරිගණකයද මෙම windows 7 පරිගණකයද තිබෙනු දිස් වේ :
    snapshot069a.jpg


    මෙම සිටින user කවුරුන්දැයි නිසැකවම බලාගන්න Control Panel -> User Accounts -> User Accounts ගිය විට :
    snapshot070.jpg

    පෙනෙන පරිදි මෙම user EKDOMAIN එකෙ user කෙනෙක්ම වේ.

    david සහ harry ලෙද ඇතුල් වුවහොත් මෙලෙසම පෙන්නුම් කෙරෙන බව ඔබට දැක ගත හැක.

    Samba Domain Controller සහ ඊට පරිගණක සහ users ඇතුල් කරීම පිලිබඳ ලිපි මෙතනින් අවසානයි. මෙය මූලික හැඳින්වීමක් පමනි. මින් එහාට මේ පිලිබඳ අද්යයනය ඔබ විසින් කරගතයුතුය.

    ඊලඟ ලිපියෙන් බලමු Samba Server එකේ file shares සාදන ආකාරය.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Files Shares on Samba Server

    දැන් අපි බලමු samba server එකක ගොනු බෙදා ගැනීම (file shares) සිදුකරන ආකාරය. මේ සඳහා ඉහත සාදා ගත් samba server එකෙ ඇති swat මෘදුකාංගයම බාවිතා කරමු.
    ඉහත http://www.elakiri.lk/forum/showpost.php?p=13999520&postcount=56 ලිපියෙහි file shares ඇති කරන ආකාරය පෙන්වා ඇත. එවෙලෙහි ඇති කලේ තරමක් විශේෂිතවූ shares දෙකකි. දැන් අපි කරන්නට යන්නෙ සාමාන්ය file shares ඇති කිරීමයි.

    මෙ වැනි ලිපි ගොනු කීපයක් බලමු :
    • common_files_share - මෙම ගොනුවට සියලු users හට කියවීමට සහ ලිවීමට හැක.
    • finance - මෙම ගොනුව tom හා david පමනක් කියවීමට සහ ලිවීමට හැක
    • warehouse - මෙම ගොනුව සියලු users හට කියවීමට හැක නමුත් ලිවීමට ඉඩ ඇත්තේ harryට පමනී.

    මෙසඳහා මෙවැනි ලිපි ගොනු අප /home/samba ගොනුව තුල ඇති කරමු :
    Code:
    mkdir /home/samba/common_files_share
    mkdir /home/samba/finance
    mkdir /home/samba/warehouse

    දැන් මෙම ගොනු වල අයිතිය sambausers සමූහයට දෙමු:
    Code:
    chown root:sambausers /home/samba/common_files_share
    chown root:sambausers /home/samba/finance
    chown root:sambausers /home/samba/warehouse

    දැන් මෙම ගොනු වලට sambausers සමූහයට ලිවීමේ අයිතිය දෙමු:
    Code:
    chmod 775 /home/samba/common_files_share
    chmod 775 /home/samba/finance
    chmod 775 /home/samba/warehouse

    අවසානයේ මෙම ගොනු වල විස්තර මෙලෙස දිස්වේ :
    Code:
    ls -lh /home/samba
    snapshot071t.jpg


    දැන් මෙම ගොනු samba server එකට ඇතුලත් කරමු. කලින් ලිපියෙහි කල ආකාරයටම server එකේ ඇති web browser එකකින් http://localhost:901 වලින් swat මෘදුකාංගය වෙත යොමුවී, root මුර පදය දී, එහි ඇති shares බොත්තම ඔබන්න.
    snapshot072.jpg


    Create share බොත්තමට දකුනෙන් ඇති කොටුවෙහි common_files_share ලෙස සඳහන් කර create share බොත්තම ඔබන්න.

    දැන්, ලැබෙන settings හි මෙලෙස සඳහන් කරන්න:
    Code:
    COMMENT : Common File Share for All Users (මෙය මෙම shareඑක ගෙන විස්තරයක් පමනි. කැමැත්තක් සඳහන් කරන්න.)
    PATH : /home/samba/common_files_share
    VALID USERS : @sambausers 
    ADMIN USERS : administrator
    READ ONLY : NO
    GUEST OK : NO
    BROWSEABLE : YES
    AVAILABLE : YES
    දැන් commit changes බොත්තම ඔබන්න.

    මෙහි VALID USERS සඳහා යොදා ඇති වැකිය තරමක් විශේෂයි. samba හිදී සමූහයක් (group) සටහන් කරන්නෙ එහි නමට ඉඳිරියෙන් @ සංකේතය යෙදීමෙනි.

    දැන් මෙලෙස දිස් වනු ඇත:
    snapshot073.jpg


    දැන් finance share එක සැදීමට පෙර පරිදිම finances ලෙස සටහන් කර create share බොත්තම ඔබන්න.

    මෙයට පහත පරිදි options දෙන්න:
    Code:
    COMMENT : Share only for finance users
    PATH : /home/samba/finance
    VALID USERS : tom david
    ADMIN USERS : administrator
    READ ONLY : NO
    GUEST OK : NO
    BROWSEABLE : YES
    AVAILABLE : YES
    මෙම ගොනුව තුල වැඩ කලයුතු වන්නෙ tom සහ david පමනක් බැවින් VALID USERS සඳහා ඔවුන්ගෙ නම් පමනක් සඳහන් කෙරේ.

    දැන් commit changes බොත්තම ඔබන්න.

