(dry eyes) වියළි ඇස් රෝගයට හේතුව පරිඝණකයයි!!!
පරිගණකයේ දිගු වේලාවක් රැදි සිටීම (dry eyes) වියළි ඇස් රෝගයට හේතුවක්
ඇසේ වියළි ස්වභාවයක් ඇතිවීම, ඇස කැසීම, ඇසේ දැවිල්ලක් ඇතිවීම, විශේෂයෙන්ම පරිගණකය දිගටම භාවිතා කරන අයට සවස් කාලයේදී ඇස දැවිල්ලක් ඇතිවීම. ටික වේලාවක් බලා සිටීමේදී බලන දේ අපැහැදිලි වීම ඇසේ පටලයක් බැඳී තිබීම, ඇසේ වියලි භාවය මේ සියල්ලම ‘Dry eyes’ රෝගයේ රෝග ලක්ෂණයි. ඇසේ වියලීම ‘dry eyes’ ඇතිවීමට හේතුව කුමක්ද ?
මෙයට හේතු කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන් පරිගණකය දිගටම භාවිතා කරන අයගේ ඇසේ ඇස් පිහාටු වැඩ කරන වාර ප්‍රමාණය අඩු වෙනවා. ඇස් පිහාටු වැසීම සහ විවෘත වීම (blink) එවිට ඇසේ කඳුළු ස්තරය දෑස පුරා නිසි ලෙස පැතිරෙන්නේ නැහැ. එවිට දෑස වියලීම සිදු වෙනවා.
එලෙසම වායුසමනය කරන ලද ස්ථානවල ජීවත්වන රැකියාව කරන අයට මේ තත්වය උදා වෙනවා.
තවත් හේතුවක් තමයි ආතරයිටීස් රෝගයෙන් පෙළෙන්නන්ට. මේ තත්වය ඇති වන්නට පුළුවන්. රුමටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට විශේෂයි.Sjogren Syndrome ඇති රෝගීන්ටත් මේ ‘dry eyes’ ඇති වන්නට පුළුවන් Sjogren Syndrome යනු සිරුරේ ඉබේම හටගන්නා වූ රෝගයක්.
මෙයත් සිරුරේ ආර්ධතාවය නිසා ඇති වන්නක්. මේ රෝගය නිසා දෑස සහ මුඛය වියලීමට පටන් ගන්නවා. එය ඇස් දෙකටත් බලපානවා.
ඒ සමගම වයසට යාමේදී සමස්තයක් ලෙස දෑස් වියලීමට පටන් ගන්නවා. අවුරුදු 40 – 50 ඉක්මවූ අයට මෙය බොහෝ විට දක්නට ලැබෙනවා. එයට හේතුව දෑසේ කඳුළු ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවී දෑස් වියලීමට පටන් ගැනීමයි.
සාමාන්‍ය පුද්ගලයකුට ‘dry eyes’ ඇති බව ඔහුටම දැන ගැනීමට හැකියාවක් තිබෙනවාද ?
ඔව් සමහර අක්ෂි රෝ්හල් වල තිබෙනවා නොම්බර දැමූ චාට් එකක්. එම චාට් එකේ ඇති නොම්බරම දිගටම ඇස් පිහාටු ගසමින් (blink) කර කියවාගෙන යා යුතුයි. දෙවන වාරයේදී මේ නොම්බර සංඛ්‍යාව ඇස් පිහාටු, නොගසා දිගටම කියවාගෙන යා යුතුයි. එවිට ඇතැම් සංඛ්‍යා කියවා ගෙන යාමේදී අකුරු අපැහැදිලි වනවා නම් ඇස් වියළි ‘dry eyes’ ඇතිවී ඇති බව අපට නිමනයකට පැමිණිය හැකියි.
නමුත් ඒ බව ස්ථිරව දැන ගැනීම සඳහා අක්ෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂා කර ගත යුතුයි. ඇස වියලීම යනු ඇසේ තිබිය යුතු කඳුළු ප්‍රමාණය අවම වීමයි. ඇස් සඳහා කරන පරීක්ෂණ මගින් පරීක්ෂා කළ පසු ඇසේ වියලීමට හේතුව ඇසේ තිබෙන කඳුළු ප්‍රමාණය ස්ථිර වශයෙන්ම දැනගත හැකියි.
පරිගණකයේ දිගු වේලාවක් රැඳී සිටීමෙන් වියලි ඇස් ‘dry eyes’ තත්වයක් උදා වන්නට පුළුවන්ද ? ඔව්. මෙය හඳුන්වන්නේ Computer vision Syndrome ලෙසයි. පරිගණක භාවිතාවෙන් ඇතිවන ඇස්වල රෝගි තත්වයන් ලෙස මෙය හඳුන්වනවා. මෙය ඇස් වියලීමකට දැඩි ලෙස බලපෑමක් ඇති කරන්නට පුළුවන්.
පරිගණක තෝරා ගැනීමේ දී Computer filters යෙදූ පරිගණකයක් පාවිච්චි කළ යුතුම ද ? LCD Monitor (තිරයක්) තිබේ නම් Computer filters අවශ්‍ය වන්නේ නැහැ. පරණ කාලේ Monitor (තිරයක්) පාවිච්චි කරන්නේනම් ඇස් කණ්ණාඩියට Computer filters යොදා ගත හැකියි. එසේත් නැතිනම් (U.T.M.C) Multicoater lense යෙදු කණ්ණාඩි පාවිච්චි කළ හැකියි.

Last edited: