Door to Hell ගිනි_ගෙන_දැවෙන ආවාටය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    Door to Hell ගිනි_ගෙන_දැවෙන ආවාටය

    ගිනි ගෙන දැවෙන ආවාටය


    door_to_hell_turkmenistan.jpg


    තුර්කිමේනිස්ථානයේ පිහිටා ඇති ගිනි ගෙන දැවෙන ආවාටයක් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනාගැනීමට සමත්ව ඇත.ගිනි ගෙන දැවෙන නිරයේ දර්ශනයක් ලෙස දිස්වන මෙම ආවාටය ඩර්වීස් ලෙස නම් කර ඇති අතර එහි අරුත වන්නේ අපායේ දොරටුව යන්නයි.මෙම ස්ථානය තුර්කිමේනිස්ථානයෙන් බහුතර ප‍්‍රදේශයක් ආවරණය කරන කරාකුම් කාන්තාරය මධ්‍යයේ පිහිටා තිබේ.

    මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන තුර්කිමේනිස්ථානය සංචාරක කර්මාන්තයට එතරම් ජනප‍්‍රිය ස්ථානයක් නොවන අතර වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ප‍්‍රමානය 10000ක් පමණ බව පැවසේ. ඩර්වීස් ආවාටය මිනිසා විසින් නිර්මිත ගින්නකි.

    1971දී ස්වභාවික වායු නිධියක් සෝවියට් භූ විද්‍යාඥයින් විසින් පරීක්ෂා කරමින් තිබියදී කඩා වැටී ඇති අතර ඉන් පිටවන විෂ වායු මිනිසාට සහ සතුන්ට හානිකර විය හැකි නිසා එය ගිනි තැබීමට විද්‍යාඥයින් විසින් පියවර ගෙන තිබේ. එය වසර කිහිපයකින් දැවී අවසන් වී යනු ඇතැයි සිතුවද වසර 40ක් පුරා එම ගින්න ඇවිළෙමින් තිබේ.

    ඩර්වීස් ආවාටය කෙසේ හෝ නිවා දැමිය යුතු යයි 2010දී තුර්කිමේනිස්ථාන ජනාධිපති ගුර්බාන්ගුලි බර්ඩිමුහමෙඩොව් විසින් පවසනු ලැබුවද අවසානයේදී එය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට එරට බලධාරීන් විසින් පියවර ගෙන ඇතැයි පැවසේ.







    source :cnews​