Dunna Thaththi Duwanna...

Jan 2, 2010
196
10
0
ෆොන්සේකාගේ කතා විලාසය ගැන එජාපයේ හා ජවිපෙ විරෝධය

රටේ රාජ්‍ය නායකයා වීමට තරඟකරන පුද්ගලයෙකුට නොගැලපෙන ආකාරයට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සරත් ෆොන්සේකා පසුගියදා කළ ප්‍රකාශයට ‍එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයින්ගේ අප්‍රසාදය පල වී ඇතැයි වාර්තා වේ.



එජාපයේ නායක රනිල් වික්‍රමසිං‍හ ඇතුලු ගාමීණි ජයවික්‍රම සහ මලික් සමරවික්‍රම වැනි එජාපයේ ප්‍රබලයන් සරත් ෆොන්සේකාට පවසා ඇත්තේ මාධ්‍යන් වෙත අදහස් දැක්වීමේදී මීට වඩා වැදගත් ආකාරයෙන් අදහස් දක්වන ලෙසයි. මලික් සමරවික්‍රම මාධ්‍ය භාවිතය පිළිබඳව සරත් ෆොන්සේකාට පැහැදිලි කිරීමක් කර ඇති අතර එහිදී කේන්ති ගොස් ඇති සරත් ‍ෆොන්සේකා “ඔය පැහැදිලි කිරීම මට නෙමෙයි ඔයාගෙ නායකයාට කියන්න” ලෙස මලික් සමරවික්‍රමට පවසා ඇති බවද අප වෙත වාර්තා වේ.



මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයන් රැසක්ද සරත් ෆොන්සේකාගේ කතා විලාසය පිළිබදව ඔහුට අප්‍රසාදය පල කර ඇති බවද දැන ගන්නට ලැබේ. ඡන්ද සටනේ අවසන් සති දෙකතුල අවාසි සහගත ප්‍රකාශ සිදුනොකරන ලෙසත් එසේ උවහොත් පරාජමට පත් වීම නියත බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සරත් ෆොන්සේකාට පවසා ඇතිබව තව දුරටත් අප වෙත වාර්තා වේ.
 

pissaoya

Member
Jun 8, 2008
75
1
0
mevath balannako..jenaralge vada

[mevath balannako..jenaralge vada
 

Attachments

  • vv1.jpg
    vv1.jpg
    91.8 KB · Views: 41

Similar threads