/̵͇̿̿/’̿’̿ ̿ ̿̿ ̿̿ ̿̿ ගණේමුල්ලේ සංජීවගේ පැටිකිරිය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,300
    21,892
    113
    c2LwEL1.jpg

    --
    රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ගණේමුල්ල සංජීවට 2021 දෙසැම්බර් 09 වැනිදා ගම්පහ මහාධිකරණයෙන් ඇප ලබාදුන්නේය. ඇප ලබාගත් පසු ඔහු තීරණය කළේ මෙරටින් පැන ගැනීමටයි. ඒ සඳහා සංජීවට උදව් කළේ ඩුබායිහි සිටින ප්‍රසාද් නමැත්තෙකි. ඔහු සංජීවගේ ගෝලයෙකි.

    පාස්පෝට් කල්ලිය

    ඩුබායි සිටින ප්‍රසාද් බුහාරි ජවුෆර් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට රුපියල් ලක්‍ෂ 20ක මුදලක් ලබාදී ගණේමුල්ල සංජීවට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසා දුන්නේය. එම බලපත්‍රය සැකසුනේ සේනාධීරගේ කරුණාවතී නමින් වූ කාන්තාවකට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් දෙවැනි පිටුව ඉවත් කර සේනාධීරගේ කරුණාරත්න නමින්ය. වැල්ලම්පිටියේ පදිංචි මොහොමඩ් රින්සාෆ් නමැත්තෙකු ඔහුගේ නිවසේදී පරිගණකයක් යොදාගෙන මෙම ගුවන් ගමන් බලපත්‍රයේ දෙවැනි පිටුව එලෙස වෙනස් කර තිබිණි.

    2021 දෙසැම්බර් 09 වැනිදා ඇප ලබාගත් ගණේමුල්ල සංජීව එදිනම මන්නාරමට ගොස් බෝට්ටුවකින් ඉන්දියාව බලා ගොස් තිබිණි. එලෙස ඉන්දියාවේ දින කිහිපයක් ගත කළ ඔහු පසුව නේපාලයට ගොස් තිබිණි.

    නේපාලයේ කත්මණ්ඩුවලදී ගණේමුල්ල සංජීවට ඔහුගේ ඡායාරූපය භාවිතා කරමින් සැකසූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය ලැබුණි. එය කත්මණ්ඩු වෙත ගෙනත් තිබුණේ ජවුෆර් නමැත්තාය. ජවුෆර් යනු ගණේමුල්ල සංජීවට එම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සැකසූ තැනැත්තායි.

    එලෙස ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය ලබාගෙන දින කිහිපයකට පසු ගණේමුල්ල සංජීව කටාර් වෙත ගොස් තිබිණි. එලෙස විදෙස්ගතවූ පසු ගණේමුල්ල සංජීව තම ගෝලබාලයන් යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් ජයටම සිදුකරගෙන ගියේය. එයට අමතරව කරන්දෙණිය සුද්දා, කරන්දෙණිය රාජු, බුස්සේ ජම්බා, දිප්පිටිගොඩ ලහිරු, පැට්ටා මංජු, ලොකු ලහිරු, ආමි අසංක, හීනටියන සංක ඇතුළු දහඅට දෙනකුට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසා දී තිබුණේ ද ගණේමුල්ල සංජීව විසිනි. ඔවුන් සියලු දෙනා එම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කරමින් ඉන්දියාව සහ ඩුබායි රටවල්වලට පලාගොස් තිබිණි.

    තවද ගණේමුල්ල සංජීවට රට පැන ගැනීමට යොදාගත් ගුවන් ගමන් බලපත්‍රය හිමි කාන්තාව ඕමානය බලා යෑමට රැකියා ඒජන්සියකට එය ලබාදුන් පසුව වයස වැඩි හේතුව මත ඇයගේ එම ගුවන් ගමන වැළකී තිබිණි. එහෙත් ඒජන්සියේ හිමිකරු එම ගුවන් ගමන් බලපත්‍රය නැවත එම කාන්තාවට ලබාදුන්නේ නැත. ඉන්පසු ඇය තම ගුවන් ගමන් බලපත්‍රය නැතිවූ බව පවසා ආගරපතන පොලිසියේ පැමිණිල්ලක් ද දමා තිබිණි.

    ගණේමුල්ල සංජීවගේ අනුදැනුම යටතේ සිදුකළ මිනී මැරුම් 16ක තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර සිදුකළ ඝාතන 9ක ආයුධ ද සොයා ගැනීමට හැකි වී තිබේ.
    මීට සති කිහිපයකට පෙර මෙරට මාධ්‍ය මහා උත්කර්ෂයෙන් වාර්තා කළේ “ගනේමුල්ලේ සංජීව” සහ ඔහුගේ හිතවත් තවත් පාතාල සගයෙක් වූ “ගොත අසංක” සමග නේපාල ඉන්දියා මායිම අසල දී අත්අඩංගුවට ගත් බවය. ඒ ආරංචියෙන් වඩාත්ම පිනා ගියේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයන්ය. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහුගේ ප්‍රතිවාදීන් පසුගිය අගෝස්තු 25 වැනිදා අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි “ගනේමුල්ල සංජීවගේ” මාකිලංගමුව නිවසට වෙඩි තැබුවේය.

    එම වෙඩි තැබීමෙන් නිවසේ කිසිවකුටත් අනතුරක් සිදු වූයේ නැත. වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සංජීවගේ බිරිය, දියණිය ඇතුළු ඥාතීන් පිරිසක් නිවසේ රැඳී සිට ඇත. ටී 56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර තිබුණු අතර හිස් පතුරම් කොපු තිහකට ආසන්න ප්‍රමාණයක් එම ස්ථානයේ තිබී පොලිසියට සොයා ගැනීමට හැකිවිය.

    අත්අඩංගුවට පත් වූ “ගනේමුල්ල සංජීව” හිටිවනම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට පත්වන්නේ මෙවැනි පසුබිමක් යටතේදීය.

    දැනටමත් “ගනේමුල්ල සංජීව” නැමැති අපරාධකරුව රඳවාගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දීර්ඝ ලෙස ප්‍රශ්න සිදුකරමින් සිටිති. ඒ අනුව ඔහු මේ රටට පැමිණි ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධ බරපතළ තොරතුරු එළියට ඇවිත් තිබේ. එය නිකුත් කර ඇත්තේ 2022.10.01 දිනයේය. මෙම බලපත්‍රය යොදා ගනිමින් යම් පුද්ගලයකු අගෝස්තු 30 ඉන්දියාවට ගොස් ඇත. ඉන් අනතුරුව එම පුද්ගලයා සැප්තැම්බර් මස 04 වැනිදා ඉන්දියාවෙන් කත්මණ්ඩු නුවර වෙත පැමිණ තිබේ. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ සැප්තැම්බර් 07 වැනිදා ඔහු කත්මණ්ඩු නුවරින් පිටවී ඇති බව පෙනෙන්නට තිබීමය.
    --
    ගයාන් සමරසිංහ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    එක බල්ලෙක් මේක ලපයක් වැඩක් කියන්නෑ

    බයියො වගේ අපිත් ආසයි බන් අපරාධකාරයොන්ට ලපයා ශොට් එක දෙනවා කියලා ගැම්මක් ගන්න. ගැම්ම ගන්න උදව් කරපන්කො
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    මුගේ ඉතිහාසේ, කරපුව අදාළ නෑ... මුව මැරුවේ උසාවියක් ඇතුලේ, ලෝයර් කෙනෙක් වගේ ඇවිත් (ලංකවේ පලවෙනි පාර නෙවෙයි එහෙම උනේ). මුව ගේන්නෙත් STF ගාර්ඩ් එක දාල..

    අන්න එකයි හොයන්න ඕනි, මේක ගම වල ඉඩම් හුටපටවලට පොල්ලෙන්, කැත්තෙන් ගහල මරනවා වගේ සින් නෙවෙයිනේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට...:confused::confused::confused::(

    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල... :angry: :angry: :angry:

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,300
    21,892
    113
    ටිරානයගේ කොන්ත්‍රාත් එකක්. ලපය ඕක හොයන්නේ නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,300
    21,892
    113
    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට...:confused::confused::confused::(

    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල... :angry: :angry: :angry:

    උබ පක්සේ මාරු කෙරුවද මිට්ටෝ?

    අංජනමක් බලලා වෙඩි තිබ්බ එකා අල්ලන්න කනප්පුවක් යැව්වොත් මොකද බන් ? :unsure:
    සීයා උසාවි හිල් කරලා ගිහින් නේද?
    ------ Post added on Feb 19, 2025 at 1:08 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    කවුරු මොනා කිව්වත් ශූටර් නම් ශුටර්
    රියල් වැඩ්ඩෙක් !
    අල්ලගන්න බැරිවුන නිසා ද ?:rofl:

    ශුට්ර් වැඩ්ඩෙක් නොවී අහු උනානම් උබ කියයි ද ශුට්ර් නම් වැඩ බැරි කබ්බෙක් කියලා ?
    එහෙනම් කියයි දැන් ජාතික ආරක්ෂාව තහවුරුයි කියලා 🤌 :rofl:
     
    • Haha
    Reactions: supun_sg

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    උගේ කෙහෙම්මල් පැටිකිරියක් අදාළ නැහැ , මෙතන රටේ ප්‍රශ්නේ උසාවියක් ඇතුලේ වෙඩි තියපු එක ,
    ඒකත් රටේ ප්‍රධාන උසාවියක , විශේෂ STF ආරක්ෂාව තියෙද්දී , check නොකර ඇතුලට අරන් තියෙන්නේ ,


    එක media පොන්නයෙක් ඇමතිගෙන් ඇහුවේ නැහැ ඒ ගැන .
    media පොන්න වෙන බයිලා ගහනව . උන් අහන ගොන් ප්‍රශ්න බලපන් ඇමතිගෙන් .

    චන්ද්‍රිකා , ප්‍රේමදාස/JR(පොනිලා ) ගේ කලේ තමයි ලංකාවේ පතලේ වැඩිම තිබ්බේ
    උසාවි ඇතුලේ මරණ එක සාමාන්‍ය දෙයක් ඒ කාලේ

    ගොටබය (ජනාදිපති වෙලා නෙමේ ඉස්සර) පොඩ්ඩක් අඩු කරා .(උන්ට support නැති උන්ව මාරුව එහෙම හරි අඩු උනා එළිපිට රන්ගිලි පොන්න පතලයෝන්ගේ ) උන් කරේ උන්ගේ උන්ට එළිපිට කරන්න එපා කියල මිනි මරන්න ඉඩ දුන්න එක උන්ගේ ඇති හොඳක් නැහැ ,

    ආයෙත් පඹය වැඩි කරලා දුන්න . අයෙත් යහපාලන කාලේ එළිපිට දඟලන්න ගත්ත .

    අනුරයා මේකට දැනට වග කියන්න ඕන නැහැ . කල් යන්න කලින් වැඩ කරොත් හරි .

    ලංකාවේ පතලේ ලොකුම supporter UAE කියන පොන්න රටේ ආණ්ඩුවේ .

    මාතර එකෙක් කළුතර උසාවියට ඇවිත් සාක්ෂි දෙන උන්ට වෙඩි තිබ්බ මතකද ?​


    https://elakiri.com/threads/මාතර-එක...න-උන්ට-වෙඩි-තිබ්බ-මතකද.2199528/#post-30552753
     

    AnuradhaRa

    Well-known member
  • Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උඹ උඹටම ගොතය කියාගන්නව නේද
    මට පොඩිකාලෙ ඉදන් ADHD ඒ හින්ද ගොතගැහෙනව වචන හිරවෙනව
    අවුරුදු තුනක් තෙරපි කරල සාමාන්‍ය මට්ටමක ඉන්නව. ඒත් සමහර වචන කියවෙන්නෙ නෑ තාමත්. අපෙ ඉස්කෝලෙ හිටිය උදිතා කියල ටීච කෙනෙක් ඒ නම කියවෙන්නෙම නෑ
    මං කීවෙ ඉතින් ගනන් ටීච කියල.
     
    • Love
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    පාස්පෝට් පෝලිම් වල ඉන්න දෙයක් නෑ. බඩු ගෙනැල්ලම දෙනවා. ඔය පොර පාස්පෝට් ඔෆිස් එකේ වැඩට ගන්න බෑද?
     
    • Like
    Reactions: AnuradhaRa