Domba Mal Kalawe ~ Meaning

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ...
    අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න..
    සංසාර ගිරි දුර්ගයේ...//

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ...
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ...

    දොඹ මල් කැලෑවේ...

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරි තලා..
    පෑතුන් සඳක් නිසරු අහසේ දිලේවා
    කටුවැට උඩින් පාවෙලා...

    දොඹ මල් කැලෑවේ...

    ගායනය : ගුණදාස කපුගේ
    පද රචනය : වසන්ත බණ්ඩාර දිසානායක
    සංගීතය : ගුණදාස කපුගේ

    මේකේ තේරුම හරියටම විස්තර කරන්න දන්න කෙනෙක් ඉන්නවද?
    මට දැනෙන තේරුම හරියටම හරිද කියලා දැන ගන්න ඕනේ.
    මම ආසම කරන සිංදුවක් :love::love:
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    Doba mal wala suwada kawadawath adu wennelu..e nisa babaru hamadama doba mal wala innawa..kawadawath nathi wenne..adareth e wage sadakalikawa pawathinna ona deyak kiyla thamai me geethayen kiyawenne..gunadasa kapuge mahathata niwan suwama labewa..

    youtube cmnt akak
     
    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura
    දොඹ මල් කැලෑවේ
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ

    කවියක් වගේ ආදරේ..
    අත්වැල් බැඳන් යන්න ලං වී ලඟින් ඉන්න
    සංසාර ගිරි දුර්ගයේ..//

    රෑ පිනි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහෙ නිමා වේද
    දුක් දොරකඩින් හෙටදිනේ

    ක‍ටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරි තලා
    පෑදුනු සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා..

    මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර
    ගායනය - ගුණදාස කපුගේ
    සංගීතය - ගුණදාස කපුගේ
    පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක

    බොහෝ දෙනෙක් නොදන්නා නිසා මම මේ ගීතයේ පසුබිම ගැන කියන්නට සිතුවා. මේ ගීතය මුලින්ම ගායනා කර තිබෙන්නේ ජයතිලක බණ්ඩාරයන්.
    ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ගායන කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඔහු එහි සිතාර් වාදකයාද වුනා. 1984 දී ගුණදාස කපුගේ ශූරීන් විසින් ඇරඹි 'කාලයේ රාවය' සංගීත ප්‍රසංගයට ජයතිලක බණ්ඩාරයන් එකතු වෙනවා. මෙයින් සිදුවන අතුරු ප්‍රතිපලයක් තමයි බණ්ඩාරයන්, කපුගේ සහ දිවුල්ගනේ යන තිදෙනාම වැඩ තහනමකට ලක්වීම. ඒ කෙසේ වෙතත් කපුගේ විසින් සංගීත නිර්මාණය කර ජයතිලක බණ්ඩාරයන් ගැයූ ගීත කිහිපයක් නැවත 'කම්පන' ප්‍රසංගය වෙනුවෙන් ගැයීමට, බණ්ඩාරයන් කපුගේට ආරාධනා කරනවා. ඒ ගීත අතර 'දොඹ මල් කැලෑවේ , සබඳ අපි කදු නොවෙමු, අහස උසට නැග ගියාට වැනි ගීත ඇතුලත් වෙනවා. මේ ගීත සියල්ලේම මුල් ගායනය ජයතිලක බණ්ඩාරයන් සතුයි. නමුත් 'කම්පන' ප්‍රසංගයෙන් පසු මේ ගීත දිගටම ගයන්නේ කපුගේ ශූරීන්.

    අනුරාධපුර ගල්ගමුව ප්‍රදේශයේ ඇහැටුවැව ගමෙන් අපට දායාඅද කල දක්ෂ ගේය පද රචකයෙකු වූ වසන්ත බණ්ඩාර දිසානායකයන් තමයි මේ ගීතය රචනා කරන්නේ. මීට අමතරව කපුගේ ශූරීගේ 'දුක හාදු දෙන රැයේ' ගේය පදත් මොහුගේම වනවා. සුපුරුදු ලෙසට ගීතය සංගීතවත් කරන්නේ ගුණදාස කපුගේ විසින්මයි.

