Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කාලෙකට කලින් කැමරාවක් කියන්නෙ දුලබ දෙයක්. ඊටපස්සෙ හැම ගෙදරකම වගේ පොඩි කැමරාවක් තියෙන තත්ත්වයක් උදා වුනා. ඊටපස්සෙ ඒක ඩිජිටල් මට්ටමට උඩගියා. ඊටපස්සෙ අතරින්පතර කෙනෙක් ගාව ඩීඑස්එල්ආර් කැමරාවක් තියනව දකින්න ලැබුනා. ඒ පොර යන යන තැනට පොර නැතත් කැමරාව යනව තරං විශේෂ සිද්ධියක් බවට ඒක පත්වුනා. ඒත් තවත් අවුරුදු දෙකක් විතර යනකොට ඒ කියන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින් දහ දෙනෙකුගෙ සෙට් එකක ඩීඑස්එල්ආර් කැමරා හයක්වත් තියෙන තත්ත්වයක් හැදුනා. නම අග්ගිස්සට ෆොටෝග්‍රැෆි කියලා කෑල්ලක් තිබුනට හැම කෙනාටම පින්තූර ගන්න වගේම හරි විදියට ඒවා ඉදිරිපත් කරන්න බැහැ. ඒත් ගෙදර කැමරාවක් තියෙනවානම් මේ සිම්පල් පොයින්ට්ස් ටික දැනගෙන ඉන්න එක ලස්සන වගේම තාක්ෂණික වශයෙනුත් නිවැරදි පින්තූරයක් ගන්න උදවු වේවි. වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කියලා හිතාගෙන ගෙදර මිදුලෙ ඉන්න හකරැල්ලොන්ගෙ ෆොටෝ ගහන අයියල මේව කියෙවුවනං හොඳයි.

    මේ ටිප්ස් ටික දෙන්නෙ ස්ටීව් මැක්වරි. ලෝකප්‍රසිද්ධ ෆොටෝකාරයෙක්. ඒ වගේම පොර තමයි සුප්‍රකට ඇෆ්ගන් ගර්ල්ගෙ පින්තූරෙ ගහපු නැෂනල් ජෝග්ග්‍රොෆික් බුවා.



    1. The rule of thirds

    The-rule-of-thirds-01.jpg


    ෆොටෝ එක ඇතුළෙ ඇහැට හරියන විදියට පොඩි සබ් ෆ්‍රේම් ටිකක් ගහගෙන ඇහැට අනුව මේ ෆ්‍රේම් හැදෙන ඉරි එකිනෙකට කැපෙන විදියට ෆොටෝ එකේ වැදගත්ම ඔබ්ජෙක්ට්ස් ටික ප්ලේස් වෙන විදියට ෆොටෝ එක ගන්න. මේකෙන් ෆොටෝ ඇතුළෙ බැලන්ස් එකක් හැදෙනව. ඒක පොළොවට සාපේක්ෂව සිද්ධ වෙන බැලන්ස් එකක් නිසා ඔබේ පින්තූරෙ සිරස් අතට තියෙන වස්තූන් ඒ සමග ගැලපීම පින්තූරයේ පෙණුම ඉතා ඉහළ නංවනවා.



    2. Leading lines


    The-rule-of-thirds-02.jpg

    ෆොටෝ එක ඇතුළෙ කැපිලා පෙනන ඉරි, බලන මනුස්සයාගෙ අවධානය ගන්න විදියට යොදාගන්න. ඒ කැපී පෙනෙන ඉරි බොහෝ වස්තූන් නිසා ස්වාභාවිකවම හැදෙන ඉරි හේතු කොට ගෙන, ඔබේ ඡායාරූපය තුළම වෙනත් රටාවක් සෑදිය හැකියි. එය ස්වාභාවික නිසා නරඹන්නාගේ ඇස එය හා ගැටීම කිසිසේත්ම ගිලිහෙන්නේ නෑ. එය නරඹන්නා ඡායාරූපය සමග එන්ගේජ් කරගන්න හොඳ ටිප් එකක්.



    3. Diagonal lines


    The-rule-of-thirds-03.jpg

    ෆොටෝ එකක තියෙන නැචුරල් ඉරි එකිනෙකට මුණගැහෙන තැන් ගැන පොඩ්ඩක් හිතන්න. මේ කියන්නෙ විකර්ණ ගැන. ඡායාරූපයේ තියෙන එක් එක් වස්තූන්ගේ මුළු, ඡායාරූපයේ එක් තැනකදී මුණගැහෙනවානම් ඒ තැන ඡායාරූපයේ ඔබේ වැදගත්ම වස්තුව ඇති තැනකට ගෙනෙන්ට උත්සාහ කරන්න. එය ප්‍රධාන වස්තුවට නරඹන්නා දක්වන අවධානය වැඩි කරාවි.



