Dragon Age 3 එක release කරන්න යන්නේ ලබන අවුරුද්දේ විතර වගේ. මේකේ නම තමයි Inquisition . Product Manager ට අනුව මේක හදන්න use කරන්නේ Frostbite 2 engine එක. මේක තමයි Need for Speed run, battlefield 3, Medal of Honor warfighter එකටත් use කරලා තියෙන්නේ. ඒ කියන්නේ graphics ඇති එලකිරි වගේ

Frostbite 2 එකේ Graphics මොන වගේද කියලා දන්නේ නැති එවුන් ඒක මෙතනින් බලාගන්න.
මේක සමහර විට next generation වෙන්නත් බැරි නෑ එහෙම වුනොත් උබලට අළුත් processor එකක්, graphic card එකකුත් ඕන වේවි.
Medal of Honor warfighter එකේ Demo එකක් මේකෙන් උබලට බලාගන්න පුලුවන්
Frostbite 2 engine එකේ Lighting, Destruction, PhysX, Shaders, Textures ,Animations
ගැන.
මේකෙන් බලාගන්න පුලුවන් Dragon Age 3 එක ගැන IGN එකේ කියන දේ.
Inquisition කියන නමේ තේරුම දන්නේ නැති එවුන්ට ප්‍රශ්ණයක් එන්න පුලුවන් මේ නම ගැන.
Inquisition කියන්නේ යුරෝපය පුරා රෝම අධිරාජයය කාලේ ඉදලා කතෝලික පල්ලිය විසින් අන් ආගමිකයන්ව පීඩනයට පත් කරන්න හදපු පල්ලි අධීකරණක ක්‍රමයටයි. මේකේදි මුන් කරේ කවුරු හරි පල්ලියට විරුද්ධව මොනවා හරි කිව්වොත් ඌව ගින්නට දාලා පුච්චන එකයි (මේකට හොදට උදාහරණය තමයි බෲණෝව පුච්චපු එක). මේ වගේ දහස් ගණන් මිනිස්සු මේ පල්ලි අධිකරණය විසින් මරා දැම්මා. මේක ඒ වගේ එක එක මුහුණ වලින් පැවතුනාත් එක්ක Spanish Inquisition , Pope Inquisition , Roman Inquisition , කොහොම හරි නැපෝලියන්ගේ කාලේ වෙනකම්ම මේක තුබුනා යුරෝපය පුරාම. මේක නිසයි ඇත්තටම ක්‍රිස්තියන් CULT එක යූරෝපයේ රැකුනේ. ඉතින් මේක තමයි මේ Inquisition කියන එකේ තේරුම
දැන් මේක කොහොමද මෙතනට අදාළ වෙන්නේ? මේ Dragon Age 3 එකේ story එක මම කියවපු විදියට තියෙන්නේ Mages ලගෙයි, Templar වරුන් අතර සටනක්. උබලා Dragon Age 2 ගැහුවා නම් අන්තිමට බලාගන්න පුලුවන් මේක පටන් ගන්න හැටි (මම Dragon Age 2 ඉවර කරා
)දැන් සටන යන්නේ මේ version එකේ. Templar කියන්නේ Dragon Age series එකේ පල්ලිය ආරක්ෂා කරන කට්ටියටයි. ඒ වගේම මුන් මේ mages ලව අල්ලගෙන mages guild එකට බාර දෙන එකත් කරනවා.
Mages කියන්නේ හරියට X men එකේ ඉන්න Mutant ලා වගේ උන් ඉපදෙන්නේ ඒ magic power එකත් එක්කමයි ඊට පස්සේ මේක දැනගත්ත ගමන් Templar ලා කරන්නේ මුන්ව අල්ලගෙන ඇවිත් Mages Guild එකට දානවා (මේක හෙන Tower එකක් උබලා Dragon age origins ගහලා තියෙනවා නම දකින්න පුලුවන්)
ඉතින් මේ mages ලට පාඩුවේ ඉන්න බෑ මේ templar නිසා මේ version එකේ ඒක නිසා යුද්ධයක් යනවා මේ දෙගොල්ලෝ අතර. මේ ටිකක් ආගමික් ස්වරූපයක් ගන්න නිසයි මේ Inquisition නම මම හිතන්නේ දාලා තියෙන්නේ. කොහොම හරි game එක එළකිරි වගේ ඇති මොකද Frostbite 2 engine එක නිසා.