Dropbox සමඟ තරඟයට එන MediaFire Desktop වෙතින් 50GB ඉඩක් නොමිලේ

prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    Dropbox සමඟ තරඟයට එන MediaFire Desktop වෙතින් 50GB ඉඩක් නොමිලේ

    පසුගිය දෑ අවුරුද්දක කාලය පුරාවට cloud storage සංකල්පය ඉතා ජනප්‍රිය මට්ටමකට පැමිණ තිබෙනවා. විවිධ මිළ ගණන් යටතේ විවිධ පහසුකම් වලින් යුත් Dropbox, Bitcasa, SkyDrive හා Google Drive වැනි ජනප්‍රිය ක්ලවුඩ් සේවාවන් ගණනාවක් අද අන්තර්ජාලයේ දකට ලැමෙනවා. ජනප්‍රියත්වය ගැන සිතන විට MediaFire නාමයත් අමතක කළ නොහැකියි. නමුත් මෙතැක් කලක් MediaFire භාවිතා වුණේ ඔන්ලයින් වෙබ් සේවාවක් හැටියට පමණයි. අනෙක් ක්ලවුඩ් ඒවා මෙන් Desktop ඇප් එකක් MediaFire වෙත තිබුණේ නැහැ. මේ ගැන අවධානය යොමු කළ ඔවුන් මේ වන විට Windows සහ Mac OSX සඳහා MediaFire Desktop නිකුත් කර තිබෙනවා.
    MediaFire Desktop ඇප් එක නිසා MediaFire සේවාවද අනෙක් ක්ලවුඩ් සේවාවන් හා කරට කර තරඟ වදින මට්ටමකට පැමිණ තිබෙනවා. අප හොඳින් හඳුනන DropBox සේවාව මෙන් ෆයිල් sync කිරීමේ, අප්ලෝඩ් හා ඩවුන්ලෝඩ් කිරීමේ, හුවමාරු කිරීමේ පහසුකම් මෙම ඇප් එකෙහිද අන්තර්ගතයි. විශේෂත්වය වන්නේ ඩ්‍රොප්බොක්ස් මෙන් නොව MediaFire විසින් ඔබට 50GB ඉඩක් සැපයීමයි. සරල අතුරුමුහුණතක් සහිත මෙම මෘදුකාංගය භාවිතා කිරීම ඉතාමත් පහසුයි. පහත සබැඳිය භාවිතයෙන් MediaFire Desktop ඇප් එක බාගත කළ හැකියි.


    CLICK HERE PICTURE



    ස්ථාපනය කළ පසු සිස්ටම් ට්‍රේ එකට මෘදුකාංගයට අදාල අයිකනයක් එකතු වෙනවා. එමගින් විවෘත කරගත හැකි මෘදුකාංගයේ ප්‍රධාන වින්ඩෝව මගින් ඔබ දැනට භාවිතා කර ඇති ඉඩ ප්‍රමාණය ස්අහ දැනට ඉතිරිව ඇති ඉඩ ප්‍රමාණය බලාගත හැකියි. එමෙන්ම සින්ක් විය යුත්තේ කුමන ෆෝල්ඩරද යන වගද මෙහිදී තෝරාගත හැකියි.

    MediaFire_Sync.jpg


    MediaFire Desktop හි ඇති තවත් වැදගත් අංගයක් නම් ශෙයා කිරීමට ඇති හැකියාවයි. සමාජ ජාල වෙබ් අඩවි වල උපරිම වාසිය ලබා ගැනීමට මීඩියාෆයර් විසින් උත්සාහ දරා තිබෙනවා. ඒ අනුව ඔබගේ ෆයිල්ස් Facebook, Twitter, Google+, Pinterest, සහ Blogger සේවාවන් වල පහසුවෙන් හුවමාරු කළ හැකියි. එලෙසම ෆයිල්ස් එම්බෙඩ් කිරීමේ පහසුකමද ඔවුන් සපයා තිබෙනවා.
    සිස්ටම් ට්‍රේ එකට එකතු වූ අයිකනය මත රයිට් ක්ලික් කිරීම මගින් ඔබට ලැබී ඇති මීඩියා ෆයර් notifications බලා ගැනීමට පුළුවන්. එනම් ඔබගේ ෆයිල්ස් ශෙයා වී ඇති අන්දම, දැනට ඉතිරි ඉඩ ප්‍රමාණය ආදී කාරණායි. එළෙසම ඔබගේ ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ක්ෂණිකව ලබාගෙන එය අප්ලෝඩ් කර ශෙයා කිරීමටද මෙමගින් හැකියාව ලැබෙනවා.


    MediaFire_Desktop_Notification.jpg


    මෙහි සමස්ථ ක්‍රියාකාරීත්වය ගත් කළ DropBox වැනි ක්ලවුඩ් සේවාවන්ට අතිශයින්ම සමානයි. ඔබගේ පරිගණකයේ සාඅදන MediaFire නම් ෆෝල්ඩරයේ ඇති ෆයිල්ස් ඔන්ලයින් සින්ක් වීම සිදු වෙනවා.

    MediaFire_Folder.jpg


    MediaFire වෙබ් අඩවියේ අතුරුමුහුණතද අලුත් කරන්නට ඔවුන් අමතක කර නැහැ. දැන් ෆයිල්ස් බාගත කිරීමට පෙර Video, Audio ඇතුළු ෆයිල් වර්ග 200කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කර බැලිය හැකියි.

    වැදගත් උනා නම් සලකලා යන්න අමතක කරන්න එපා හොදේ.......එහෙනම් මම කෙපුනා....

    REP,BUMP,COMMENT ADD HERE......
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට නේ... මම තාම cloud Service පාවිච්චි කරලා නැ.මේක Try කරල බලන්න ඕන..
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Dropbox දැනට පාවිච්චි කරන්නේ.
    මේකෙත් Dropbox system එකටමනම් වැඩ මරු.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    2a95sgz.png


    mage 65GB ma thiyenawa dan godak kaleka indan eth machan desktop witharak madi ban hari haman mobile app ekakuth gahanna ona. poddak balapan dropbox app wala hati :)