    4. ෆ්‍රේම්

    The-rule-of-thirds-04.jpg

    නැචුරල්ව ෆොටෝ එකේ මේන් ඔබ්ජෙක්ට් එකට හැදෙන ෆ්‍රේම් මිස් කරගන්න එපා. ඒ ෆ්‍රේම් නිසා ඔබේ ඡායාරූපය තුළ යම් සෙවීමක් කරන්නට මිනිසුන් ඉබේම පෙළඹෙනවා. එසේම එයින් රාමුවක් තුළ රාමුවක් සෑදීම නිසා වෙනස් හැඩයක් ඇති කරන්නටද සමත් විය හැකියි.



    5. Figures vs. background‍


    The-rule-of-thirds-05.jpg

    ෆොටෝ එකේ අවධානය යා යුතු දේ සහ බැක්ග්‍රවුන්ඩ් එක අතර පැහැදිලි වෙනසක් ඇති කරවන්න. මේ දේ නිසා අවධානය යා යුතු තැනට තිබිය යුතු අවධානය වැඩිවෙනවා. ඒ වගේම අපැහැදිලි එහෙත් කුමක් හෝ ඇති වටපිටාවක් ඉදිරියෙන් යමක් පෙනෙද්දී ඒ අදාළ පින්තූරයට අවධානය යොමුවීම ඉහළ මට්ටමක පවතින බව කිව හැකියි.



    6. Fill the frame


    The-rule-of-thirds-06.jpg

    මේක හැම ෆොටෝ එකකදිම අදාළ නොවුනත් ගොඩක් වෙලාවට පෝට්‍රේට් නොහොත් ආලේඛ්‍ය රූපයක් ගන්න වෙලාවට වැදගත් වෙනවා. ඒ තමයි තමුන් පාවිච්චි කරන ඔබ්ජෙක්ට් එකෙන් මුළු ෆ්‍රේම් එකම පුරවන එක. ඒකෙන් පළමු දේ විදියට ඒක ආලේඛ්‍ය ඡායාරූපයක් බවට ඒත්තු ගැන්වෙනවා. දෙවනුව ඒ නිසා සේයාරුවේ වඩා ඩීටේල්ට් වීව් එකක් ප්‍රේක්ෂකයාට ලැබෙනවා. එය ආලේඛ්‍ය සේයාරුවක අනිවාර්ය අංගයක්.



    7. Dominant eyes


    The-rule-of-thirds-07.jpg

    පෝට්‍රේට් ෆොටෝ එකක් ගන්න කොට ඒ අදාල පුද්ගලයගෙ දකුණු හෝ වම් ඇහැ ෆොටෝ එකේ මැද්දට ගන්න. ඒක පෝස්ට් ප්‍රඩක්ෂන් එකේදි කරන්න පුළුවන් වැඩක්. ඒකෙන් හැම තිස්සෙම අදාල වස්තුව නරඹන්න දිහා බලාගෙන ඉන්නව වගේ හැඟීමක් ඇතිවෙනවා.



    8. Patterns and repetition


    The-rule-of-thirds-08.jpg

    ෆොටෝ එකක හැඩතල තියෙනවානම් හොඳයි වගේම ඒවා ලස්සනටත් පෙනේවි. ඒත් හොඳ හැඩතල තියෙන ෆොටෝ එකක හැඩතලවලට බාධා වුනාමත් ඒ ෆොටෝ එක ලස්සනට පෙනේවි. උදාහරණයකට විශාල කණ්ඩායමක් ඉදිරිපසට හැරී සිටින පින්තූරයක පසුපසට හැරුනු පුද්ගලයෙකු දැක්විය හැකියි. එක් පෙලට ඉදිරිපසට හරී සිටින පිරිස විසින් මවන හැඩතළ එක් අයෙකු නිසා බිඳී යාමම එම පින්තූරයට වැඩි අගයක් එකතු කරනවා.



    9. Symmetry


    The-rule-of-thirds-09.jpg

    ඇහැට ඇහැ බලං ඉන්නව වගේ දැනෙන්නෙ නැතත්, පෝට්‍රේට් පින්තූරෙක නහය මැද්දෙන්ම ෆොටෝ එකේ මැද්දත් සෙට් වෙනවානම් පොඩි ලස්සනක් තියෙනවා. මේකෙන් ෆොටෝ එක සමබර වෙනවා වගේම, ලස්සනකුත් එකතු වෙනවා.
    Source:aniwa.lk
     
    Last edited: