Droid ෆෝන් එකට එන Notification, PC එකෙන් බලමුද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,029
    1
    15,808
    113
    Droid ෆෝන් එකට එන Notification, PC එකෙන් බලමුද?

    මේ ක්‍රමෙ ඇවිත් මරුම ක්‍රමයක්
    හැබැයි Android ජංගමයක් අනිවා ඕනෙ ඔන්න මොකක් හරි එකක් Android v1.6 ඉදන් උඩට දුවන

    හැමෝම ලඟ කොම්පුටර් එහෙම තියෙනෙ :D

    එහෙනම් වැඩෙ පටන් ගමු..

    මුලින්ම කියන්නම් මොක්කද මෙ Notification කියන්නෙ නම් දැනුම්දීමක් නෙ
    මොනවද අපෙ ෆෝන් එකට එනට notification?

    Notification.png


    *Call / SMS /
    තමයි ඉතිං ප්‍රධාන වශයෙන්ම එන්නෙ

    Android වලට නම් ඉතිං සැහෙන්න එව්වා තියෙ
    facebook/ Twitter / whats app/ viber
    මහ ගොඩක් ජාති ඇප් වලින් එන එක එක ජාතියෙ දැනුම්දීම් නැතිනම් Notification

    ඉතිං ඔය එන දැනුම්දීම් බලන්න නම් ෆෝන් එක ඔබ්බන්නම ඕනෙ කෝල් එකක් ආවත් ෆොන් එක අතට අරගෙනම තමයි බලන්න වෙන්නෙ කාගෙන්ද කියලා කෝල් එක..

    වැඩිපුර කොම්පුටර් එකත් ඉන්න අයට ඉතිං ෆෝන් එකයි පිසි එකයි දෙකම එකපාර බලන්න ගියාම වැඩෙ හබක් එක්කො පිසි එකෙ වැඩෙ කචල් නැතිනම් ෆෝන් එකෙ ආපු වැඩෙ කචල්

    කොහොමද ෆෝන් එකට එන දැනුම්දීම් (notification) අපි වැඩ කරන මැසිමෙන් බලන්න තියෙනම්
    පස්ට වටිනවා නෙ :D

    ඔන්න ඩ්‍රොයිඩ් කස්ටියට කොරන්න පුලුවන් එ වැඩෙ
    මෙන්න මෙ Software එක බාගන්නකො
    http://www.mediafire.com/?1m97l3k96e5q6se

    ඉන්ස්ටෝල් කරගන්න :) English තොරගෙන හොදෙ වැඩි දෙයක් නැ Click 2 තුනයි

    ඊට පස්සෙ PlayShop එකෙන් මේක බාගෙන install කරගන්න

    wifi බාවිතා කරලා කරනවා නම් මෙහෙම කරන්න
    ෆෝන් එකයි මැසින් එක එකම wifi network එකකට සම්බන්ද කරන්න
    (ලැපක නම් wifi hotspot හරි ඩෙස්ක්ටොප් නම් wifi router එකකින් හරි)

    මෙන්න මෙ වගෙ වින්ඩොව්ස් නොටිෆි එරියා එකෙ රයිට් කිලික් කරලා ගන්න

    2.jpg


    දැන් අර pc එකට ඉන්ස්ටෝල් කරපු සොෆ්ට් එකෙන් wifi කියන එක තෝරන්නකො
    මෙන්න මෙ වගෙ

    1.jpg


    Insert Phone IP කියන එක කොහොමද හොයා ගන්නෙ?

    හරි ඒක සිම්පල් අර Playshop එකෙන් ෆෝන් එකට දාගත්තු ඇප් එක ඔපෙන් කරලා බලන්න පහලම හරියෙ ඇති IP එක අන්න ඒක දෙන්න Insert Phone IP තැනට දැන් ඔබන්න OK බටන් එක

    wifi භාවිතයෙන් වැඩෙ හරි දැන් :D බලන්න කස්ටිය ටෙස්ට් කරලා මිස් කොල් එහෙම ගහලා :D



    USB cable එකෙන් කොහොමද කරන්නෙ අපිට wifi නැ නෙ

    * app එක phone memory එකෙ තිබිම අනිවාර්යයි

    හරි හරි එකටත් ක්‍රමයක් තියෙ :D අර තියෙන්නෙ උඩ ෆොටො එකෙ USB කියලා පොට් එකක් :D


    හැබැයින් Phone Drivers ඕනෙවෙනො (Internet එකෙන් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්)
    Windows 7 නම් auto ඩවුන්ලොඩ් කරගන්නවා
    නැතිනම් පොන් එක ගන්නකොට එන CD වල තියෙනවා :)
    අර PC suit වගෙ එක install කරාමත් Drivers ගන්නවා :D

    කොහොමද දැන් ඕක කරන්නෙ ?

    මුලින්ම කරන්න ඕනෙ USB Debugging වලට tick කරන එක

    ඉගුරුපාන් (Gingerbread) සදහා
    Settings > Applications > Development > check USB-Debugging

    අයිස් ක්‍රිම් සැන්විච් (Ice Cream Sandwich) සදහා
    Settings > Developer Option > check USB-Debugging

    දැන් කේබල් එක අරගෙන එහෙම ගහන්නකො ෆෝන් එකට දැන්
    මෙහෙන් තෝරන්න ඕනෙ USB

    4.jpg


    දැන් ඔබන්න OK
    මෙන්න මෙහෙම ඒවි වැඩ ඔක්කොම හරි නම්

    3.jpg


    හරිනෙ එහෙනම්

    එහෙනම් ටෙස්ට් කරලා බලන්න ඇ.

    මෙ ඇප් එක හදපු greenday123 කියන XDA සමාජිකයාට බොහොම ස්තූතියි



    ලිව්වෙ - ThoppiYa


    Code:
    Read more: http://toppiya.blogspot.com/2012/05/droid-notification-pc.html#ixzz1vyFzcT9j