DS 4079 සහතිකය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Gota-still-US-Citizen.jpg



ගෝටාබය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් බවත් අහම්බයකින් ‌හෝ 16 දා ඔහු ජයගතහොත් ඇමරිකානු පුරවැසියෙකු ලංකාවේ ජනාධිපතිවනවා පමණක් ‌නොව මැ‌ලේනියා ට්‍රම්ප්ට අමතරව ‌ලෝකයට තවත් ඇමරිකානු ජනාධිපති ආර්යාවක් ලැබෙන බවත් එබැවින් ජනාධිපතිවරණයට ‌පෙර තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරී‌මේ සහතිකයත් එය අනුමත ‌කෙරෙන ඇමරිකානු භාණ්ඩාගාරය විසින් නිකුත් කරන DS 4079 සහතිකයත් රටේ ජනතාවට ‌පෙන්වන ‌ලෙස තමන් ‌ගෝටාභයට අභියෝග කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මංගල ‌ගේ ඉංගිරිසි නිවේදනයේ දළ සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

"මේ මොහොතේ සියලුම ශ්‍රී ලාංකිකයින් සැලකිලිමත් විය යුතු දේ MCC ගිවිසුම නොව, ලබන සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක් ප්‍රධාන අපේක්ෂකයෙකු තවමත් ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අත් හැර නැති අතර ඔහුගේ බිරිඳ සහ පුතා දිගටම ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ පුරවැසියන් ‌ලෙස සිටීමයි

ඇමරිකා එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියෙකු ඇමරිකානු පුරවැසිභාවය නිසි ‌ලෙස අත්හැරියේ නම්, එක්සත් ජනපද “ජාතිකත්වය අහිමිවීමේ සහතිකය” (Certificate of Loss of Nationality) සමග ඇමරිකානු භාණ්ඩාගාරය විසින් එය අනුමත කරමින් නිකුත් කරන DS 4079 සහතිකය ඔහු සතුව තිබිය යුතුමය.

2019 පළමු මාස හය තුළ 1090 ක් පමණ ‌දෙනා ඔවුන්ගේ එක්සත් ජනපද පුරවැසිභාවය අතහැර දැමූ අය ‌ලෙස නිල වශයෙන් වාර්තා කර ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවි 94 න් එකකටවත් ඉහත කී අනුමත DS 4079 සහතිකයක් ‌ගෝටාබය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර නැත.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ‌ගෝඨාභය විසින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ලිපි ‌ගොනුවක් ඉදිරිපත් කළ බව පැහැදිලිය. එමෙන්ම සාමාන්‍යයෙන් එකී පුරවැසි භාවය ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය සඳහා එක්සත් ජනපද භාණ්ඩාගාරය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මාස 16 සිට 24 දක්වා කාලයක් ගන්නා බවද පැහැදිලිය.

වත්කම් සහ ආදායම ප්‍රමාණයෙන් වැඩි අයගේ බදුකරණ ක්‍රියාවලිය දීර්ඝ කාලයක් ගන්නා එකකි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පුරවැසිභාවය අත් හැරීම පිළිබඳ අනුමැතියෙන් පසුව වුවද එක්සත් ජනපද භාණ්ඩාගාරය DS 4079 සහතිකය නිකුත් කිරීම සඳහා තවත් 6 සිට 9 දක්වා කාලයක් ගනු ඇත.

මේ අනුව අද ලංකාවේ ජනාධිපතිවරණය සඳහා තරඟ කරන ‌ගෝටාබය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් බව ස්ථිර වශයෙන්ම පැහැදිලි ය.

මේ නිසා අහම්බයක් ‌ලෙසින් වුව 16 ‌වෙනිදා ‌ගෝටාබය රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් ඇමරිකානු පුරවැසියෙක් ලංකාවේ ජනාධිපතිවනවා පමණක් ‌නොව ඇමරිකානු ජනාධිපති ආර්යා මැ‌ලේනියා ට්‍රම්ප් ‌සේ ‌ලෝකයට තවත් ඇමරිකානු ජනාධිපති ආර්යාවක් ලැබෙනවා ඇත.

මේ අනුව ලබන සති‌යේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්දයට ‌පෙර තමාගේ ඇමරිකානු 'ජාතිකත්වය අහිමිවීමේ සහතිකය' සමග එය සම්පූර්ණ ‌කරමින් භාණ්ඩාගාරයෙන් නිකුත් කරන DS 4079 සහතිකය ඉදිරිපත් කර තමා ඇමරිකානු පුරවැසියෙක් ‌නොවේ යයි ඔප්පු කරන ‌ලෙස මම ‌ගෝටාබය රාජපක්ෂට අභියෝග කරමි."

මංගල සමරවීර
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යූ එස් මේ පාර ගහන්නේ අමුතු ගේමක් වගේ. උන්ටත් ඕනේ මූව..:angry::angry:

    එහෙමනම් ඉතින් ගෝඨ එන එක වලක්වන්න බෑ පුතේ.
    Land of the free.. home of the brave. USA USA USA USA
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    එහෙමනම් ඉතින් ගෝඨ එන එක වලක්වන්න බෑ පුතේ.
    Land of the free.. home of the brave. USA USA USA USA

    මහත්තයෝ යුක්‍රේන් සීන් එක නිසා අද ට්‍රම්ප්කාරයාගේ බෙල්ලත් නැතිවෙන්න යන්නේ. ඒ මේ ත්‍රස්ත්වාදීන්ට චන්දෙ වර්ජනය කරවාගන්න සල්ලි දීලා වගේ පාදඩ වැඩක් කරලා නෙවෙයි, බයිඩන් ගැන හොයනකන් ඇමරිකන් ආදාර ප්‍රමාද කරලා... ඇමරිකන් කන්ස්ටිටුශන් එකට උඩින් යන්න කාටවත් බෑ. ඇමරිකාව ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලිකයට කෙලින්ම හොට දාලත් නෑ. වක්‍රව කරලා එලියට ආවෝත් ගෝටාගේ බෙල්ලත් ඉවරයි... එහෙමද මන්දා.. අපේ මිනිස්සු හිතන විදිය හරී වෙනස් නේ. නීතිය බල්ලට නේ තමන්ගේ එකා දිනනවා නං.:lol::lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහත්තයෝ යුක්‍රේන් සීන් එක නිසා අද ට්‍රම්ප්කාරයාගේ බෙල්ලත් නැතිවෙන්න යන්නේ. ඒ මේ ත්‍රස්ත්වාදීන්ට චන්දෙ වර්ජනය කරවාගන්න සල්ලි දීලා වගේ පාදඩ වැඩක් කරලා නෙවෙයි, බයිඩන් ගැන හොයනකන් ඇමරිකන් ආදාර ප්‍රමාද කරලා... ඇමරිකන් කන්ස්ටිටුශන් එකට උඩින් යන්න කාටවත් බෑ. ඇමරිකාව ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලිකයට කෙලින්ම හොට දාලත් නෑ. වක්‍රව කරලා එලියට ආවෝත් ගෝටාගේ බෙල්ලත් ඉවරයි... එහෙමද මන්දා.. අපේ මිනිස්සු හිතන විදිය හරී වෙනස් නේ. නීතිය බල්ලට නේ තමන්ගේ එකා දිනනවා නං.:lol::lol:

    Don't watch CNN bitch. Watch Fox news.