Dubai Visit Visa-Important

mj_shiyaz

Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    ලංකාවේ සිට Visit Visa එකක් රැගෙන එක්සත් අරාබි එමීරයට පැමිණෙන බොහෝ දෙනෙකු රක්ෂණයක් (Travel Insurance ) රැගෙන පැමිනෙන්නේ නැත.

    ඩිරාම් 100 ( approximately SL. Rs. 5000/-) කටත් වඩා ඉතා අඩුමුදලකට මිලදී ගත හැකි වුවද Travel Insurance එකක් ලබා නොගන්නේ එයින් ලැබෙන ප්‍රතිලාභ පිලිබදව ඇති නොදැනුවත් කම නිසාද එසේත් නැතිනම් එතරම් මුදලක් හෝ වියදම් කිරීමට ඇති අපහසුව නිසාදැයි නොදනිමි.

    තම දු පුතුන්ගේ හෝ යාලු මිත්‍රාදීන්ගේ ආරාධනාව පිලිගෙන ඩුබායිහි නිවාඩුවක් ගතකිරීමේ අරමුනෙන් මෙසේ පැමිනෙන අයද, රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙහි පැමිනෙන අයද මේ අතර සිටී.

    මෙහි පැමිනි පසුව හදිසියේ අසනීප වුවොත් ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඉතා අධික මුදලක් වියදම් කිරීමට සිදුවන බව ඔවුන් බොහෝ දෙනෙකු නොදන්නා කරුනකි. නිසි වේලාවට ප්‍රතිකාර නොගතහොත් බොහෝ වෙලාවට ජීවිත අනතුරකටවුවද මුහුන දීමට සිදුවිය හැක. සමහර අසනීප තත්වයන්ට මුහුනදීමට සිදුවුවිට නැවත ඉක්මනින් ලංකාවට යාමටද නොහැකිවන්නේ සමහර රෝගී තත්වයේ සිටින රෝගීන්ව ගුවන්තොටුපලේදී නැවත හරවා යවන බැවින්ද එසේත් නැතිනම් Medical Escort කෙනෙකු සමග ගමන් කිරීම ගුවන්සමාගම් අනිවාර්ය කරන නිසාත්ය.

    පසුගිය දින කිහිපයේදී විසිට් විසා රැගෙන මෙහි පැමින හදිසියේ අසනීපව ප්‍රථිකාර ගැනීම සදහා උදව් උපකාර ඉල්ලා " සහන " වෙත ඉල්ලීම් රැසක් ලැබුන අතර ඉතා සීමිත අරමුදලක් පමනක් ඇති බැවින් ඔවුන් සියලුදෙනාටම මුදලින් උපකාර කිරීමට " සහන " අපටද අපහසු කරුනකි.

    එබැවින් ඔබත් ඔබගේ පියා, මව, සොහොයුරු සොහොයුරියන්, දුව හෝ පුතා විසිට් වීසා මගින් ඉතා කෙටි සංචාරයකට හෝ ඩුබායිවලට ගෙන ඒමට අදහස් කරන්නේ නම් Travel Insurance එකක් ලබා ගැනීමට අමතක නොකරන්න. එසේ නොවුනහොත් හදිසි අසනීප තත්වයකට මුහුන දීමට සිදුවුවහොත් ප්‍රතිකාර ගැනීම සදහා ඉතා අධික මුදලක් වියදම් කිරීමට ඔබට සිදුවනු ඇත.

    PLEASE REMEMBER TO PURCHASE A TRAVEL INSURANCE WHEN COME TO UAE ON A VISIT VISA.
    DON"T REGRET LATER.

    it cost less than SL. RS. 5000/- (approximately US $ 27/-) only.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Not only to Dubai, anywhere you travel take a travel insurance. Most of the times it's unused, but if something unexpected happens you will be covered.:yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    පෝරිසාදයා;24841767 said:
    I'll be vsiting Dubai soon,
    What are the recommended travel insurance companies here in SL?

    Janashakthi used to have a good one. Probably underwritten by Allianz now.