E-Club - මේක බලපන්කෝ

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    506
    334
    63
    Kelaniya
    "අප 2021/2022 තක්සේරු වර්ෂය වෙනුවෙන් රජයට ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් 43,457,379/- එනම් මිලියන 𝟒𝟑 කට වැඩි බද්දක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇත. (බදු විමසීම් සමාගම් අංක PV122779)"

    මුන් බදු විතරක් මෙච්චර ගෙව්වනම් ආදායම කොහොම වෙන්න ඇත්ද??? අහිංසක හීන වලින් කොහොම ගේමක් ගහල ඇත්ද? සංවාදයට විවෘතයි.

    source - E-Club FB Page

    𝐞𝐂𝐥𝐮𝐛 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 විසින් සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය.
    සමාජ මාධ්‍යජාල භාවිත කරමින් පසුගිය දිනවල කිහිප දෙනෙකු විසින් සංවිධානාත්මකව සහ ද්වේශ සහගතව සිදුකල සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය සම්බන්දයෙන් කෙරෙන විශේෂ ප්‍රකාශය.
    eClub Business College යනු 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට කටයුතු කරන සීමාසහිත පුද්ගලික සමාගමකි. 2017 වසරේදී සංස්ථාපනය කොට 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී සිසුන් පස් දෙනෙකුගෙන් පාඨමාලාවන් ආරම්භ කළ අප වසර හතරක් වැනි කෙටි කාලයක් තුළදී සිසුන් 80,000 ට වැඩි පිරිසකට ඉගැන්වීම් කරමින් විශාල සිසු ජනප්‍රසාදයක් ලබාගත් ආයතනයකි.
    සමාගම ආරම්භ කලේ තිදෙනෙකුගෙන් වන අතර ඔවුන් පහත පරිදි විය.
    01. රෝයි මැල්කම් පෙරේරා
    𝐌𝐚𝐧𝐚𝐠𝐢𝐧𝐠 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫
    𝑩.𝑪𝒐𝒎 (𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍) (𝑼𝑺𝑱), 𝑴𝑨𝑨𝑻, 𝑳𝑰𝑪𝑨
    02. දුලාජ් කුමාර
    𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫- 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧
    𝑩.𝑪𝒐𝒎 (𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍) 𝒊𝒏 𝑬𝒏𝒕𝒓𝒆𝒑𝒓𝒆𝒏𝒆𝒖𝒓𝒔𝒉𝒊𝒑 (𝑲𝒆𝒍’𝒚𝒂), 𝑪𝑰𝑴𝑨
    03.දිනිසු ඉන්ද්‍ර චාප
    (සා/පෙළ පෙනී සිටි)
    අධ්‍යාපන සුදුසුකම් වල පරතරයන්, ආකල්පමය පරතරයන්, පවුල් පසුබිම් වල පරතරයන්, අධ්‍යාපන ආයතනයකට නොගැලපෙන නොහොබිනා හැසිරීම්, අත්දැකීම් වල පරතරයන් වැනි හේතු නිසා දිනිසු ඉන්ද්‍රචාප නැමැත්තා සමග මෙම ආයතනය පවත්වාගෙන යාම ඉතා අසීරු කාරණයක් විය. එසේම මොහු අප ආයතනය තුල සිටියදීම ආයතනයට නොදන්වා පුද්ගලිකව ගාල්ල ප්‍රදේශයේ දී වෙනම ආයතනයක් ආරම්භ කර තිබූ නිසා මෙන්ම ඉහත සඳහන් කළ කරුණු හේතු කොටගෙන ඔහුව අප ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. එහිදී සියලුම නීතියානුකූල අවශ්‍යතාවයන් සපුරමින් එම මොහොතේ ආයතනය තිබූ මට්ටමට අනුව ගෙවිය යුතු මුදලටත් වඩා වැඩි මුදලක් (ලක්ශ 20ක්) ගෙවමින් නීතියානුකූලව ඉවත් කරන ලදී. එහිදී සියලු නීතියානුකූල ලියකියවිලි වල අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුගේම අත්අකුරින් ලියා අප හට ලබාදුන් ලිපියද මේ සමග පළකර ඇත.
    ඔහුගේ ඉවත් වීමෙන් පසු eClub Business College ආයතනය ඉතාමත්ම ඉහල දියුණුවක් ලැබූ අතර ආයතනයේ පාඨමාලා අධ්‍යයනය කළ සිසුන් ද ඔවුන්ගේ අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු ඉතාමත්ම ඉහල මට්ටමින් සාර්ථක කර ගන්නා ලදී. ඔහු ඉවත්වන මොහොත වන විට ආයතනය සතුව කිසිදු වත්කමක් නොතිබුනත් ඔහුගේ ඉවත් වීමෙන් පසු මිලියන 1,000 කට වැඩි වත්කම් සහිත ආයතනයක් බවට අද වන විට පත්කිරීමට අප සමත් වී සිටිමු.
    අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු ඉගැන්වීම් කරමින් ශ්‍රී ලාංකික තාරුණ්‍යය අන්තර්ජාල ව්‍යාපාර අවස්ථාවන්ට යොමුකරමින් ඔවුන්ගේ ජීවිත සාර්ථක කළා පමණක් නොව අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් එනම් Dollars ශ්‍රී ලංකාවට ගෙන එමින් අති විශාල කර්තව්‍යයක් අප ඉටු කරමින් සිටිමු.
    අප 2021/2022 තක්සේරු වර්ෂය වෙනුවෙන් රජයට ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් 43,457,379/- එනම් මිලියන 𝟒𝟑 කට වැඩි බද්දක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇත. (බදු විමසීම් සමාගම් අංක PV122779)

