ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබූ ජනතාව සමග සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවන බවත්, පාතාල ලෝකය සමග කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයෙකු බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
අති විශාල ජනතා ඡන්දයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ දුමින්ද සිල්වා මහතා ජනතාව සමග නිරන්තරයෙන් සිටි නායකයෙකු බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි.
ජාතික පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ආරක්ෂක ලේකම්වරයා, කොළඹ දිස්ත්‍රික්කයේ පැල්පත් වෙනුවට නව නිවාස ඉදිකිරීම සහ කොළඹ නගරය අලංකෘත කිරීම උදෙසා තමාගේ ප්‍රමුඛතම අවධානය යොමු වූ බව සදහන් කරයි.
මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විශාල බහුතර ඡන්දයකින් ජනතාව තෝරා පත් කර ගත්, ඔවුන් සමග ඍජුවම කටයුතු කළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට විශිෂ්ඨ සේවාවක් සැලසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බැවින් කොළඹ සංවර්ධනය උදෙසා ඔහුගේ සහාය ලබා ගැනීමට තමා යොමු වූ බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත.
තවද, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ජනතාව සමග උරෙනුර ගැටෙමින් ඔවුන්ගේ දුෂ්කරතා පිළිබඳ සොයා බැලූ නායකයෙකු බව ආරක්ෂක ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇත.
මේ හේතුවෙන් දුමින්ද සිල්වා මහතාට සහාය දක්වන ප්‍රබල ආධාරකරුවන් දස දහස් සංඛ්‍යාත පිරිසක් සිටින බවද හෙතෙම සදහන් කරයි. .
මෙසේ ජනතාව විසින් පත් කර ගත් ජනතා නියෝජිතයෙකු සමග තමාට කටයුතු කළ නොහැකි නම් ප්රජාතන්ත්රවාදී ක්රමයේ යම් වරදක් පවතින බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.
එමෙන්ම මේ වනවිට පටු දේශපාලන අරමුණු සහිත දුර්වල පුද්ගලයන් විසින් සත්‍යය සැගවීම සඳහා අභූත චෝදනා නගමින් විවිධ කතා ගොතමින් මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි.
http://www.srilankamirror.com/sinha...otabaya&catid=1:2010-11-08-15-13-52&Itemid=50