    දොඹ මල් ඔබ දැක තිබෙනවාද? බොහෝ දෙනෙකුගේ පිළිතුර 'නෑ' යන්න බව නිසැකවම දනිමි. මෙය සුදු පැහැති කුඩා මලක් වන අතර ඔබගේ පහසුව තකා මම එහි ජායාරූපයක් මේ සමග එක්කර ඇත. මේ 'දොඹ මල්' මතක් වන්නේ ගීත කිහිපයක් සමගය. දොඹ මල් කැලෑවේ ගීතයට අමතරව, 'දොඹ මලින් මලට රේණු තලන, පවනට සැලෙනා දොඹ මල් සුවඳින් ගීත ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

    මේ ගීත සඳහා දොඹ මල් යොදාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද යන්න සැලකිය බැලිය යුතුයි. මේ මලට බඹරු ඇදෙන්නේ නිතැතින්, අනෙක් අතට මේ මල සුදු පැහැති නිසා මුලු පරිසරයම ආලෝකමත් කරනවා. මේ මල් කිනිති වලින් මැවෙන්නේ පුදුම අලංකාර බවක්. මේ දොඹ මල් අසල ගැවසීගත් බඹරුන් සතුට උහුලාගත් නොහී ගැයුමට සහ වැයුමට පටන් ගනිති. ඒ ගයන කවියකට ආදරය සම කරන්නට පද රචකයා උත්සුක වී තිබෙන අයුරු පැසසිය යුතුයි. මේ ආදරය හිතේ දවටගෙන හද පතුලේ තවරගෙන සිටින්නාක් කල් මේ ලෝකය සතුටින් තියේවී. මේ සංසාර ගමන ලෙහෙසි පහසු එකක් නොවේ. රලු බොරලු එමටයි. ගිරි ශිඛර, තැනිතලා, බෑවුම් ආදී විශමතාවලින් පරිපූර්ණයි. එවන්වූ මේ සංසාරය පුරාවට එකට ගමන් කිරීමට නම් අප අත්වැල් බැඳගත යුතුයි. ඒ වගේම එකිනෙකාට ලංවී සිටිය යුතුමයි.

    'රෑ පිනි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහෙ නිමා වේද
    දුක් දොරකඩින් හෙටදිනේ'

    ආදරය සමග පරිසරය යා කිරීම බොහෝ රචකයන්ගේ සිරිතක්. ඒ තරම්ම පරිසරයත් සුන්දරයි, ආදරයත් සුන්දරයි. ඉතින් මෙහිදී රචකයා මුලින් යොදාගත් දොඹ මල් වෙනුවට කේතකී හෙවත් වැටකේ මල් ගෙනහැර පානවා. රාත්‍රියක සීතලත සමග දැවටීගෙන හමනා සුලඟ සමග පිනි බිඳු බිම පතිත වන්නේ වැටකේ මල්වල සුන්දරත්වයත් දෙගුණ තෙගුණ කරමින්. මේ දසුනට සඳ එලියත් එකතු වුනෝතින්...නමුත් මේ මොහොතේදී රචකයා තරමක ඍනාත්මක සිතුවිල්ලක් එක් කරනවා. මේසා සුන්දරවූ සෙනෙහස හෙට දිනයේ නිමාවේද? යනුවෙන්. දුක අපේ ලොවට එකතුවී මේ සෙනෙහසේ නිමාව සනිටුහන් කරාවිද?

    'ක‍ටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරි තලා
    පෑදුනු සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා'

    ආදරයේ සුන්දර බව ගේන රචකයා ඍනාත්මක පැත්තකට අපව ගෙන ගියේ ඇයිද කියා දැන් ඔබට වැටහෙනවා ඇති. මොවුන්ගේ ආදරයට කියම් ගැටළුකාරී සාධක කිහිපයක් පවතින ස්වරූපයක් පෙනී යනවා. ආදරය නමැති මල වෙත එන්නට පෙර මලේ නටුවේ ඇති කටු පසු කරන් යායුතුයි. බලන්න එය ඉදිරිපත් කරන අපූරුව. එහි තිබෙනා අපහසු බව සහ එයින් විඳිනට වෙන පීඩාව ගෙනෙනා අයුරු.. 'ක‍ටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා'.
    මේ ගමන පැමිනෙන්නේ ආදරය ජය ගන්නට. ඒ නිසා සිනාවක් මුව ඇඳෙනවා. නමුත් ඒ සිනාසෙන්නේ ඉරි තැලුනු දෙතොල් සමග.
    නිසරු අහස් යන්නෙන් කියාපාන්නේ ආදරයට නිරන්තරයෙන් එල්ලවන බාධා මැද ගෙවන ජීවිතයයි. මේ කටු වැට උඩින් සඳක් පායන්නට හැකිනම් මේ නිසරු අහසට සාරවත් බවක් ගෙන එන්න. එය තමා කටු වලට සීරුනු දෙතොල් වලින් ඉල්ලන ආදරයේ පැතුම....

    ~~තේජන අබේදීර~~
    http://geeyaka-arutha.blogspot.com/
     
    • Like
    Reactions: lankanatha

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    Rep +:D
     
    • Like
    Reactions: Lucifr