    ඒ අනුව අප ආයතනය රජයට විශාල බද්දක් ගෙවමින්, ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය Dollars වලින් උපයා දෙමින් ශ්‍රී ලාංකික තාරුන්‍යය නිවැරදිව අන්තර්ජාල ව්‍යවසායකත්වයට යොමු කරමින් ඔවුන්ගේ මනස ගොඩනැගීම සඳහා විවිධ වැඩමුළු සහ පාඨමාලාවන් සිදුකරමින් ශ්‍රී ලංකා රජයට මෙන්ම ශ්‍රී ලාංකික තරුණ පරපුරට විශාල මෙහෙයක් ඉටුකරමින් සිටී.
    වර්ථමානයේදී eClub Business College ආයතනය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් සහ දොළොස් දෙනෙකුගෙන් සමන්විත කළමණාකරන මණ්ඩලයකින් සහ විසි දෙනකුගෙන් සමන්විත විධායක කමිටුවකින් මෙහෙයවනු ලබන ආයතනයකි. මෙම සියලුම අය ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලවල මෙන්ම පිළිගත් වෙනත් වෘත්තීය ආයතන වල උපාධිධාරීන් මෙන්ම එම ක්ෂේත්‍ර වලට අදාල ඉතා ඉහළ අත්දැකීම් වලින් සමන්විත අය වෙයි.
    මීට අමතරව අපගේ පාඨමාලාවන් ඉගැන්වීම සඳහා 75 කට වැඩි පූර්ණ සුදුසුකම් ලැබූ උපාධිධාරී දේශක මඩුල්ලක් මෙන්ම 1,200 කට වැඩි පාඨමාලා උපදේශකවරුන් Course Consulting Officers( CCO) සහ 25 කට වැඩි අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ද සිටී.
    සෑම මොහොතකම අප ආයතනයේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ අපව විශ්වාස කර අප වෙත පැමිණෙන සිසුන් හට උපරිම සේවාවක් ලබා දීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට පාඨමාලාව අවසාන කිරීමෙන් පසු ද පුනරීක්ෂණ පන්ති මෙන්ම යාවත්කාලීන තොරතුරු ද ලබාදෙමින් වසරක කාලයක් නොමිලේ සේවා සපයනු ලැබේ.
    ආයතනයක් වශයෙන් අපට සිදු කළ හැක්කේ මෙසේ අපගේ සිසුන්හට උපරිම සේවාවක් ලබාදීම පමණි. එම සිසුන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔවුන්ගේ අවබෝධ කර ගැනීමේ හැකියාව, ඔවුන්ගේ කැපවීම, ඔවුන් මේ වෙනුවෙන් යොදවන කාලය සහ ඔවුන්ට තිබෙන වුවමනාව මතයි. එනම් සිසුන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන් කටයුතු කරන ආකාරය මතයි. සිසුන්ගෙ සාර්ථකත්වයට මෙන්ම අසාර්ථකත්වයට ද වැඩි වගකීමක් තිබෙන්නේ එම සිසුවා මතයි.
    දිනිසු ඉන්ද්‍රචාප නැමැත්තා අප ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් දිගින් දිගටම සමාජ මාධ්‍යජාල භාවිත කරමින් අප සම්බන්ධයෙන් කරන වැරදි ප්‍රකාශයන් සඳහා නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීමක් ලෙසට මෙය පළ කරන ලදී.
    තවදුරටත් අප ආයතනය සම්බන්ධයෙන් කුමන හෝ තොරතුරක් දැනගැනීමට ඕනෑම පාර්ශවයකට අවශ්‍ය නම් සදුදා හැර අනෙකුත් ඕනෑම දිනයක කාර්යාල වේලාවන් තුල දී අපගේ ආයතනයට පැමිණ නිවැරදි තොරතුරු ලබා ගන්නා ලෙසට අප ඉල්ලා සිටිමු.
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    506
    334
    63
    Kelaniya
    මුන් ෆිවර් ඒකට අරින සෙට් ඒක න‌ේද ?
    ඔව් උන් ටික තමයි
    Mark Wo Pyramid eka kalin karapu dial eka රෝයි මැල්කම් පෙරේරා
    :yes:
    අනේ අනේ අපිට මොකද අනුන්ගෙ පවුල් ප්‍රශ්න.
    මෙච්චර මෝඩ මිනිස්සුද ඉන්නෙ කියලා හිතුනේ බන් මේක දැක්කම.
    ඕවට සල්ලි ගෙවපු එවුන්ට ඡන්ද අයිතියකුත් තියෙනවනෙ
    සිරාවට බන් :lol:
    Tnx
     
    • Sad
    Reactions: Heshan Daminda

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,663
    113
    කොහොමත් ඕඩර්ස් නෑනෙ මට ඒකෙ. 😏
    වෙන ඒකවුන්ට් ඒකක් හදපන් :lol: පහුගිය කාලේ නිවාඩුවක් හම්බ උන වෙලාවේ මම නම් ඒන් ඒෆ් ටී වලින් 10000$ + හ‌ෙව්වා අලුත් ඒකවුන්ට් ඒකකින්. :lol: මාස‌ෙන්.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,074
    1,696
    113
    යාළුවෙක් මුන්ගෙ කමෙන්ට් එකකට 😂 දැම්මට දාලා තියෙන සද්දෙ 🤣

    IMG-20221116-WA0018.jpg
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    506
    334
    63
    Kelaniya
    වෙන ඒකවුන්ට් ඒකක් හදපන් :lol: පහුගිය කාලේ නිවාඩුවක් හම්බ උන වෙලාවේ මම නම් ඒන් ඒෆ් ටී වලින් 10000$ + හ‌ෙව්වා අලුත් ඒකවුන්ට් ඒකකින්. :lol: මාස‌ෙන්.
    Web dev. කරන කෙනෙක්ට NFT වලින් ගේමක් ගහ ගන්න බැරිද Fiverr එකේ ???