    මෙලෙස දිස් වේ :
    snapshot074.jpg


    දැන් warehouse share එකද පෙර පරිදිම සාදමු. මේ‌ සදහා settings මෙලෙස වේ:
    Code:
    COMMENT : Share only for warehouse users
    PATH : /home/samba/warehouse
    VALID USERS : @sambausers
    ADMIN USERS : administrator
    WRITE LIST : harry
    READ ONLY : YES
    GUEST OK : NO
    BROWSEABLE : YES
    AVAILABLE : YES

    මෙතනදී පෙර shares වලට වඩා තරමක් වෙනස් දෙයක් සිදු වී ඇත. මෙම ගොනුව සියලු users හට කියවිය හැකි විය යුතුය. මෙමෙ නිසා VALID USERS සඳහා @sambausers සටහන් කලා. නමුත් සියදුනාටම මෙහි ලිවිය නොහැකිවිය යුතුයි. කියවීම පමනක් කල හැකිවිය යුතුය (read only rights). මෙය සිදුකිරිමට READ ONLY : YES ලෙස සටහන් කලා.
    නමුත් harry හට මෙම ගොනුවට ලිවීමට ඉඩදිය යුතුය. මෙය සිදු කිරීමට WRITE LIST හට harry ලෙස සටහන් කලේ මේ සඳහාය.

    දැන් commit changes බොත්තම ඔබන්න.
    snapshot075.jpg


    දැන් මෙම shares ක්රියාත්මක වීමට samba server එක restart කල යුතුය. එයද swat මෘදුකාංගයෙන්ම කල හැක. STATUS බොත්තම ඔබන්න. මෙලෙස දිස්වේ :
    snapshot076.jpg


    මෙහි ඇති RESTART ALL බොත්නම ඔබා samba server එක restart කරන්න.

    දැන් බලමු මෙම shares කොහොමද ඩොමේනයේ එති windows පරිගනකයකින් පෙන්නුම් කරන්නෙ කියා. කලින් ලිපියෙහි ඩොමේනයට ඇතුලත් කල windows පරිගනකයට tom ලෙස ඇතුල් වෙලා network එකහි ඇති SERVER එකෙ double click කරන්න.
    shares 3ම මෙලෙස දිස්වේ:
    snapshot077.jpg

    Common Files Share එක තුල ගොනුක් ඇර එය තුල ලිපියක් අරීමට තැත් කරන්න :
    snapshot078.jpg

    Tom හට මෙය කිරීමට අනුමැතිය දීඇත. මෙෙලසම ලිපි/ගොනු අරීම, වෙනස් කිරීම මැකීම යන ක්රීයා 3ම මෙම common_files_share තුල ඔහුට කල හැක.
    අනිත් users ලෙසත් මෙය කර බලන්න. ඔවුනටද common_files_share හිදී මෙය කල හැකි‌ බව පෙනී යනු ඇත.

    දැන් finance share එක තුලද මෙම ක්රියාකරකම් කර බලමු :
    snapshot080v.jpg

    finance share එක තුලද මෙම ක්රියා සියල්ල tomට කල හැකි බව පෙනීයනු ඇත.

    දැන් warehouse share එකෙ තත්වෙ‌ බලමු :
    snapshot081.jpg

    share එක තුලට යා හැක. බලමු share එක තුල ගොනුවක්, ලිපියක් විවෘත්ත කල හැකිද කියා:
    ගොනුවක් විවෘත්ත කිරීමට ගිය විට :
    snapshot082y.jpg


    ලිපියක් විවෘත්ත කිරීමට ගිය විට :
    snapshot083g.jpg


    මෙම ක්රීයාවන් දෙකටම tom හට ඉඩ නොලැබේ.
    දැන් harry ලෙස මෙම shares තුලට ගොස් බලමු.

    common_files_share හිදී:
    snapshot084.jpg

    Tom මෙන්නම harry හටද මෙහි ගොනු, ලිපි විවෘත්ත කිරීමට, කියවීමට, වෙනස් කිරීමට සහ මැකීමට අචසර ඇත.

    දැන් බලමු finance share එක:
    snapshot085.jpg

    Harry හට finance share එකට යෑමට අවසර නොදේ.

    දැන් බලමු warehouse share එක:
    snapshot086.jpg

    මෙහිදී Harry හට ගොනු සහ ලිපි විවෘත්ත කිරීමට, කියවීමට, වෙනස් කිරීමට සහ මකා දැමීමට අවසර ඇත.

    අන් අයට warehouse share එක තුල ඇත්තෙ කියවීමට පමණක් අවසර ඇති බව සනාත කිරීමට දැන් david ලෙස warehouse share එක තුලට ගොස් බලමු :
    snapshot087.jpg


    ඔහුට harry විවෘත්ත කල ගොනු හා ලිපි කියවිය හැක.මේවා වෙනස් කිරීමට හෝ මැකීමට පුලුවන්දැයි බලමු.
    වෙනස් කිරිමට බලමු :
    snapshot088.jpg

    ලිපිය වෙනස් කිරීමට අවසර නැත.

    මකාදැමීම කර බලමු:
    snapshot089.jpg

    snapshot090.jpg


    මකාදැමීමටද අවසර නැත.

    samba server එකක් තුල file shares ඇති කරන්නෙ එලෙසය.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මීලඟ ලිපි වලින් මෙම ඩොමේනයටම email පහසුකම් සපයන ආකාරය විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි. :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ දැන් මේවා දාන්න කියපු අය ?
    කරලා බැලුවාද ? ගැටලු ආවාද ?

    මහන්සියෙන් වැඩක් නැද්ද අන්තිමට? :frown: