DXB හතරවන වරටත් අංක එකට

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    DXB හතරවන වරටත් අංක එකට

    හතරවන වරටත් අංක එකට

    image_9f3e8d0d02.jpg

    ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපල හතර වන වතාවටත් ලෝකයේ වැඩිම ගුවන්මඟින් සංඛ්‍යාවක් පැමිණි ගුවන්තොටුපල ලෙස ප්‍රථම ස්ථානයට දිනාගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
    මාසයකට අවම වශයෙන් ගුවන් මඟින් මිලියන7.35ක් පැමිණෙන අතර 2017 ජනවාරි, ජුලි සහ අගෝස්තු යන මාසයන් වල මිලියන 8.0 ඉක්මවා ගොස් ඇති බව දත්ත අනුව පැහැදිලි වේ.
    2016 වර්ෂය හා සංසන්දනය කරන විට 2017 වර්ෂයේදි ගුවන් මඟින්ගේ පැමිණීම 5.5%කින් වර්ධනය වි ඇති අතර පැමිණි සමස්ත ගුවන් මඟින් සංඛ්‍යාව මිලියන 88.2 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
    ගුවන් මඟින් 7,706,351ක් 2016 දෙසැම්බර් මාසයේදි පැමිණ ඇති අතර 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේදි ගුවන් මඟීන් 7,854,657ක් පැමිණ ඇත. 2016 දෙසැම්බර් මාසයට වඩා 1.9% වර්ධනයකි.
    ජානක ප්‍රියදර්ශන ජයතිලක
    (ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ලගදිම මත්තලත් ඔය තත්වෙයට ගන්නවා අපෙ අප්පච්චි බලහංකො