Driving Licence eka dena welawa SMS ekakin

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    රියදුරු බලපත්‍රය නිකුත් කරන හරිම වෙලාව SMS ඔස්සේ දැනුම් දෙන්න යයි

    රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා SMS තාක්ෂණය උපයෝගි කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස් කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව අයදුම්කරුවන් හට SMS මාර්ගයෙන් දැනුම් දිමටයි එම වැඩපිලිවල යටතේ සැලසුම් කර ඇත්තේ.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර සඳහන් කලේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහය ඇතිව මෙම නව ක්‍රියාවලිය සති දෙකක කාලය තුලදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බවයි.

    " රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය යම් ඉල්ලුම්කරුවෙක් විසින් තමන්ගේ අයදුම්පත්‍රය භාර දුන්නාම අපේ නිලධාරීන් කියන්නේ පැය 02 කින් ආපසු පැමිණෙන්න කියලා. නමුත් ඇතැම් අවස්ථාවලදී එම කාලය ඉක්මවා යන නිසා මේ අලුත් ක්‍රමය හරහා අදාළ ඉල්ලුම්කරුගේ රියදුරු බලපත්‍රය සකස් කොට අවසන් වූවායින් පසුව ඒ ගැන SMS මාර්ගයෙන් ඔවුන්ට දැනුවත්වීම් කිරීමටයි සැලසුම් කර ඇත්තේ" මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබන වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) දිනයේදී නොදන්වා නිරීක්ෂණ චාරිකාවකට පැමිණියා. එහිදී එහි සිටි ජනතාව ජනාධිපතිවරයාට ප්‍රකාශ කලේ රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටළු හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි.

    ඒ අනුව ජනාධිපතිවරයා එහි සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට ප්‍රකාශ කලේ ජනතාවට ක්‍රමවත් රාජ්‍ය සේවයක් ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කොට ඉදිරි මාසයක කාලය තුලදී එය ක්‍රියාවට නංවන ලෙසයි.

    Neth news
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    ඔකේ කේස් එක 200-300ක් එක පාර ප්‍රින්ට් කරන එක. මොකද එක එක ගහනකොට කොස්ට් එක වෑඩියී. ප්‍රින්ට් කරන්නේ කොහොමත් මෙට්‍රොපොලිටන් එකෙන්. උන්ට එකකින් 1000ක් නම් ආණ්ඩුවට 200යී.(කොහොමද ප්‍රයිවට් ලාබේ. උන් ඉතින් ලොක්කනට ඈමතිලට ගෙවන්න එපෑ)
    ඔතන SMS එකෙන් ඔය 200-300යේ බට්ච් එකක් ප්‍රින්ට් උනා විනාඩි 20න් එන්න වගේ එකක් ඒයී.
    නමුත් මගේ මතයනම් සෑබෑ වෙනස විය යුත්තෙ ප්‍රින්ට් එකට එනකන්,මුල් පොලීම. එතනත් පෑය 2-3 ක් යනවා.මොකද දවසෙන් ගන්න එන එකා දවසම ඉන්නවා. ඔය ගෝටව රවට්ටන්න හදන්නේ ඔකෙ ඉන්න හොර ලොක්කො ටික

    ඔකෙන් වත් පටන්ගන්න එක හොදයී, නෑත්නම් මට JVP ලේබලෙක ඈලවෙනවා එලකිරියෙ:lol::lol::lol:
     
    Last edited:

    ඵහෙමත් ඵකක්ද😒😒..උඹ ජෙප්පෙක් නෙමෙයිනෙ..ෂුවර් නේ??😁😁😁
     
    Similar threads