දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ...
අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න..
සංසාර ගිරි දුර්ගයේ...//
රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ...
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ...
දොඹ මල් කැලෑවේ...
කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා..
පෑතුන් සඳක් නිසරු අහසේ දිලේවා
කටුවැට උඩින් පාවෙලා...
දොඹ මල් කැලෑවේ...
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය : ගුණදාස කපුගේ
කවියක් වගේ ආදරේ...
අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න..
සංසාර ගිරි දුර්ගයේ...//
රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ...
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ...
දොඹ මල් කැලෑවේ...
කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා..
පෑතුන් සඳක් නිසරු අහසේ දිලේවා
කටුවැට උඩින් පාවෙලා...
දොඹ මල් කැලෑවේ...
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය : ගුණදාස කපුගේ
මේකේ තේරුම හරියටම විස්තර කරන්න දන්න කෙනෙක් ඉන්නවද?
මට දැනෙන තේරුම හරියටම හරිද කියලා දැන ගන්න ඕනේ.
මම ආසම කරන සිංදුවක්
මට දැනෙන තේරුම හරියටම හරිද කියලා දැන ගන්න ඕනේ.
මම ආසම කරන සිංදුවක්