    යාළුවෙක් මුන්ගෙ කමෙන්ට් එකකට 😂 දැම්මට දාලා තියෙන සද්දෙ 🤣

    View attachment 189736
    kawda bn me dial eka??/
    ------ Post added on Nov 17, 2022 at 9:58 AM
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,663
    113
    Web dev. කරන කෙනෙක්ට NFT වලින් ගේමක් ගහ ගන්න බැරිද Fiverr එකේ ???
    මම කාලෙකින් ගියේ නෑ ඒ පැත්තේ. සමහර ෆිවර් ඒකවුන්ට් රැන්ක් වෙනවා මොන අඩුපාඩු තිබුනත්. සමහර ඒවට මලාට ඒන්නේ නෑ ඔඩර්. මැනුවලි ව‌ෙන ද‌ෙයක් නෙවෙයි ඒක. සමහර ඒකවුන්ට වලින් ම‌ොන ගිග් ඒක දැම්මත් ඔ්ඩර් ඒනවා. බ්ලැක්හැට් ම‌ෙතඩ් තියනවා දැන් නම් ඒවා වැඩද දන්නේ නෑ. Web dev පැත්තෙන් හොාද අවස්ථා තියෙනවා බලපන්. ම‌ෙටා ඒක්ක ඒහෙම රිසච් ඒකක් කරලා බලපන්. ඔඩර් ඒන්නේ නැත්නම් ඒකවුන්ට් ඒක මාරු කරන්න. ඒක ඒක කනෙක්ෂන් වලටත් කේස් ආවා ඉස්සර
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    506
    334
    63
    Kelaniya
    මම කාලෙකින් ගියේ නෑ ඒ පැත්තේ. සමහර ෆිවර් ඒකවුන්ට් රැන්ක් වෙනවා මොන අඩුපාඩු තිබුනත්. සමහර ඒවට මලාට ඒන්නේ නෑ ඔඩර්. මැනුවලි ව‌ෙන ද‌ෙයක් නෙවෙයි ඒක. සමහර ඒකවුන්ට වලින් ම‌ොන ගිග් ඒක දැම්මත් ඔ්ඩර් ඒනවා. බ්ලැක්හැට් ම‌ෙතඩ් තියනවා දැන් නම් ඒවා වැඩද දන්නේ නෑ. Web dev පැත්තෙන් හොාද අවස්ථා තියෙනවා බලපන්. ම‌ෙටා ඒක්ක ඒහෙම රිසච් ඒකක් කරලා බලපන්. ඔඩර් ඒන්නේ නැත්නම් ඒකවුන්ට් ඒක මාරු කරන්න. ඒක ඒක කනෙක්ෂන් වලටත් කේස් ආවා ඉස්සර
    Thanks mchn. Exam ekka busy me dawas tike. Free unama poddak hoyala balanna one.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    11,937
    25,245
    113
    03.දිනිසු ඉන්ද්‍ර චාප
    (සා/පෙළ පෙනී සිටි)
    අධ්‍යාපන සුදුසුකම් වල පරතරයන්, ආකල්පමය පරතරයන්, පවුල් පසුබිම් වල පරතරයන්, අධ්‍යාපන ආයතනයකට නොගැලපෙන නොහොබිනා හැසිරීම්, අත්දැකීම් වල පරතරයන් වැනි හේතු නිසා දිනිසු ඉන්ද්‍රචාප නැමැත්තා සමග මෙම ආයතනය පවත්වාගෙන යාම ඉතා අසීරු කාරණයක් විය.

    අඩු කුලේ එකෙක් කියලනේ කියන්නේ 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    28,274
    54,050
    113
    ඕකුන්ට කෙලවන්න නන් කරන්න ඕනි උන්ට මඩ ගහන එක නෙවෙයි දන්න උන් දන්න ඇටේ හරි අනික් උන්ට බලන්න පුලුවන් වෙන්න කොහෙක හරි දාන එක.

    කොහොමත් ඕඩර්ස් නෑනෙ මට ඒකෙ. 😏
    ආයෙ තොගෙ මූසල කමෙන්ට් දැක්කම කෙලින්ම ඩිස්ලයික් තමා. උබට නැති වෙන්නයි ඕකෙ ඉන්න අනික් උන්ට එන්නයි මොකද්ද වෙනස කියල හොයල ඒක කරපන්.
    ------ Post added on Nov 17, 2022 at 10:15 AM