මට්ටක්කුලියෙ Ceylon Oxygen එකෙන් තමා ගන්න පුලුවන්. වෙන කොහෙවත් නෑ මම දන්න තරමින්. නුවර වෙඩින් වලටත් ගේන්නෙ මට්ටක්කුලියෙන්. මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකකට අපි ගෙනියන්න ගියා ඒත් වැඩේ අවුල් වුනා මොකද හරියට ටයිම් කරලා බඩු ගෙනියන්න ඕනෙ. Dry Ice කියන්නෙ සාමාන්‍ය අයිස් වගේ නෙවෙයි Compressed CO2. කොලඹින් කිලෝ 4ක් ගත්තොත් හොඳට පැකිං කරලත් නුවරට එද්දි පැය 4ක් යනකොට කිලෝ 2ක් විතර තමා ඉතුරු වෙන්නෙ. ඒක නිසා ඕනෙ ගාන වගේ දෙගුනයක් ගන්න ඕනෙ. ඊට වැඩි වුනත් අවුලක් නෑ. Ceylon Oxygen එකෙන් පැකිං කරලා දෙනවා. කිලෝ එකක් 750ක්ද කොහෙද හරියටම ෂුවර් නෑ. කෝල් කරලා අහගන්න පුලුවන්.
කවුරු හරි ගිහිං ගේනවනං ඒ විදියට කරන්න. නැත්තං පොරක් ඉන්නවා Ceylon Oxygen එක ලඟම මිනිහා ගෙනැත් දෙනවා. අපි යාලුවගෙ වෙඩින් එකට ගෙන්නගත්තා උට කියලා 4000ක්ද කොහෙද ගත්තා Transport වලටයි Dry Ice වලටයි.
අපේ අක්කගෙ වෙඩින් එකත් තිබ්බා ගිය අගෝස්තු. ඒකට Dry Ice ගෙනාවෙත් Ceylon Oxygen එකෙන්ම තමා. ඒත් අපි වැඩේට සම්බන්ධ වුනේ නෑ වැඩ වැඩි නිසා. Flower Decorations කරපු කට්ටියමයි Dry Ice ගෙන්නලා තිබ්බෙත්. 7000ක්ද කොහෙද ගත්තා Dry Ice වලට.