Double Cab around 4 million

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    මොනවගේ දේකටද පාවිච්චි කරන්නෙ ? පට්ට ගහන්න නම් hilux එකක් ගන්න. ගොඩක් දුරට ගෙදර පාවිච්චියට නම් navara එක තමයි හොද. l200 එක හොදයි පට්ට ගහන්න, හැබැයි පාට්ස් එලියෙ ගන්න අඩුයි. ඒ නිසා මේන්ටේන් ටිකක් ගනන් වැඩී. ගැස්සෙනව වැඩී.

    මොකක් ගත්තත් මැනුවල් ගියර් ගන්න.

    thailand model UK model ඔය 3ම එනව. තායිලන්ඩ් ඒව ගනන් ටිකක් අඩුයි ඔප්ශන්ස් නෑ වැඩිය. බලල ගන්න සමහර ඒව දිරල තියනව විශේශයෙන් l200 එක.

    ගෙදරක තියන එකක් ගන්න බලන්න. කැබ් ගන්න එවුන් ගන්නෙ ඕව පට්ට ගහල හම්බ කරල විකුනලා දාන්න. ගරාජ් වල තියනව අලුත්ම හයිලක්ස් එහෙම එන්ජින් ගලවලා ඕනෙ තරම් මේන්ටේන් කරන්නෙ නැතුව පැදල :angry::angry:

    හයිලක්ස් නම් 3000cc එක තමා හොද 2.5 එක පිකප් මදි. l200 එකයි navara එකයි නම් 2.5 එක හොද පවර් එකක් තියනව.

    කොන්ෆටබල් අතින් හොදම එක navara. ඉස්සර ඉදන් ආපු කැබ් වලින් නිසාන් තමා සාමාන්‍ය පාවිච්චියට හොද suspension නිසා.

    3ම පැදල බලල ගන්න. ගල් මරන තියනව අහු වෙන්න නම් එපා පට්ට ගහපු මල ජරාව. ආන්ඩුවට කොන්ත්‍රාත් දුවපුවා ඉදන් එක එක කොම්පැනි වල දුවපුවා. ඒව එකක්වත් සුපර් ඩීසල් දැකලවත් නෑ අත්දැකීමෙන් කියන්නෙ. විකුනනකොට අතේ පැලවෙන බොරු කියල බොරු සර්විස් රෙකෝඩ් පවා දික් කරයි.

    මන් ගාව තියෙන්නෙ navara aventura එකක්.4 star සුපර් ඩීසල් ගහන්න තියෙන්නෙ නුවර කුරුනෑගල නුවරෑලිය එතකොට කෑගල්ලෙත් නෑ. ඉතින් වාහනේ තියන ප්‍රදේසෙත් බලල ගන්න. ගන්න එකට සුපර් ඩීසල්ම ගහන්න. normal diesel ටර්බෝ එකට හොද නෑ ක්ලොග් වෙන්න බලනව.